ශ‍්‍රී ලාංකේය ආහාරපාන සහ සංස්කෘතිය විදහා දැක්වෙන වින්දනාත්මක සන්ධ්‍යාවක් සමඟින් කොකා-කෝලා හි කෝක් කොත්තු බීට් සාදයේ තවත් වැඩසටහනක් ‘Now Matara’s Cooking’ නමින් පසුගිය ජුලි 1 වන දින මාතර මහින්ද විජේසේකර ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි. වස්ති, දිනේෂ් ගමගේ, කයිසර් කයිස් (Kaizer Kaiz) සහ ඈන්ට්ස් බෑන්ඞ් (Ants Band) යන තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් කලාකරුවන්ගේ විවිධ අංගවලින් හැඩවැඩ වුණු මෙම සුවිශේෂී සන්ධ්‍යාව තවත් අලංකාර වූයේ සුපිරි මට්ටමේ සූපශාස්ත‍්‍ර අත්දැකීමක් ද එක් කරමිනි. එක්ව සිටි සැමගේ විශේෂ අවධානය දිනා ගත් අංගය වූ Kottu Battle තරගයේ ජයග‍්‍රාහකයාට රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක් එහිදී පිරිනැමිණි. කොකා-කෝලා හි මීළඟ කෝක් කොත්තු බීට් සාදය ජුලි මස 29 වන දින මහනුවර කුණ්ඩසාලේ එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ජාතික පාසල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

Share

Share

Share

Share

පාම් තෙල් විරෝධය, විශ්වාස සහ...
2026 ආධුනික වයස් කාණ්ඩ පිහිනුම්...
இலங்கையின் எதிர்காலத்தை நோக்கி களம் அமைக்கும்...
இலங்கை மருந்தாக்கல் கைத்தொழில் சம்மேளனம் Rebuilding...
කොකා-කෝලා පදනම සහ සේවාලංකා පදනම...
Advice Lab Unveils New 13,000+...
du Signs Three-Year Agreement with...
2025 වසරේ දෙසැම්බර් මාසයේ දී...
Advice Lab Unveils New 13,000+...
du Signs Three-Year Agreement with...
2025 වසරේ දෙසැම්බර් මාසයේ දී...
2025 டிசம்பரில் இலங்கையின் ஆடை ஏற்றுமதி...