ඉන්දීය ක්රීඩා ලෝලීන්ට ජූලි 17 වනදා සිට LPL තරඟාවලිය සජීවීව ඩිජිටල් මාධ්ය ඔස්සේ නැරඹීමට අවස්ථාව හිමි වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය T20 ක්‍රිකට් තරඟාවලිය වන ලංකා ප්‍රීමියර් ලීග් හි 6 වන අදියර ඉන්දියාවේ ඩිජිටල් විකාශන හවුල්කරුවා ලෙස FanCode ආයතනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 2026 ජූලි 17 සිට අගෝස්තු 8 දක්වා පැවැත්වීමට නියමිත මෙම තරඟාවලියේ සියලුම තරඟ, ඉන්දීය උපමහාද්වීපය පුරා සිටින මිලියන සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් වෙත සජීවීව සමීප කිරීමට මෙම හවුල්කාරිත්වය කටයුතු කරනු ඇත.
IPG සමාගමේ වාණිජ අයිතිය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන, LPL තරඟාවලිය දකුණු ආසියාවේ ප්‍රමුඛතම තරඟාවලියක් ලෙස පිළිගැනීමට ලක්ව ඇත. ඒ නිසාම පසුගිය වරට වඩා 65% ක ප්‍රේක්ෂක වර්ධනයක් අත්කර ගනිමින්, ඉන්දියාව තුළ ඉහළ ඩිජිටල් රසික ප්රජාවක් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් FanCode සමඟ වන මෙම හවුල්කාරිත්වය ඇති කරගෙන තිබේ.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් LPL තරඟාවලියේ නිල හිමිකම දරන IPG සමූහයේ නිර්මාතෘ සහ ප්රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා පවසා සිටියේ “ලෝකයේ ක්‍රිකට් ක්රීඩාවට වැඩි උනන්දුවක් දක්වන ක්‍රිකට් ලෝලීන් පිරිසක් ජීවත් වෙන්නේ ඉන්දීය උපමහාද්වීපයේයි. ඒ නිසා එහි අපගේ ඩිජිටල් වෙළෙඳපොළ ඉහළ නැංවීම LPL තරඟාවලියේ ප්රධානතම අවශ්යතාවයක් ලෙස පෙන්වා දිය හැකියි. FanCode ආයතනය සමඟ අත්වැල් බැඳගැනීම තුලින් ඉතා උසස්, පහසු සහ අන්තර්ක්රියාකාරී නැරඹුම් අත්දැකීමක් රසිකයන්ට ලබාදීමට හැකියාව උදා වනවා. අපගේ 6 වන තරඟාවලියට එක්ව සිටින ජාත්යන්තර සුපිරි ක්රීඩකයන්ගේ උද්වේගකර T20 තරඟ රටාව මිලියන සංඛ්යාත රසිකයන් වෙත රැගෙන යාමට ඔවුන්ගේ මෙම ඩිජිටල් තාක්ෂණය මනාව ගැළපෙනවා.” යනුවෙනි.
මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් FanCode හි සම-නිර්මාතෘ Prasana Krishnan මහතා “ලංකා ප්රිමියර් ලීග් තරඟාවලිය සමඟ පවතින අපගේ හවුල්කාරිත්වය අඛණ්ඩව ඉදිරියට රැගෙන යාමට ලැබීම පිළිබඳව බෙහෙවින් සතුටු වෙනවා. මෙය ගෝලීය ක්රිකට් දින දර්ශනය තුළ ඉතාමත් තරඟකාරී තරඟාවලියක් ලෙස ජනප්රියත්වයට පත්ව තිබෙනවා. එය FanCode සතු ක්රිකට් විකාශන එකතුව තවදුරටත් ශක්තිමත් කිරීමටද හේතු වනවා. ශ්රී ලංකාවේ සුපිරි තරු සහ ජාත්යන්තර ප්රමුඛ පෙළේ ක්රීඩකයන්ගේ දක්ෂතා රැගත් LPL 2026 තරඟාවලිය ඉන්දීය ක්රිකට් ලෝලීන්ගේ ආකර්ෂනය දිනාගනු ඇති අතර එහි සියලු සජීවීතරඟ FanCode ඔස්සේ ඔවුන් වෙත රැගෙන ඒමට ලැබීම අප මහත් සතුටින් පිළිගනු ලබනවා” යනුවෙන් පැවසීය.
මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ප්රමුඛතම ක්රිකට් ක්රීඩකයන් 62 දෙනෙකු සහ ජාත්යන්තර සුපිරි තරු 32 දෙනෙකු කණ්ඩායම් පහක් යටතේ ක්රීඩා කිරීමට නියමිතය. එම කණ්ඩායම් වන්නේ Colombo Kaps, Dambulla Sixers, Galle Gallants, Kandy Royals සහ වත්මන් ශූරයන් වන SC Jaffna Kings ය. ඉන්දියාවේ පළපුරුදු තුන්ඉරියව් ක්රීඩක විජයි ශන්කර් මෙවර Kandy Royals කණ්ඩායම වෙනුවෙන් සිය ප්රථම LPL තරඟාවලියට ක්රීඩා කිරීමට නියමිත බැවින්, ඉන්දීය ක්රීඩා ලෝලීන්ට මෙවර තරඟාවලිය ඉතා විශේෂ වේ. මීට අමතරව මොයින් අලි, ජිමී නීෂම් , ශකීබ් අල් හසන්, ටස්කින් අහමඩ්, වනිඳු හසරංග සහ ඇන්ජලෝ මැතිව්ස් වැනි ලෝක පූජිත ක්රීඩකයන් රැසක් මෙවර තරඟාවලියට එක්වෙති.
මෙවර තරඟාවලියට එක්වන කණ්ඩායම් double round-robin ක්රමවේදයට අනුව මූලික වටයේදී එකිනෙකා සමඟ තරඟ දෙක බැගින් ක්රීඩා කරන අතර, ඉන්පසු තීරණාත්මක පිළිමළුන් පිටුදැකීමේ වටයට ඇතුලත් වේ. FanCode හරහා ඉන්දියාව පුරා පෙර නොවූ විරූ අයුරින් ඩිජිටල් තාක්ෂණය තුලින් තරඟය නැරඹීමේ හැකියාවලැබීම හේතුවෙව් මෙවර ලංකා ප්රිමියර් ලීග් ඉතිහාසයේ ගෝලීය ව්යාප්තිය සහ වාණිජමය දියුණුව සනිටුහන් කරන සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වනු ඇත.




