2026 FIFA ලෝක කුසලාන තරඟාවලිය පාපන්දු ලෝලීන් වෙත ගෙන යාමට TikTok සූදානම්

Share

Share

Share

Share

අතිශය ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok, FIFA සමඟ වන ගෝලීය ගිවිසුමකට අනුව 2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා ලෝලීන් වෙත ගෙන යාමට කටයුතු කර ඇත. ඒ තුලින් ලෝක කුසලානයේ රසමුසු තැන් සමඟින් උද්වේගකර ක්‍රීඩාවේ චමත්කාරය ක්‍රීඩා ලෝලීන් වෙත ගෙන යාමට TikTok සමත් වනු ඇත්තේ පාපන්දු ලෝලීන් වෙත නවමු අත්දැකීමක් එක් කරමිනි.

2026 වසර අවසානය දක්වා වන මෙම හවුල්කාරීත්වය තුලින් ලොව විශාලතම පාපන්දු තරඟාවලිය ඩිජිටල් අවකාශය ඔස්සේ සජීවීව රස විඳීමට හැකි වේ. සජීවී තරග විකාශයෙන් නොනැවතී රසිකයින් හා නිර්මාණකරුවන් සම්බන්ධ කරමින් තවත් සුවිසල් කාර්යභාරයක් ද මෙහිදී TikTok විසින් සිදු කරනු ඇත.

මෙම සහයෝගීතාව තුලින් වඩා ඉහළ ප්‍රේක්ෂක පිරිසක් වෙත FIFA ලෝක කුසලාන අසිරිය ගෙන යාමට හැකි වන අතර නිර්මාණකරුවන්ට සහ රසිකයින්ට අදහස් බෙදාහදා ගැනීමටද කදිම අවස්ථාවක් නිර්මාණය කර දෙනු නිසැකය.

මීට පෙර 2023 FIFA කාන්තා ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය වෙනුවෙන් TikTok සහ FIFA එක් විය. ඩිජිටල් අවකාශය තුලින් ක්‍රීඩාශීලීත්වය අත්විඳීමේ අත්දැකීම් ඉහළ නැංවීමට එම සහයෝගීතාව සමත් වූයේ ගෝලීය වශයෙන් බිලියන ගණනක නරඹන්නන් එක් කර ගනිමිනි.

මෙහිදී TikTok GamePlan හරහා පරිශීලකයින් හා ක්‍රීඩා ලෝලීන් සමඟ සම්බන්ධ වෙමින් තරඟ ටිකට්පත් හා තරඟ තොරතුරු මෙන්ම ස්ටිකර්, ෆිල්ටර් සහ ක්‍රීඩා විශේෂාංග න්‍ැනි විශේෂාංග පරිශීලකයින් වෙත ලබා දීමට නියමිතය. ඒ තුලින් කණ්ඩායම් 48ක හැකියාවන් හා දක්ෂතාවයන් ඇතුළත් ආකර්ෂණීය අන්තර්ගතයන් දැක ගැනීමට රසිකයින්ට හැකි වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ FIFA හි මහලේකම් Mattias Grafström මහතා “2026 FIFA ලෝක කුසලාන තරඟාවලියේ චමත්කාරය ලොව පුරා විශාල ප්‍රේක්ෂක ප්‍රජාවක් වෙත ලබා දීමට අපි අරමුණු කරගෙන තිබෙනවා. ඒ සඳහා හොඳම වේදිකාවක් ලෙස TikTok සඳහන් කළ හැකියි.” යනුවෙන් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ TikTok හි අන්තර්ගතයන් පිළිබඳ ගෝලීය ප්‍රධානී James Stafford මහතා සඳහන් කර සිටියේ “පසුගිය වසර කිහිපය තුළ පාපන්දු ක්‍රීඩාව රසිකයින් වෙත ගෙන යමින් හි ජනප්‍රියත්වය තව දුරටත් ඉහළ නැංවීමට TikTok සමත් වුණා. මෙවර තරගාවලියේදී තරග විකාශය සඳහා පමණක් නොව TikTok GamePlan හරහා ක්‍රීඩා හවුල්කරුවන්ට තමන්ගේ රසිකයින් වෙත සමීප වීමටත් හැකියාව උදා වනවා.” යනුවෙනි.

එසේම මෙම හවුල්කාරීත්වය යටතේ ප්‍රථම වරට ගෝලීය නිර්මාණකරු වැඩසටහන හඳුන්වා දීමටද TikTok සහ කටයුතු කර ඇත. තවද තෝරාගත් නිර්මාණකරුවන් හට මාධ්‍ය සාකච්ඡා සහ පුහුණු සැසි ඇතුලු බොහෝ දේ සඳහා සම්බන්ධ වීමේ අවස්ථාවද මෙහිදී උදා කර දෙනු ඇත. නිර්මාණකරුවන් රැසකට FIFA හි විශේෂ දර්ශන භාවිතයෙන් අන්තර්ගතයන් නිර්මාණය කිරීමට අවස්ථාව උදා වීමද ලෝක කුසලානයේ සුවිශේෂී දසුන් නැරඹීමේ හැකියාවද මෙහිදී උදා වනු ඇත.

BYD ඉතිහාසයේ ප්‍රථම වරට මෝටර්...
TikTok හරහා මැණික් ගැන ලෝකෙටම...
எல்.பி.எல் 2026: உள்ளூர், சர்வதேச நட்சத்திர...
Samsung Sri Lanka Celebrates the...
Father’s Day Special: Meet the...
ජනශක්ති ෆිනෑන්ස් සමාගම ලාභදායීත්වය වැඩිදියුණු...
MAS Linea Intimo විසින් නිර්මාණය...
Sri Lanka’s IMF review: Stabilisation...
ජනශක්ති ෆිනෑන්ස් සමාගම ලාභදායීත්වය වැඩිදියුණු...
MAS Linea Intimo විසින් නිර්මාණය...
Sri Lanka’s IMF review: Stabilisation...
පසුගිය වසරේදී ආයතනවලින් 71%කට අවම...