ශ‍්‍රී ලාංකේය ආහාරපාන සහ සංස්කෘතිය විදහා දැක්වෙන වින්දනාත්මක සන්ධ්‍යාවක් සමඟින් කොකා-කෝලා හි කෝක් කොත්තු බීට් සාදයේ තවත් වැඩසටහනක් ‘Now Matara’s Cooking’ නමින් පසුගිය ජුලි 1 වන දින මාතර මහින්ද විජේසේකර ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි. වස්ති, දිනේෂ් ගමගේ, කයිසර් කයිස් (Kaizer Kaiz) සහ ඈන්ට්ස් බෑන්ඞ් (Ants Band) යන තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් කලාකරුවන්ගේ විවිධ අංගවලින් හැඩවැඩ වුණු මෙම සුවිශේෂී සන්ධ්‍යාව තවත් අලංකාර වූයේ සුපිරි මට්ටමේ සූපශාස්ත‍්‍ර අත්දැකීමක් ද එක් කරමිනි. එක්ව සිටි සැමගේ විශේෂ අවධානය දිනා ගත් අංගය වූ Kottu Battle තරගයේ ජයග‍්‍රාහකයාට රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක් එහිදී පිරිනැමිණි. කොකා-කෝලා හි මීළඟ කෝක් කොත්තු බීට් සාදය ජුලි මස 29 වන දින මහනුවර කුණ්ඩසාලේ එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ජාතික පාසල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

Share

Share

Share

Share

அமெரிக்காவின் 10% தீர்வை வரிப் பிரிவிற்குள்...
தித்வா சூறாவளியால் பாதிக்கப்பட்ட பாடசாலை மாணவர்களின்...
பயிர் திருட்டு காரணமாக இலங்கையின் விவசாயத்...
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්...
From Cane Field to Finished...
First Capital enhances service experience...
ජෙෆ්රි බාවා Moonamal සම්මානය, පරිසරය...
From Cane Field to Finished...
First Capital enhances service experience...
ජෙෆ්රි බාවා Moonamal සම්මානය, පරිසරය...
கிளாஸ்கோ 2026 பொதுநலவாய விளையாட்டு விழா:...