ලෝක සත්ව දිනය කේන්ද්ර කරගනිමින්, හුදෙක් සරල විනෝදාස්වාදයෙන් ඔබ්බට යමින් ලොව පුරා සිටින අසරණ සතුන්ගේ ආරක්ෂාව, වනජීවී සංරක්ෂණය සහ සත්ව හිංසනය වැළැක්වීම උදෙසා මහජන අවධානය දිනාගන්නා ප්රබලතම ඩිජිටල් මෙවලමක් ලෙස TikTok පිළිගැනීමට ලක්ව තිබේ.
#AnimalsOfTikTok යටතේ පමණක් වාර්තාගත වීඩියෝ පෝස්ට් මිලියන 4.2කට වඩා වැඩි ප්රමාණයක් පළකර තිබීම තුලින් එය මනාව පැහැදිලි වේ. මීට අමතරව #PetTok, #DogTok, #CatTok සහ #AnimalLovers වැනි විවිධ අංශ ඔස්සේ මිලියන ගණනක සත්ව ලෝලීන්, ස්වේච්ඡා සංවිධාන, පශු වෛද්යවරුන් සහ වනජීවී සුරකින්නන් එකම ඩිජිටල් ජාලයක් යටතට එක්ව සිටිති.
සැබෑ ආදරය යනු සැබෑ ලෝකයේදී සතෙකුට උපකාරයක් අවශ්ය වූ විට කුමක් කළ යුතුද යන්න නිවැරදිව දැනගෙන එය ක්රියාවෙන් ඔප්පු කිරීමයි. ලෝක සත්ව දිනය නිමිත්තෙන්, අප අවට සිටින සතුන්ට සහ පක්ෂීන්ට සැබෑ හිතවතෙකු ලෙස උපකාර කළ හැකි ප්රායෝගික ක්රමවේදයන් රැසක් මෙම ඩිජිටල් ප්රජාවන් විසින් වර්තමානයේදී සමාජගත කරමින් සිටින්නේ ඒ වෙනුවෙනි.
සතුන්ටත් අයිතියක් ඇත
TikTok හි ක්රියාත්මක වන #AnimalRescue, #RescueTok, #AnimalRehab සහ #AdoptDontShop වැනි සජීවී ඩිජිටල් ප්රජාවන්, හුදෙක් සතෙකු බේරාගන්නා නාට්යමය දර්ශනයෙන් ඔබ්බට ගොස්, එම සතාට ජීවිතයේ දෙවන අවස්ථාවක් ලබාදීම සඳහා වැයවන සැබෑ ශ්රමය, කාලය සහ කැපවීම ලෝකය හමුවේ ප්රදර්ශනය කරයි.
සතෙකුට උපකාර කිරීම යනු සැමවිටම ඔවුන්ව තමන්ගේ නිවසටම රැගෙන යාම (Adopting) පමණක් නොවන බව මින් ජනතාවට මතක් කර දෙයි. සතෙකු තාවකාලිකව රැකබලා ගැනීම (Fostering), මූල්යමය අනුග්රහය දැක්වීම ^Sponsoring), ආධාර උපකාර කිරීම, ස්වේච්ඡාවෙන් සේවය කිරීම (volunteering) හෝ නිවැරදි පණිවිඩයක් සමාජ මාධ්ය හරහා හුවමාරු කර ගැනීම මඟින් ද අසරණ වූ සතෙකුගේ ජීවිත කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකිය.
මිනිසුන් විසින් බේරාගැනීම පමණක් නොවේ.
TikTok වර්තමානය වන විට #WildlifeConservation, #WildlifeRescue, #AnimalConservation සහ #SriLankaWildlife වැනි සුවිශේෂී ක්ෂේත්ර ඔස්සේ ප්රබල ඩිජිටල් ප්රජාවන් නිර්මාණය කර ඇත. මේ හරහා නිවෙස්වල ඇති කරන සුරතල් සතුන්ගෙන් ඔබ්බට ගොස්, සොබාදහමේ වෙසෙන වටිනා වනසතුන් ආරක්ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳව පුළුල් දැනුමක් ජනතාව වෙත කියා දෙනු ලබයි.
සතුන් වෙනුවෙන් ඔබට කළ හැක්කේ කුමක්ද?
ඒ පිළිබඳව බොහෝ දේ අන්තර්ගතයන් TikTok තුලින් ඔබට නොඅඩුව දැන ගැනීමට හැකි වනු ඇත. මීළඟ වතාවේදී මඟ තොටකදී හෝ වනාන්තරය තුළදී සතෙකුට ඔබගේ උපකාරය අවශ්ය වූ විට, කුමක් කළ යුතුදැයි සිතමින් අන්දමන්ද වී බලා සිටීමට අවශ්ය නොවේ. ‘’මම ඒක කරන්නේ කොහොමද කියලා දන්නව’’ යන ස්ථාවර ආත්ම විශ්වාසයෙන් යුතුව සතෙකුගේ ජීවිතය බේරාගැනීමට ඔබට සෘජුවම ඉදිරිපත් විය හැක. ඒ වෙනුවෙන් TikTok ඔබට මඟ පෙන්වනු ඇත.





