වාහන ලීසිං පහසුකම් හරහා පාරිභෝගිකයින්ට මූල්‍ය නිදහස සැලසීමට HNB සහ IDEAL Motors එක් වෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව අලුත් වාහන (brand-new) සහ ජෙනරේටර් මිලදී ගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් ආකර්ෂණීය ලීසිං පහසුකම් සැලසීම සඳහා IDEAL Motors (පුද්) සමාගම සමඟ අත්වැල් බැඳගෙන ඇත.

මෙම හවුල්කාරිත්වය හරහා විශ්වාසදායක වාහන සහ බලශක්ති විසඳුම් අපේක්ෂා කරන පුද්ගලයින්, ව්‍යවසායකයින් මෙන්ම ව්‍යාපාරිකයින් වෙත සහන රැසක් හිමි වේ. ඒ අනුව, ක්‍රමවත් ලීසිං පහසුකම්, සුවිශේෂී පොලී අනුපාත, නොමිලේ පිරිනමන ජීවිත රක්ෂණ ආවරණ සහ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් හිමිවන සුවිශේෂී වට්ටම් රැසක් භුක්ති විඳීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට උදාවේ.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ ”නිවැරදි මූල්‍ය සහයෝගය මඟින් පුද්ගලයින්ට මෙන්ම ව්‍යාපාරවලටත් වඩාත් විශ්වාසදායක ලෙස ඉදිරියට යා හැකි බව HNB අප විශ්වාස කරනවා. IDEAL Motors සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය, වාහන සහ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනයන් පාරිභෝගිකයින්ට වඩාත් පහසුවෙන් ළඟා කරගත හැකි පරිදි සකස් කිරීමට අප තුළ ඇති කැපවීම හොඳින් පෙන්නුම් කරනවා. එමෙන්ම එය අපගේ පාරිභෝගිකයින්ගේ පෞද්ගලික සහ ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කර ගැනීමටද දායක වනවා. HNB සතු මූල්‍ය විශේෂඥතාවය සහ IDEAL Motors හි සේවා විශිෂ්ටත්වය ඒකාබද්ධ කරමින්, ශ්‍රී ලාංකිකයින්ගේ අරමුණු ජය ගැනීමටත්, ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමටත් අවශ්‍ය මූල්‍ය අවස්ථා අප සලසා දෙනවා.” යනුවෙනි.

අයිඩියල් මෝටර්ස් වෙතින් වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින්ට නොමිලේ වාහන ලියාපදිංචි කරදීම ඇතුළු සුවිශේෂී ප්‍රතිලාභ රැසක් හිමි වේ. මීට අමතරව Bolero Maxx Pik-Up, Alfa Plus Load Carrier, Mahindra Pik-Up Single Cab, Mahindra Pik Up Double Cab සහ XUV 3XO යන වාහන මාදිලි සඳහා විශේෂ වට්ටම් ද පිරිනැමේ. මෙමඟින් වාහනයක් මිලදී ගත් මොහොතේ සිට එය පරිහරණය කරන මුළු කාලය පුරාම පාරිභෝගිකයාට ඉහළ වටිනාකමක් හිමි වනු ඇත.

“HNB සමඟ ඇති කරගත් මෙම සහයෝගීතාවයෙන් පෙන්නුම් කරන්නේ, පහසු මූල්‍ය විසඳුම් ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ට ඉහළ මූල්‍ය ස්වාධීනත්වයක් ළඟා කර දීම වෙනුවෙන් අප ආයතන දෙකෙහිම ඒකායන අරමුණයි. IDEAL Motors සතු ප්‍රවාහන හා බලශක්ති විසඳුම්, HNB හි මූල්‍ය විශේෂඥතාව සමඟ ඒකාබද්ධ කිරීමෙන් ආර්ථික ප්‍රගතියට සහ ප්‍රජා සංවර්ධනයට දායක වන අවස්ථා පාරිභෝගිකයින්ට මෙන්ම ව්‍යාපාරවලට උදාකර දීම අපගේ අරමුණයි.

පාරිභෝගිකයින්ට තමන්ගේ අනාගතය වෙනුවෙන් විශ්වාසයෙන් යුතුව ආයෝජනය කිරීමට මඟ පාදමින්, දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීමේ අපගේ දැක්ම මෙම හවුල්කාරිත්වය හරහා තවදුරටත් තහවුරු වනවා.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් IDEAL Motors (පුද්) සමාගමේ නීති සහ ආයතනික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂිකා නිමිෂා වෙල්ගම මහත්මිය පැවසුවාය.

Evolution Auto இலங்கையில் AVATR 07...
New Media Solutions Pvt Ltd...
HNB FINANCE, Toyota Lanka forge...
Sri Lanka’s terror law could...
Sri Lanka’s No.1 NEV Brand...
JAAF welcomes PUCSL’s call for...
Connect to Care brings global...
Sunshine Healthcare expands into digital...
JAAF welcomes PUCSL’s call for...
Connect to Care brings global...
Sunshine Healthcare expands into digital...
Guardrails, Not Walls: What Teen...