HNB FINANCE බොරැල්ල ශාඛාවේ රන් ණය මධ්යස්ථානය විවෘත කෙරේ

Share

Share

Share

Share

ව්යාපාරික කේන්ද්රස්ථානයක් වූ බොරැල්ල ප්රදේශයේ රන් ණය සේවා සඳහා වැඩිවන ඉල්ලුමට ප්රතිචාර දක්වමින්, ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE කොළඹ 08, ඩී.එස්. සේනානායක මාවතේ අංක 61 හි පිහිටි සිය බොරැල්ල ශාඛාවේ දී නවතම රන් ණය මධ්යස්ථානය පසුගියදා ස්ථාපිත කළේය.
බොරැල්ල ප්රදේශයේ දැනට සිටින සහ අනාගත ගනුදෙනුකරුවන්ට Gold Plan, සහ VIP Gold Loan ඇතුළු සමාගමේ නව්ය රන් ණය සේවා සමඟ එක්වීමට හැකියාව ලබා දීම සඳහා නව රන් ණය ඒකකය හඳුන්වා දෙන ලදී. රන් ණය ක්ෂේත්රයේ රන් පවුමක් සඳහා ඉහළම මුදල ලබාදෙමින් තරගකාරී පොළී අනුපාතයක් යටතේ ඉතා ඉක්මනින් සේවාවන් සලසා ගැනීමටත්, සහනදායී ගෙවීම් ක්රම තුළින් රන් ණය පියවීමට අවශ්ය පහසුකම් සැලසීමත්, HNB FINANCE රන් ණය සේවාවේ විශේෂත්වයන් ලෙස හැඳින්විය හැකග එමෙන්ම කිසිම අවස්ථාවක ලේඛන ගාස්තු හෝ සැඟවුණු ගාස්තු කිසිවක් සමාගම විසින් අය නොකරයි.
“අපගේ බොරැල්ල ශාඛාවේ නව රන් ණය මධ්යස්ථානයක් හඳුන්වාදීමත් සමඟ ප්රදේශයේ සහ ඒ අවට සිටින ගනුදෙනුකරුවන්ගෙන් විශාල පිරිසකට බාධාවකින් තොරව රන් ණය සහ ඒ ආශ්රිත සේවාවන් ලබා ගැනීමේ හැකියාව ලබා දීමට අපට හැකියාව ලැබෙනවා. අපගේ වර්තමාන සහ අනාගත ගනුදෙනුකරුවන්ට ඒ ඒ පුද්ගලයාට සුදුසු පරිදි සහතික කළ සේවාවක් සැපයීම සඳහා කැපවීම අපේ බලාපොරොත්තුවයි.” යනුවෙන් HNB FINANCE සහකාර සාමාන්යාධිකාරි – රන් ණයල ලක්ෂ්මන් රණසිංහ මහතා සඳහන් කළේය.
ශ්රී ලංකාවේ රන් මිල දිගින් දිගටම ඉහළ යද්දී, බොහෝ පුරවැසියන් රන් භාණ්ඩ මිලදී ගැනීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දෙයි. මෙම සන්දර්භය තුළ HNB FINANCE හි ,ඨදකා ඡක්බ (රන් ණය සැලසුම්)” මඟින් වාරික වශයෙන් ගෙවීමෙන් තමන් කැමති රන් ආභරණ මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දීම විශේෂත්වයකි.
තම රන් භාණ්ඩ වලට අමතරව මුදල් ණය ලබා ගැනීමට අපේක්ෂා කරන ගනුදෙනුකරුවන් සඳහා HNB FINANCE හි “VIP රන් ණය” යෝජනා ක්රමය සැලසුම් කර ඇත්තේ ඕනෑම ව්යාපාරයකට හෝ පුද්ගලයෙකුට ඒ ඒ පුද්ගලයාට සුදුසු රැකවරණයක් සහිතව උපරිම වටිනාකමක් ගෙන ඒමටය.
මෙම යෝජනා ක්රමය යටතේ ණයක් සඳහා ඉල්ලුම් කරන පාරිභෝගිකයින්ට ප්රමුඛතා පදනමක් මත මූල්ය සේවා සපයනු ලබන අතර ඔවුන්ගේ පහසුව අනුව ක්රියාවලිය සිදු කිරීමට කැමති පාරිභෝගිකයින් සඳහා ඔවුන්ට වඩාත් ගැලපෙන සුදුසු සේවා ඇතුළුව, HNB FINANCE හි පූර්ණ සහාය සහ මගපෙන්විම සිදු කරනු ඇත.

Still Chosen, Still Evolving: Coca-Cola...
මීළඟ ඩොලර් බිලියන 3 හඹා...
TikTok, කිසිඳු භේදයකින් තොරව සියලු...
Effie සහ SLIM DIGIS හි...
ITC Ratnadipa Celebrates World Tourism...
Sophos To Bring OpenAI GPT...
வகுப்பறைகளைத் தாண்டிய அறிவியல்: TikTok மூலம்...
JXG Spotlight earns dual recognition...
Sophos To Bring OpenAI GPT...
வகுப்பறைகளைத் தாண்டிய அறிவியல்: TikTok மூலம்...
JXG Spotlight earns dual recognition...
மின்சார வாகன சந்தையில் புதிய மைல்கல்:...