13 වන වසරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස HNB ගෞරවයට පාත‍්‍ර වෙයි

Share

Share

Share

Share

පාරිභෝගික බැංකුකරණයේ සිය විශිෂ්ටත්වය නැවතත් සනාථ කරමින් 2023 ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී (Asian Banker Global Excellence in Retail Financial Services Awards) අඛණ්ඩව 13 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව පසුගියදා පිළිගැනීමට ලක් විය.

තායිලන්තයේ බැංකොක් නුවර ෂැංග‍්‍රි-ලා හෝටලයේ පැවති උත්සවයකදී HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකුකරණ සමූහ, සන්ජේ විජේමාන්න මහතා විසින් අදාල සම්මානය බැංකුව වෙනුවෙන් පිළිගත්තේය.

ලොව පාරිභෝගික මූල්‍ය සේවා සඳහා වන කීර්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් සම්මාන උළෙලක් ලෙස සලකනු ලබන මෙහිදී HNB සම්මානයට පාත‍්‍ර වීම කැපී පෙනෙන සිදු වීමකි. එමෙන්ම ස්ථාවරත්වය, නවෝත්පාදනය හා ඩිජිටල් හැකියාව සහ වේගවත්, තිරසාර වර්ධනයක් කරා ක‍්‍රියාවලි අළුතින් නැවත සකස් කිරීමේදී නව සන්ධිස්ථානයන් සනිටුහන් කරන කලාපයේ මූල්‍ය ආයතන ඉස්මතු කිරීම සඳහා මෙම සම්මාන උළෙල පවත්වනු ලබයි.

මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකුකරණ සමූහ, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ ‘‘ඒෂියන් බෑන්කර් සඟරාව වෙතින් 13 වන වසරක් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස පිළිගැනීමට ලක්වීම අපගේ කණ්ඩායමේ නොපසුබස්නා උත්සාහය සහ අපගේ ගනුදෙනුකාරභවතුන්ට සුවිශේෂී බැංකු අත්දැකීම් ලබා දීමට වන අපගේ ස්ථිර කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක් ලෙස පෙන්වා දිය හැකියි. ඉදිරියේදී, ශ‍්‍රී ලංකාව දියුණුව හා සෞභාග්‍ය කරා ගෙනයාම සඳහා වන අපගේ ශක්තීන් සහ අද්විතීය හැකියාවන් උපරිම ලෙස භාවිත කිරීමට අපි කැපවී කටයුතු කරනවා.’’ යනුවෙනි.

තවද තිරසාරභාවය, යහපාලනය සහ ආයතනික විශිෂ්ටත්වය පිළිබඳ වූ සැබෑ නායකත්වය පිළිබිඹු කරමින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙල 2022 (CCC BCCSA) හිදී මෙරට හොඳම ආයතනික පුරවැසියා ලෙස HNB සම්මානයට පාත‍්‍ර විය.

Hellmann மற்றும் MAS ஹோல்டிங்ஸ் இலங்கையில்...
ඇමරිකානු ආයෝජිකා Sandhya Ajjarapu, Kandy...
Hellmann සහ MAS සමූහය එක්ව...
10 වන Huawei ICT තරඟයේ...
GWM வாகன அணுகலை விரிவுபடுத்தும் வகையில்,...
Prime Group strengthens commitment to...
Hellmann and MAS Holdings launch...
Prime Melwa Formally Commences Asia’s...
Prime Group strengthens commitment to...
Hellmann and MAS Holdings launch...
Prime Melwa Formally Commences Asia’s...
Samsung Retains Global No. 1...