ඔබගේ සැම්සුන් Smart TV ගැන ඔබගේ අවධානය නැවතත් යොමු කිරීමට හේතු

Share

Share

Share

Share

මේ දිනවල අප බොහෝ දෙනෙක් රස වින්දනාත්මක දේ නැරඹීම සඳහා අප යොමු වන්නේ අපගේ ජංගම දුරකතන, ටැබ්ලට් සහ ලැප්ටොප් වෙතටයි. අපිට රූපවාහිනිය ඉදිරිපිට වාඩි වී එය නැරඹීමට අවස්ථාව ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. නමුත් ඔබගේ ඒ සියල්ල වෙනස් කිරීමට සැම්සුන් Neo QLED රූපවාහිනීවලට හැකියාව ඇත. ඔබේ ආලින්දයේ ඇති Neo QLED සමඟින්, මීට කලකට පෙර මෙන් මුළු පවුලම හා එක්ව තමන් කැමති වැඩසටහන් රසවින්දනයේ යෙදීමට මේ හොඳම කාලයයි.

විශාල, පුළුල් තිරය සහ වඩාත් පැහැදිලි, උසස් තත්වයේ ශබ්ද අත්දැකීමක් ලබා දෙයි

ජංගම දුරකතනවල තිරයට වඩා රූපවාහිනී තිරය ඉතා විශාල බැවින්, ඔබ නරඹන අන්තර්ගතය පහසුවෙන් හොඳින් රසවිඳිය හැකියි. රූපවාහිනිවල ජංගම දුරකතනවලට සාපේක්ෂව උසස් තත්වයේ ස්පීකර්ස් ඇති නිසා ඔබට ශබ්ද ප‍්‍රයෝග සහ සංගීතය හොඳින් රස විඳීමට ඉඩ සලසයි. නිවසේ ඇති රූපවාහිනී තිරවල ප‍්‍රමාණය වෙනස් වී ඇති බැවින්, ඒවායේ තාක්ෂණයද දියුණු වී ඇත. සැම්සුන් හි Quantum Matrix Technology Pro සහ Dolby Atmos යන විශේෂාංගය සමඟින්, ඔබට ඔබේ නැරඹීමේ අත්දැකීම වඩාත් තීව‍්‍ර කර ගැනීමට හැකි වනු නොඅනුමානය.

එකිනෙකා සමීප කරවන රසවත් අත්දැකීමක් තිළිණ කිරීම

පවුලේ අය සහ මිතුරන් සමඟ එක්ව රූපවාහිනිය නැරඹීමෙන් පුද්ගලයින්ව සමීප කරවන අතර සම්බන්ධතාවය සහ බැඳීම පිළිබඳ හැඟීමක් ඇති කළ හැකියි. ඔබේ ආලින්දය වැනි සුවපහසු, හුරුපුරුදු පරිසරයක හිඳිමින් රූපවාහිනිය නැරඹීම ඉතා වෙහෙසකර දිනකට පසු විවේක ගැනීමට හොඳ ක‍්‍රමයක් විය හැකිය. පවුලේ රූපවාහිනිය යන සුන්දර අත්දැකීම ජීවමාන කිරීම සැම්සුන් හි අරමූණ වන අතර එසේ කිරීමෙන්, මිනිසුන්ට ජීවිතය මේ මොහොත ඒ ආකාරයටම සම්පූර්ණයෙන්ම විඳ ගැනීමට අවස්ථාව සලසා දෙයි.

තිරය භාවිත කරනු ලබන වේලාව (Screen Time) අඩු කර වඩාත් ආකර්ෂණීය අන්තර්ගතයන් නිර්මාණය කරයි

ඔබ ඔබේ ජංගම දුරකතනයේ වැඩි කාලයක් ගත කරන අයෙක් නම්, එම පුරුද්දෙන් මිදීමට සහ ඔබ තිරය භාවිත කරනු ලබන වේලාව අවම කිරීම හොඳම ක‍්‍රමයක් විය හැකියි. ජංගම දුරකතනවල රසවිඳීමට සිත් ඇදගන්නාසුළු සහ විනෝදාත්මක අන්තර්ගතයන් ඇති අතර රූපවාහිනී මගින් චිත‍්‍රපට, රූපවාහිනී වැඩසටහන් සහ සජීවී ක‍්‍රීඩා වැඩසටහන් ඇතුළුව පුළුල් පරාසයක විසිරුණු උසස් තත්වයේ අන්තර්ගතයන් පිරිනමයි. සැම්සුන් Smart Hub විශේෂාංගය සමඟින් අදාල පරිසරය අනුව ස්වයංක‍්‍රීයව වෙනස් (ambient) තිර ඇතුළුව විශේෂාංග රැසක් එක තැනකින් ලබා ගත හැක.

Sri Lanka’s Largest Battery Energy...
Capital Trust Properties renews strategic...
ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමට පෙර LPL...
தேசிய மின் கட்டமைப்பை வலுப்படுத்தவும், புதுப்பிக்கத்தக்க...
ශ්‍රී ලංකා කලාපීය ඇඟලුම් අපනයනකරුවන්ගේ...
HNB Finance වෙතින් 2025/26 මූල්‍ය...
Samsung අඛණ්ඩව වසර 7ක් පුරා...
කොකා-කෝලා, ශ්‍රී ලංකා සමාගම වසර...
HNB Finance වෙතින් 2025/26 මූල්‍ය...
Samsung අඛණ්ඩව වසර 7ක් පුරා...
කොකා-කෝලා, ශ්‍රී ලංකා සමාගම වසර...
99x Launches Xianix in Oslo,...