Janashakthi Life සමාගමේ GWP අගය රු. බිලියන 2.6 දක්වා 42% කින් වර්ධනය වී වෙළදපොළ ප්‍රාග්ධනීකරණය 70% කින් ඉහළ යයි

Share

Share

Share

Share

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමය මෙන්ම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life 2026 වසරට සාර්ථක ආරම්භයක් ලබාගනිමින්, පසුගිය කාර්තුව තුළ ප්‍රධාන මූල්‍ය හා මෙහෙයුම් දර්ශක තුළ ශක්තිමත් ප්‍රතිඵල වාර්තා කිරීමට සමත් වී ඇත. සමාගමේ GWP (Gross Written Premiums) අගය රු. බිලියන 2.6 ක් වූ අතර, එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 42% ක වර්ධනයකි. මෙම කාර්ය සාධනය වෙළඳපොළේ ඉල්ලුම අඛණ්ඩව පැවතීම, බෙදාහැරීම් කාර්යක්ෂමතාව වර්ධනය වීම සහ ජනශක්ති රක්ෂණ විසඳුම් සම්බන්ධයෙන් ජනතාව තුළ අඛණ්ඩ විශ්වාසයක් පැවතීම වැනි සාධක පිළිබිඹු කරයි.

මෙම සමාලෝචනයට අදාළ කාලපරිච්ඡේදය අවසානයේ සමාගමේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය (Market Capitalization) පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. බිලියන 17 ට සාපේක්ෂව රු. බිලියන 29 දක්වා ඉහළ ගොස් තිබේ. මෙය කොටස් හිමිකරුවන්ට ඉහළ ප්‍රතිලාභ පිරිනමන සන්නාමයක් වශයෙන් Janashakthi Life සම්බන්ධයෙන් ආයෝජකයන් තුළ ඇති විශ්වාසය මැනැවින් නිරූපණය කරන්නකි. 2025 වසරේ පළමු කාර්තුවේදී රු. 73.6 ක් වූ කොටස් මිල, 2026 පළමු කාර්තුවේදී රු. 127.7 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙය කොටස් හිමියන්ගේ හිමිකම් (Shareholder Equity) අගයට සාපේක්ෂව 1.72 ගුණයක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක් පිළිබිඹු කරයි.

සමාගමේ මූල්‍ය ශක්තිය තවදුරටත් ශක්තිමත් වී ඇති අතර, සමස්ත වත්කම් වටිනාකම රු. බිලියන 41 දක්වා ඉහළ ගොස් තිබේ. මෙය ස්ථාවර මූල්‍යමය පදනමක් සමඟින් දීර්ඝකාලීන වර්ධනයක් සඳහා අවශ්‍ය ශක්තිය සමාගම සතු බවට මනා සාක්ෂියකි.

පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව මෙම කාර්තුව තුළ සමාගමේ නව රක්ෂණ නිකුත් කිරීම 25% ක් වැනි සැලකිය යුතු අගයකින් වර්ධනය වී තිබේ. පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීමේ ක්‍රමෝපායන් වැඩිදියුණු කිරීම සහ බෙදාහැරීම් ජාලය තවදුරටත් කාර්යක්ෂම කිරීම තුළින් මෙම සාර්ථකත්වය අත්කර ගැනීමට හැකි වී ඇත. මෙම කාලපරිච්ඡේදය තුළ හිමිකම් මුදල් සහ ප්‍රතිලාභ ගෙවීම් 26% කින් වර්ධනය වී රු. බිලියන 985.8 ක් ලෙස වාර්තා වී ඇති අතර, ආයුගණක කටයුතු නිවැරදිව සිදුකරන අතරම රක්ෂණ හිමියන්ට කඩිනමින් සහ විශ්වාසනීය ලෙස තම වගකීම් ඉටුකිරීම සඳහා සමාගම දක්වන උනන්දුව මින් පිළිබිඹු වේ.

“මෙම කාර්තුවේ කාර්ය සාධනය, ශක්තිමත් රක්ෂණ ව්‍යාපාරයක් ගොඩනැංවීම සඳහා අප අනුගමනය කරන සැලසුම් සහගත සහ ක්‍රමානුකූල ප්‍රවේශය මැනැවින් පිළිබිඹු කරනවා. සමාගමේ වාරික ආදායම 42% කින් වර්ධනය වී තිබීම යනු සැලසුම් විධිමත්ව ක්‍රියාවට නැංවීම, ආයතනික පාලනය ශක්තිමත් කිරීම සහ රක්ෂණ හිමියන්ට නිසි ප්‍රතිලාභ පිරිනැමීම සිදුකරන අතරම මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා අප දරන උත්සාහය සාර්ථක වී ඇති බවට මනා සාක්ෂියක්.” Janashakthi Insurance PLC සමාගමේ සභාපතිනිය වන අනිකා සේනානායක මහත්මිය පැවසුවාය.

“2026 පළමු කාර්තුවේ ප්‍රතිඵල අපගේ ක්‍රමෝපායික දිශානතියේ සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාවේ ශක්තිය හොඳින් පෙන්නුම් කරනවා.

ගනුදෙනුකරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීම සහ බෙදාහැරීම් කටයුතු වැඩිදියුණු කිරීම තුළින් ව්‍යාපාර කටයුතුවල කැපීපෙනෙන වර්ධනයක් ඇති වී තිබෙන බව පැහැදිලියි. මීට සමගාමීව අප සැලකිලිමත් ලෙස අවදානම් දැරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම තුළින් පැහැදිලි හා තිරසාර ප්‍රතිඵල අත්කර ගනිමින් සිටිනවා. 2026 වසරේ පළමු කාර්තුව අවසානයේදී වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය 70% කින් වර්ධනය වීම තුළින් ආයෝජකයන්ගේ විශ්වාසය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බවක් අපට නිරීක්ෂණය වුණා. එමෙන්ම ක්ෂේත්‍රයේ සාමාන්‍ය වර්ධන අගයන්ට වඩා ඉහළ වර්ධන මට්ටමක් පෙන්නුම් කිරීමටත් අපට හැකි වී තිබෙනවා.” Janashakthi Insurance PLC සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා පැවසීය.

තිරසාර වර්ධනය, මූල්‍යමය විචාරශීලීත්වය සහ පාර්ශ්වකරුවන් වෙනුවෙන් දීර්ඝකාලීන ප්‍රතිලාභ පිරිනැමීම ඔස්සේ කැපීපෙනෙන දියුණුවක් අත්කර ගනිමින් ශ්‍රී ලංකාවේ ක්‍රමයෙන් විකාශනය වන රක්ෂණ ක්ෂේත්‍රය තුළ තමන්ට හිමි ස්ථානය තවදුරටත් තහවුරු කරගැනීමට Janashakthi Insurance PLC සමාගම සමත් වී ඇති බව මෙම මූල්‍ය ප්‍රතිඵල මඟින් පැහැදිලි වේ.

Janashakthi Life පිළිබඳව
1994 වසරේදී ජීවිත රක්ෂණ සමාගමක් ලෙස ආරම්භ වූ Janashakthi Insurance PLC (Janashakthi Life) වසර 30 කට අධික උරුමයක් සමගින් මෙරටට නව්‍ය ජීවිත රක්ෂණ විසඳුම් හඳුන්වා දෙන, දොරින් දොර කියැවෙන නාමයක් බවට පත්වීමට සමත් වී තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ බලපත්‍රලාභී ජීවිත රක්ෂණ සමාගමක් වන Janashakthi Insurance PLC මේ වන විට දිවයින පුරා ශාඛා 76 කට අධික සංඛ්‍යාවක් පිහිටුවා ඇත. “Uplifting lives and empowering dreams” (‘ජිවිතයන් නඟා සිටුවීම සහ සිහිනයන් බලගැන්වීම’) යන ආයතනික අරමුණට සමගාමීව සිය ගනුදෙනුකරුවන්ට සහ සියලුම හවුල්කරුවන්ට රක්ෂණ ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට ගිය විශිෂ්ට සේවාවක් සලසමින් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වීම එම සමාගමේ අරමුණ වී තිබේ.
Janashakthi Insurance PLC – https://www.janashakthi.com/

‘’CocoBunny Family’’ එක්ක TikTok හොල්ලන...
Huawei and Partners Receive GSMA...
ஏழாவது ஆண்டாக உலகளாவிய Gaming Monitor...
2026 LPL ක්‍රීඩක වෙන්දේසියේ නිල...
Sunshine Holdings delivers 11.2% top...
Janashakthi Life සමාගමේ GWP අගය...
லங்கா பிறீமியர் லீக் 2026: ஐந்து...
CIC Holdings delivers over 24%...
Janashakthi Life සමාගමේ GWP අගය...
லங்கா பிறீமியர் லீக் 2026: ஐந்து...
CIC Holdings delivers over 24%...
SLT-MOBITEL PEOTV ලංකා ප්‍රිමියර් ලීග්...