පසුගියදා නිමාව දුටු 2026 Sri Lanka AI Week උලෙළේදී, එදිනෙදා මානුෂීය අත්දැකීම්, පාරිභෝගික සේවා, ව්‍යාපාරික කටයුතු, මහා පරිමාණ කර්මාන්ත, රාජ්‍ය මෙහෙයුම්, ජාතික යටිතල පහසුකම් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා යොදා ගත හැකි අතිනවීන AI යෙදවුම් මාලාවක් නිල වශයෙන් ප්‍රදර්ශනය කිරීමට Huawei කටයුතු කරන ලදී.
මෙරට නිල AI තාක්ෂණික හවුල්කරුවා වන Huawei සමාගම, 2025 වසරේ පැවැත්වුණු සමාරම්භක ජාතික AI ප්‍රදර්ශනයෙන් පසුව, අඛණ්ඩව දෙවන වරට පවත්වනු ලැබූ සුවිශේෂී ජාතික තාක්ෂණික වැඩසටහන එක්වෙමින් එදිනෙදා ප්‍රායෝගික වටපිටාවන් සහ ව්‍යාපාරික මෙහෙයුම් සඳහා සෘජුවම භාවිත කළ හැකි අතිනවීන ප්‍රායෝගික AI යෙදුම් 18ක් ගෙන හැර දැක්වීමට සමත් විය.
එදිනෙදා ජීවිතයේ මානව අත්දැකීම් තාක්ෂණය ඔස්සේ තවදුරටත් සරල කිරීම සඳහා Huawei සමාගම විසින් ලොව සුප්‍රසිද්ධ iFLYTEK ආයතනය සමඟ එක්ව නිර්මාණය කළ AI Digital Human මෙහිදී ප්‍රදර්ශනය කරන ලදී. එමඟින් භාෂා රැසකින් දවසේ පැය 24 පුරාම ස්වයංක්‍රීය පාරිභෝගික සේවාවක් සැපයීමට හැකිවීම විශේෂත්වයකි. එසේම ආයතනවල පිළිගැනීමේ නිලධාරී කුටි සහ පාරිභෝගික සේවා මධ්‍යස්ථානවලදී විවිධ භාෂාවලින් කතාකරන පුද්ගලයන් අතර සජීවීව ක්ෂණික පරිවර්තන සිදුකිරීම සඳහා මෙය භාවිත කළ හැකි Multilingual AI Screen යෙදුමද මෙහිදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබිණ. තවද AI Music Video සහ Huawei Cloud AI Mirror තාක්ෂණයන් හරහා තමන්ටම ආවේණික වූ කෘතිම බුද්ධි දෘශ්‍ය නිර්මාණ ක්ෂණිකව සිදුකරගන්නා ආකාරය ප්‍රදර්ශනය කළ Huawei සමාගම, Huawei Device Ecosystem යටතේ ක්‍රියාත්මක වන AI Smart Home සහ AI to Vehicle තාක්ෂණයන් හරහා, නිවසේ පවතින ස්මාර්ට් උපකරණ මෙන්ම සාමාන්‍ය මෝටර් රථ පවා අතිනවීන බුද්ධිමත් ඩිජිටල් අවකාශයන් බවට පරිවර්තනය කරන ආකාරය දී සජීවීව දැකබලා ගැනීමේ අවස්ථාව උදා කර දෙන ලදී.
මීට අමතරව, ව්‍යාපාරික ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා, සැබෑ පුද්ගලයන් හෝ කෘතිම ඩිජිටල් රූප භොවිත කරමින් සජීවී වාණිජ වෙළඳාම ස්වයංක්‍රීයව සිදුකරන AI Livestreaming තාක්ෂණය Huawei සමාගම විසින් මෙහිදී ප්‍රදර්ශනය කරනු ලැබීය. Huawei ModelArts සහ AGIOne පද්ධතීන් හරහා ක්‍රියාත්මක වන AI Token Metering & Billing තාක්ෂණය මඟින්, AI භාවිතය අනුව බිල්පත් සකස් කිරීම සහ AI සඳහා වැයවන පිරිවැය ඉතාමත් නිවැරදිව කළමනාකරණය කරන ආකාරය පෙන්වා දෙයි. මූල්‍ය ආයතන සඳහාම විශේෂයෙන්ම නිර්මාණය කරන ලද Agentic AI in Finance තාක්ෂණය මඟින්, මූල්‍ය ක්ෂේත්‍රයේ සංකීර්ණ මෙහෙයුම් ස්වයංක්‍රීයව සහ ආරක්ෂිතව සිදුකරන ආකාරය මෙහිදී පෙන්වා දෙන ලදී.
රාජ්‍ය සහ මහා පරිමාණ කර්මාන්ත පූර්ණ ඩිජිටල්කරණයකට ලක් කිරීම උදෙසා, පොදු මහජන සේවාවන්, නාගරික පාලනය, සෞඛ්‍ය ක්ෂේත්‍රය, කෘෂිකර්මාන්තය සහ කාලගුණ විද්‍යාව ස්වයංක්‍රීය කරන අතිනවීන AI in Government තාක්ෂණික විසඳුම්ද මෙහිදී ප්‍රදර්ශනය කරනු ලැබීය. කර්මාන්ත සඳහා අවශ්‍ය AI යටිතල පහසුකම් සංවර්ධනය කරන අතරම, මෙරට තාක්ෂණික ශ්‍රම බලකාය පුහුණු කිරීම සහ දක්ෂතා සංවර්ධනය කිරීම සඳහා වන සුවිශේෂී වැඩපිළිවෙළක් AI in Government තුලින් ඉදිරිපත් කෙරිණ. එසේම වේගවත් 5G තාක්ෂණය කර්මාන්ත සඳහා යොදාගන්නා 5GtoB හරහා ස්මාර්ට් නිෂ්පාදන කර්මාන්තශාලා, උසස් සැපයුම් දාම, ප්‍රවාහන, සෞඛ්‍ය ආරක්ෂණ, ස්මාර්ට් නගර සහ ස්වයංක්‍රීය ස්මාර්ට් වරාය මෙහෙයුම් සජීවීව ක්‍රියාත්මක කරන ආකාරය පෙන්වා දුන් Huawei කෘතිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන දත්ත මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීම, බලශක්ති ගබඩා කිරීම මෙන්ම පද්ධති බිඳවැටීම් කලින්ම හඳුනාගෙන ස්වයංක්‍රීයව නඩත්තු කිරීමේ හිතකාමී තාක්ෂණයන් මීට ඇතුළත් කර තිබිණ.
අධ්‍යාපන ක්ෂේත්‍රය නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සඳහා මහා පරිමාණ භාෂා ආකෘති, AI agents සහ loud තාක්ෂණයන් භාවිතයෙන් AI chatbot නිර්මාණය කරන ආකාරය ප්‍රායෝගිකව AI in Education ද මෙහිදී ඉදිරිපත් කරන ලදී. Beijing Normal University නිර්මාණය කළ MindGraph හරහා දෘශ්‍ය මාධ්‍ය ඇසුරින් ඉගෙනුම් කටයුතු සිදුකරන ආකාරය පෙන්වා දීමට කටයුතු කර තිබුණේ සිංහල සහ දෙමළ භාෂා ඉගෙනුම් සඳහා ද අවකාශ සලසා දෙමිනි. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ දුරස්ථ ඉගෙනුම් තාක්ෂණික විසඳුම් තුලින් The Smart Classroom පද්ධතිය හරහා ඈත පළාතක පිහිටි පාසලක් වෙනත් පන්තිකාමර සහ ප්‍රදර්ශන කුටි සමඟ සෘජුවම සම්බන්ධ කරමින් සජීවී දුරස්ථ ඉගැන්වීම් සිදුකරන ආකාරය මෙහිදී සාර්ථකව නිරූපණය කිරීමට Huawei පියවර ගන්නා ලදී.
වසර 27ක් පුරා ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්ධන ගමනේ ප්‍රමුඛ කොටස්කරුවෙකු වන Huawei, In Sri Lanka, for Sri Lanka ප්‍රතිපත්තිය අනුව යමින් මෙරට AI යුගයට අවශ්‍ය මූලික තාක්ෂණික පදනම, පරිසර පද්ධතිය සහ දේශීය දක්ෂතා සංවර්ධනය කිරීම සඳහා දේශීය හවුල්කරුවන් සමඟ අඛණ්ඩව සමීපව කටයුතු කිරීමට අරමුණු කොට ගෙන ඇත.





