එයාර්ටෙල් රු. 888 Freedom Plus Unlimited පැකේජයේ වාසි තවත් වැඩි වෙයි

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ශ්‍රී ලංකා සිය පාරිභෝගිකයන් වෙනුවෙන් ගෙවන මුදලට අඛණ්ඩව වටිනාකමක් එක් කිරීමේ තම පොරොන්දුව අනුව යමින් වැඩි වටිනාකමක්, නිදහසක් සහ අසීමිත ප‍්‍රවේශයක් ලබා දෙමින් හඳුන්වා දෙන ලද සිය පෙරගෙවුම් එයාර්ටෙල් 888 Freedom Plus පැකේජයේ වාසි තවත් වැඩි කරමින් අතිශය ජනප‍්‍රිය සමාජ මාධ්‍ය යෙදවුම් (apps) තුනක් එයට එක් කර ඇත.

ශ‍්‍රී ලංකාව පුරා සීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතින පාරිභෝගික ඉල්ලූමට සරිලන පරිදි, පුළුල් කරන ලද 888 පැකේජය මගින් දැන් එයාර්ටෙල් පරිශීලකයින්ට Telegram, IMO සහ Viber යන සමාජ මාධ්‍ය යෙදවුම් (apps) තුනක් සඳහා අසීමිත ප‍්‍රවේශයක් අත්විඳිය හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ ”අපගේ පෙරගෙවුම් පාරිභෝගිකයින්ට වැඩි ප‍්‍රතිලාභ ලබා දීම සඳහා අපි අපගේ එයාර්ටෙල් රු. 888 එයාර්ටෙල් Freedom Plus පැකේජය වාසි තවත් වැඩි කළ බව සතුටින් දැනුම් දීමට කැමතියි. පාරිභෝගිකයින්ගෙන් අපට ලැබුණු ඉහළ ඉල්ලූම මත, අපි දැන් මෙම පැකේජයට Viber, IMO සහ Telegram යන ජනප‍්‍රිය apps ඇතුළත් කළා. රු. 888 ක් වැනි දැරිය හැකි මිලකට පාරිභෝගිකයින්ට දැන් මෙම අමතර සේවාවන් අත්විඳිය හැකි අතර ඔවුන් දැනටමත් මෙම පැකේජයෙන් වැඩි වටිනාකමක් අත්විඳින බව අප දන්නවා.

‘‘අපගේ පාරිභෝගිකයින්ට බාධාවකින් තොරව, පහසු සහ දැරිය හැකි මිලකට මිලදී ගත හැකි අත්දැකීමක් ලබා දීමේ අපගේ පොරොන්දුව අපි අඛණ්ඩව ඉටු කර තිබෙනවා. TikTok, Instagram, Facebook, YouTube, Messenger, WhatsApp, Viber, IMO සහ Telegram වැනි ජනප‍්‍රිය සමාජ මාධ්‍ය වේදිකා වෙත අසීමිත ප‍්‍රවේශයක් ලබා දීමෙන්, අපගේ පාරිභෝගිකයින්ට ඔවුන් එම apps භාවිත කරන ආකාරය වෙනස් නොකර හෝ විවිධ apps සඳහා වෙන වෙනම සිදු කරනු ලබන මිලදී ගැනීම්වලට කරදර නොවී ඔවුන්ගේ සන්නිවේදන අවශ්‍යතා පහසුවෙන් සපුරා ගත හැකියි. වෙළඳපොලේ ඇති වෙනත් කිසිදු පැකේජයකට එයාර්ටෙල් Freedom පැකේජයේ වටිනාකම සමාන කළ නොහැක්කේ මේ නිසයි.’’ යනුවෙනි.

එයාර්ටෙල් 888 පැකේජය මෙම ජනප‍්‍රිය සමාජ මාධ්‍ය වේදිකා වෙත අසීමිත ප‍්‍රවේශයක් ලබා දෙනවා පමණක් නොව 30GB data (1GB/දිනකට), පරිශීලකයින්ට ඔවුන්ගේ ආදරණීයයන් සමඟ අසීමිතව සම්බන්ධව සිටීමට වෙනත් ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම්, Airtel-Airtel SMSs 1,000ක් සහ දින 30ක කාලයක් සඳහා වෙනත් ජාල සඳහා SMSs 50ක් ඇතුළුව එයාර්ටෙල් හි ජනප‍්‍රිය අනෙකුත් Freedom පැකේජවල ඇති සියලූම ප‍්‍රතිලාභවලින් සමන්විත වීම විශේෂත්වයකි.

ශ‍්‍රී ලංකාවේ විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රයේ පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගත් නවෝත්පාදනවල ප‍්‍රමුඛයා ලෙස සිය වටිනා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අපේක්ෂාවන් ඉක්මවා යන අති නවීන විසඳුම් ලබා දීමට එයාර්ටෙල් කැපවී සිටී. වැඩි වාසි සමඟින් හඳුන්වා දෙන මෙම එයාර්ටෙල් 888 පැකේජය පාරිභෝගිකයින්ට අසමසම ජංගම දුරකතන අත්දැකීමක් ලබා දීමට එයාර්ටෙල් හි නොසැලෙන කැපවීම පිළිබිඹු කරයි.

පාරිභෝගිකයින්ට එයාර්ටෙල් 888 පැකේජය සක‍්‍රීය කිරීමට සහ පුළුල් පරාසයක විසිරුනු සමාජ මාධ්‍ය ජාල වෙත අසීමිතව සැරිසැරීමට රු. 888 ක් සෘජුවම රීලෝඞ් කිරීම හෝ My Airtel App යෙදවුම හරහා සක‍්‍රීය කළ හැකි අතර https://recharge.airtel.lk හරහා ද charge කිරීමට හැකිය.

2009 දී ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ එයාර්ටෙල් ශ්‍රී ලංකා, ග‍්‍රාහකයින් මිලියනයක් ඉතාමත්ම ඉක්මනින් සම්පූර්ණ කළ ජංගම සන්නිවේදන සේවා සමාගමයි. එයාර්ටෙල් ශ‍්‍රී ලංකා පිරිනමන තාක්ෂණික නවෝත්පාදන සහ සේවා විශිෂ්ටත්වය ශ‍්‍රී ලාංකේය තාරුණ්‍ය අතර වේගයෙන් ව්‍යාප්ත වී ඇත. වර්තමානයේදී එයාර්ටෙල් විසින් ශ‍්‍රී ලංකාවේ සෑම ප‍්‍රදේශයක්ම ආවරණය වන පරිදි එහි අතිනවීන 5G-ready 4G ජාලය ව්‍යාප්ත කර ඇති අතර, උපරිම වටිනාකමක් ලබා දීම සඳහා එහි ජාල ආවරණය අඛණ්ඩව ඉහළ නංවමින් සිටී. එයාර්ටෙල් පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා MyAirtel App හෝ සමාජ මාධ්‍ය ඔස්සේ එයාර්ටෙල් සමඟ සම්බන්ධ වන්න නැත්නම් www.airtel.lk වෙත පිවිසෙන්න.

 

JAAF statement on new US...
විවිධ පාරිභෝගික අවශ්‍යතා සඳහා නව්‍ය...
දකුණු ආසියාවේ ඩිජිටල් නවෝත්පාදන සහ...
එක්සත් ජනපද බදු ප්‍රතිපත්තියට අදාලව...
යොහාන් පීරිස්, සප්ත මහාද්වීපයන්හි උසම...
Softlogic Life completes 100% acquisition...
DSI Samson Group Expands into...
HNB, දැරිය හැකි වාහන ලීසිං...
Softlogic Life completes 100% acquisition...
DSI Samson Group Expands into...
HNB, දැරිය හැකි වාහන ලීසිං...
FitsAir Strengthens Regional Network with...