Dettol ”පුරුද්දට හුරු වෙමු” ප්‍රවර්ධන වැඩසටහන සමඟින් මාතෘ සුවදිරිය සම්මන්ත‍්‍රණ මාලාව දියත් කරයි

Share

Share

Share

Share

ගැබිනි මව්වරුන් සඳහා නිසි සනීපාරක්ෂක පිළිවෙත් පිළිබඳව දැනුවත් කිරීම
ලොව ප‍්‍රමුඛතම සනීපාරක්ෂක සහ බැක්ටීරියා නාශක සන්නාමයක් වන Dettol ක විසින් ගැබිණි මව්වරුන්ව නිසි සනීපාරක්ෂක පිළිවෙත් සහ නිසි පෝෂණය පිළිබඳව දැනුවත් කිරීමේ මාතෘ සුවදිරිය සම්මන්ත‍්‍රණ මාලාව පසුගියදා දියත් කරන ලදී.
මෙම ප්‍රවේශය යටතේ පළමු සම්මන්ත‍්‍රණය 2023 ජනවාරි 25 වන දින අඟුණුකොලපැලැස්ස ඵධ්‍ය බල ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, ගැබිණි මව්වරුන් 500 කට අධික පිරිසක් ඊට සහභාගී වූහ.

මෙම අධ්‍යාපනික දේශන මාලාව හරහා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වෛද්‍ය සෞඛ්‍ය කාර්යාලයෙන් ද, වෛද්‍යවරුන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ (PHI) සහභාගීත්වයෙන් ගැබිණි මව්වරුන්ට මනා සනීපාරක්ෂාව සහ පෝෂණය මෙන්ම රැකවරණය පිළිබඳව මග පෙන්වූහ.
මීට අමතරව, මෙම වැඩසටහන මගින් මව්වරුන්ගේ සහ දරුවන්ගේ මනෝවිද්‍යාත්මක යහපැවැත්ම නංවාලීම පිළිබඳ සැසිවාර ද පැවැත් වූ අතර, ඉන් අනතුරුව සංගීත වැඩසටහනක් ද, සංගීතයෙන් මවට සහ දරුවාට වඩා හොද පරිසරයක් ඇති කරන්නේ කෙසේද යන්න පිළිබඳව මව්වරුන්ට මඟ පෙන්වනු ලැබීය.
මෙම ප්‍රවේශය පිළිබඳව අදහස් දක්වමින් Dettol සන්නාම කළමනාකාරිනී ලිලානි රාජපක්ෂ මහත්මිය මෙසේ පැවසුවාය: ”ආරම්භයේ සිටම සනීපාරක්ෂාව සහ රැකවරණය අපගේ ව්‍යාපාරයේ ප‍්‍රමුඛස්ථානය වූ බැවින්, මෙම අවස්ථාවේ දී ගැබිනි මව්වරුන්ට අත්වැලක් සැපයීම අපගේ වගකීමක් බව අපට හැෙඟනවා. අපගේ පරමාර්ථය වන්නේ ගැබිනි මව්වරුන්ගේ දැනුවත්භාවය ඉහළ නැංවීම වන අතර, ඔවුන්ගේ පෙර සහ පශ්චාත් මාතෘ ගමන සෞඛ්‍ය සම්පන්නව සහ ප‍්‍රායෝගිකව පවත්වා ගැනීමට අවශ්‍ය දැනුම ඔවුන් සතුව තියෙනවා.”
මෙම පළමු අධ්‍යාපනික සම්මන්ත‍්‍රණ මාලාව දිවයින පුරා ගැබිණි මව්වරුන් දැනුවත් කිරීම සඳහා පැවැත්වීමට නියමිත යි. පළමු අදියරේ දී හම්බන්තොට දිස්ත‍්‍රික්කය වටා සම්මන්ත‍්‍රණ 10ක් පවත්වනු ලබන අතර, එහි පළමු සම්මන්ත‍්‍රණය අඟුණුකොළපැලැස්සේදී පැවැත්විණි.
”සියලූ මිනිසුන්ගේ ජීවිත සහ සෞඛ්‍යය නංවාලීමට අපි කැපවී සිටින අතර, අපගේ මෙම යහ පණිවිඩය ජනතාව වෙත ගෙනයාමේදී Dettol සන්නාමය වැදගත් මෙහෙයක් සිදුකරනවා. මාතෘ සුවදිරිය වැනි උපක‍්‍රමශීලීව දියුණු කළ මුල පිරීම් සහ තවත් බොහෝ ඒ හා සමාන වැඩසටහන් සමඟින් ජාතික මට්ටමින් Dettol පුරුද්දට හුරු වෙමු ව්‍යාපාරය හරහා අපගේ දැක්ම පුළුල් කිරීම අපගේ අරමුණයි.” යනුවෙන් Reckitt Benckiser අලෙවි කළමනාකාර- සෞඛ්‍ය, චතුරිකා ෆොන්සේකා මහත්මිය සඳහන් කළාය.
විෂබීජ සහ බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමට ජනතාවට උපකාර කිරීම සඳහා Dettol ලොව පුරා ප‍්‍රසාදයට පත් වේ. සන්නාමය ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදනයක් නිෂ්පාදනය කිරීම සහ සැපයීම සඳහා පමණක් එහි වගකීම සීමා නොකරන අතර, පාරිභෝගිකයන් සනීපාරක්ෂක පිළිවෙත් පිළිබඳව දැනුවත් කිරීම සහතික කිරීමට උත්සාහයක් දරයි.
වසර 60 කට වැඩි කාලයක් Reckitt, පාරිභෝගික සෞඛ්‍ය සේවා අංශයේ සහ නිවෙස් වෙනුවෙන් විසඳුම් මාලාවක් වෙළඳපොළට ඉදිරිපත් කරමින්, රට පුරා සිටින ජනතාවගේ සනීපාරක්ෂාව, සෞඛ්‍ය සහ පෝෂණය ඉහළ නංවමින් සියලූම ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවිතවල අනිවාර්ය අංගයක් වී ඇත.
SLIM Effie Awards 2021 සහ SLIM Digis 2.1 හිදී Reckitt කණ්ඩායම Dettol සහ Strepsils යන සන්නාම අලෙවිකරණ සහෝදරත්වය විසින් පිළිගෙන ඇති අතර 2022 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළලෙහි දීි Dettol වසරේ නිෂ්පාදන සන්නාමය සඳහා රන් සම්මානයක් සහ වසරේ ගෝලීය සන්නාමය සඳහා ලෝකඩ සම්මානයක් දිනා ගත්තේය. Reckitt විසින් පසුගිය වසර දෙක තුළ එහි පාරිභෝගිකයන් සමඟ ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමට සහ ඔවුන්ගේ ජීවිතවල වෙනසක් ඇති කිරීමට සිදු කරන ලද කාර්ය භාරය ඇගයීමට ලක් විය. LMD සඟරාව විසින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන සන්නාමය ලෙස Dettol දක ශ්‍රේණිගත කර ඇත.

දරුවන්ගේ ආරක්ෂාව, සමාජ මාධ්‍ය හා...
සුන්දරත්වයෙන් අනූන කොළඹ නගරයේ ඉහළම...
TikTok introduces new tools to...
லிப்டன் பெயரை உலகிற்கு கொண்டு சென்ற...
7% உயர் வளர்ச்சியுடன் 2025 நிதியாண்டில்...
ආබාධ සහිත පුද්ගලයින් සඳහා ඇඟලුම්...
Samsung Electronics Ranked No.1 in...
Pelican Island Presents a Jazz...
ආබාධ සහිත පුද්ගලයින් සඳහා ඇඟලුම්...
Samsung Electronics Ranked No.1 in...
Pelican Island Presents a Jazz...
மாற்றுத்திறனாளிகளுக்கான ஆடை பாடத்திட்டத்தை சரிபார்க்கும் துறைசார்...