HNB TxB ගනුදෙනුකරුවන්ට LankaPay හරහා සියලුම රාජ්‍ය ආයතනික බිල්පත් ගෙවීම් එකම ඩිජිටල් වේදිකාවක් හරහා සිදුකිරීමේ පහසුව

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව LankaPay මාර්ගගත ගෙවීම් පද්ධතිය හා සම්බන්ධ සියලුම රාජ්‍ය ආයතන වෙත අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවීමේ පහසුකම සිය HNB TxB ඩිජිටල් වේදිකාව හරහා සක්‍රීය කර ඇත. 2026 සැප්තැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක වන මෙම සේවාව මඟින්, සුළු හා මධ්‍ය පරිමාණ, ව්‍යාපාරික බැංකුකරණ, නැගී එන සහ මහා පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍ර නියෝජනය කරන සියලුම HNB TxB ගනුදෙනුකරුවන්ට රජයේ සහ නියාමන ආයතන වෙත කළ යුතු ගෙවීම් එකම ඩිජිටල් ද්වාරයක් හරහා ඉතා පහසුවෙන් සිදු කිරීමට අවස්ථාව උදාවේ.

මේ යටතේ HNB TxB හරහා සෘජුවම ගෙවීම් කළ හැකි ප්‍රධාන රාජ්‍ය ආයතන අතරට ශ්‍රී ලංකා රේගුව (ASYCUDA පද්ධතිය), ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), මධ්‍යම තැන්පතු ක්‍රමය, වාණිජ දෙපාර්තමේන්තුව, ධීවර දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, සේවක අර්ථසාධක අරමුදල (EPF), ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) සහ GovPay ජාලයට සම්බන්ධ කර ඇති සියලුම රාජ්‍ය ආයතන 306 ම ඇතුළත් වේ. මෙමඟින් සියලුම ගෙවීම් එකම සුරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ ක්ෂණිකව පියවීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලැබේ.

මෙම නව හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ “මෙම නව පියවර හරහා, සුළු හා මධ්‍ය පරිමාණයේ සිට මහා පරිමාණ සමාගම් දක්වා වන සෑම HNB TxB ගනුදෙනුකරුවෙකුටම රජයේ සහ නියාමන ආයතන රැසක් වෙත කළ යුතු සියලුම ගෙවීම් එකම ද්වාරයක් හරහා සිදු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙමඟින් මින් පෙර පැවති සාම්ප්‍රදායික ලිපි ලේඛන පියවර මඟහැරෙන අතර, ගනුදෙනු සහ ගිණුම් කටයුතු සසඳා බැලීම ඉතා වේගවත් හා පහසු කරවන එක් ඒකාබද්ධ ඩිජිටල් පද්ධතියක් ව්‍යාපාරිකයන් වෙත හිමිවනවා. ඉදිරියේදී තවත් රාජ්‍ය ආයතන පූර්ණ ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයන් වෙත යොමුවන විට, අපගේ ගනුදෙනුකරුවන්ට HNB TxB වේදිකාව ඔස්සේ ඉතා පහසුවෙන් එම වෙනසට අනුගත වීමට අවස්ථාව සැලසෙනවා.” යනුවෙනි.

මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් LankaPay ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා සඳහන් කළේ “ව්‍යාපාරිකයින්ට මෙන්ම මහජනතාවට ද සුරක්ෂිතව සහ ක්ෂණිකව රාජ්‍ය ආයතන වෙත ගෙවීම් සිදු කිරීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් අප 2017 වසරේදී ලංකාපේ මාර්ගගත ගෙවීම් පද්ධතිය හඳුන්වා දුන්නා. HNB, සියලුම ලියාපදිංචි බිල්පත්කරුවන් තම ගනුදෙනු බැංකුකරණ වේදිකාවට රැගෙන ඒම තුළින්, බැංකුවේ සමස්ත ව්‍යාපාරික ගනුදෙනුකාර පිරිස වෙතම මෙම සේවාව වඩාත් විවෘත වනවා. මෙය රාජ්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට මෙන්ම, පූර්ණ ඩිජිටල්කරණය වූ ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව යන ගමන ශක්තිමත් කිරීමට තැබූ ඉතා සුබවාදී පියවරක්.” යනුවෙනි.

HNB TxB ගනුදෙනුකරුවන්ට LankaPay හරහා...
The Italian Table: An Evening...
සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම්...
ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම තුළින්...
First Capital secures three awards...
Home to Us. A Wonder...
LANKATILES Brings Surface, Form and...
Samsung Sri Lanka Unveils New...
Home to Us. A Wonder...
LANKATILES Brings Surface, Form and...
Samsung Sri Lanka Unveils New...
உலக சுற்றுலா தினம் 2026: இலங்கையின்...