TikTok 2026 පළමු කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ වාර්තාව එළි දක්වයි

Share

Share

Share

Share

TikTok සමාගම සිය පරිශීලකයන් වෙනුවෙන් ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ කැපවීම ප්‍රදර්ශනය කරමින්, 2026 වසරේ පළමු කාර්තුවට අදාළ ප්‍රජා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේ වාර්තාව පසුගියදා නිකුත් කරනු ලැබීය. 2026 ජනවාරි සිට මාර්තු දක්වා කාලය ආවරණය වන පරිදි නිර්මාණය කර ඇති මෙම වාර්තාව මඟින් ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කරන අන්තර්ගතයන් හඳුනාගෙන පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා TikTok ආයතනය ගෙන ඇති පූර්ව ආරක්ෂණ පියවර පියවර පිළිබඳ විස්තර කර ඇත. එමඟින් ගෝලීය පරිශීලක ප්‍රජාවට වඩාත් යහපත් අත්දැකීමක් සහතික කිරීමටද ඔවුන් කටයුතු කර ඇත.

TikTok ඉවත් කර ඇති අතර, ඉන් බහුතරයක්ම මිනිස් මැදිහත්වීමකින් තොරව ස්වයංක්රීයව හඳුනාගෙන තිබීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, නැවත පරීක්ෂා කිරීමෙන් පසු වැරදීමකින් ඉවත් වූ වීඩියෝ මිලියන 8 කට වැඩි ප්‍රමාණයක් නැවත ලබා දීමටද මෙහිදී කටයුතු කර ඇත.
TikTok හි AI මඟින් ක්‍රියාත්මක වන අන්තර්ගත පාලන පද්ධති අද වන විට වඩාත් දියුණුවට පත්ව ඇති අතර එමඟින් නීති උල්ලංඝනය කරන වීඩියෝ මෙන්ම පද්ධතියේ පවතින පැරණි වීඩියෝද ඉතා නිවැරදිව හඳුනාගෙන ඉවත් කිරීමට හැකියාව ලැබී ඇත.

මීට අමතරව, අපහාසාත්මක හෝ නුසුදුසු අදහස් සීමා කිරීම කෙරෙහි අවධානය යොමු කළ දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් අනිසි අදහස් දැක්වීම් පද්ධතියෙන් ඉවත් කිරීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. ඒ අනුව 2025 වසරේ සිව්වන කාර්තුවේදී ඉවත් කරන ලද comments 218,793,572 හා සසඳන විට, මෙම කාර්තුව තුළ ලොව පුරා සමස්ත comments 237,517,128 ක් TikTok පද්ධතියෙන් ඉවත් කර තිබේ.

නීති උල්ලංඝනය කරන අන්තර්ගතයන් පරිශීලකයන් විසින් වාර්තා කිරීමට පෙරම හඳුනාගෙන ඉවත් කිරීමේ ප්‍රතිශතය 99.3% ක් තරම් ඉහළ අගයක පැවති අතර, ඉන් 94.4% ක ප්‍රමාණයක් අප්ලෝඩ් කර පැය 24 ක් ඇතුළත ඉවත් කිරීමට TikTok සමත්වී ඇත. එමෙන්ම, විශ්වාසවන්තභාවය සහ ආරක්ෂාව සුරැකීම වෙනුවෙන් මෙම කාර්තුව තුළදී ව්‍යාජ ගිණුම් 86,288,705 ක් සහ වයස අවුරුදු 13 ට අඩු දරුවන්ට අයත් යැයි සැක කෙරෙන තවත් ගිණුම් 25,764,372 ක් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට TikTok කටයුතු කර ඇත.

මෙම වාර්තාවට අනුව, ඉවත් කරන ලද සමස්ත වීඩියෝවලින් 18.6%ක්ම TikTok හි අන්තර්ගත ප්‍රතිපත්තිවලට නොගැළපෙන සංවේදී හෝ වැඩිහිටියන්ට පමණක් සුදුසු තේමාවන් ඇතුළත් ඒවා වේ. තවත් 12.6%ක් වේදිකාවේ ආරක්ෂාව සහ විනීතභාවය පිළිබඳ ප්‍රමිතීන් උල්ලංඝනය කර තිබුණි. එමෙන්ම ඉවත් කළ වීඩියෝවලින් 16.5%ක් අනතුරුදායක ක්‍රියාකාරකම් සහ අභියෝග ඇතුළත් ඒවා ලෙස හඳුනාගෙන ඇති අතර, 12.9%ක් ශරීරය නිරාවරණය කිරීම් සහ ලිංගික හැසිරීම්වලට අදාළ ඒවා වන අතර සකස් කරන ලද මාධ්ය සහ AI මඟින් නිර්මාණය කරන ලද ව්‍යාජ අන්තර්ගතයන් (AIGC) ලෙස සනිටුහන් වූ වීඩියෝ 2.1%ක්ද පද්ධතියෙන් ඉවත් කර ඇත.

ප්‍රජා මාර්ගෝපදේශ ක්රියාත්මක කිරීමේ වාර්තාව කලින් කලට ප්‍රකාශයට පත් කිරීම මඟින්, අන්තර්ගතයන් සහ ගිණුම් සම්බන්ධයෙන් ගනු ලබන පියවරයන්හි ස්වභාවය සහ එහි ප්රමාණය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා දෙයි, එමඟින් පූර්ණ විනිවිදභාවයක් පවත්වා ගැනීමට TikTok ආයතනය සතු කැපවීම මනාව පැහැදිලි වේ. 2026 පළමු කාර්තු වාර්තාව පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනීමට සහ TikTok හි අන්තර්ගත මාර්ගෝපදේශ, මෙවලම් සහ ප්‍රතිපත්ති පිළිබඳව වැඩිදුර ඉගෙන ගැනීමට, ඉංග්‍රීසි භාෂාවෙන් ලබාගත හැකි ඔවුන්ගේ නිල Transparency Centre වෙබ් අඩවියට පිවිසිය හැකිය.

TikTok 2026 පළමු කාර්තුවේ ප්‍රජා...
ITC Ratnadipa Secures Coveted ‘Sustainable...
LPL තරඟාවලිය ශ්‍රී ලංකාවේ අනාගත...
ITC Ratnadipa Introduces Rūhāniyat, an...
JKCG Auto and Green EV...
කලාපීය වර්ධනය ශක්තිමත් කිරීම සඳහා...
“இலங்கையின் இளம் வீரர்களை பட்டை தீட்ட...
නව ජවයකින් සහ නව මුහුණුවරකින්...
කලාපීය වර්ධනය ශක්තිමත් කිරීම සඳහා...
“இலங்கையின் இளம் வீரர்களை பட்டை தீட்ட...
නව ජවයකින් සහ නව මුහුණුවරකින්...
Prime Lands Residencies සමාගමේ ‘The...