Coca-Cola India නිරිතදිග ආසියාවේ බලයලත් මෙහෙයුම් උප සභාපති ලෙස අජේ විජේ බතීජා පත් කරයි

Share

Share

Share

Share

අජේ විජේ බතීජා මහතා නිරිතදිග ආසියාව සඳහා වන බලයලත් මෙහෙයුම් (SWA) උප සභාපතිවරයා ලෙස පත් කර ඇති බව Coca-Cola India  නිවේදනය කරයි. කොකා-කෝලා සමාගම සමඟ ඇති අජේ මහතාගේ වෘත්තීය ගමන වසර 24 කට ආසන්න කාලයක් පුරා විහිදෙන අතර ඔහු අලෙවිකරණ සහ බලයලත් ව්‍යාපාරයන්හි විශේෂඥ දැනුමක් ඇති ප‍්‍රවීණයෙකි.

අජේ මහතා 1999 දී හින්දුස්ථාන් Coca-Cola Beverages Pvt. Ltd. (HCCBPL) සමඟ ඔහුගේ වෘත්තීය ගමන ආරම්භ කළ අතර එහිදී ඉදිරිපෙළ විකුණුම් කණ්ඩායම සහ සංවිධානය තුළ විවිධ භූමිකාවන් සහ තනතුරු හරහා ක‍්‍රමානුකූලව ඉදිරියට යන ලදි. ඔහු 2005 දී SabCo වියට්නාමයේ Mekong ඩෙල්ටා කලාපය සඳහා කලාප කළමනාකරු ලෙස තේරීපත්විය. ඔහු මෙම ප‍්‍රධාන භූමිකාව තුළ, වෙලඳපල අවස්ථා ඉහළ නැංවීමට විකුණුම් මෙහෙයුම් සහ route-to-market උපාය මාර්ග මෙහෙයවීය.

Coca-Cola හි අලෙවි අධ්‍යක්ෂක ලෙස ඉන්දියාවට ආපසු ගොස් Share a Coke ව්‍යාපාරයට නායකත්වය දුන් ඔහු, සාර්ථක ලෙස INSWA (ඉන්දියාව සහ නිරිතදිග ආසියාව) වෙළඳපොළට පළමු වරට Coca-Cola Zero sugar (සීනි රහිත කොකා කෝලා) හඳුන්වා දුන්නේය. ඒකාබද්ධ අලෙවිකරණ ව්‍යාපාර හරහා ThumsUp ස්ථාපිත කිරීමට ද ඔහු මූලික වූ අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස සන්නාමය වඩාත් ජනාදරයට පත්විය.

2018-2020 දක්වා බංග්ලාදේශයේ කළමනාකරු ලෙස, ගෝලීය වශයෙන් Coca-Cola සමාගම (TCCC) තුළ, Coca-Cola TM හි හොඳම වෙළඳපල 3 අතරට බංග්ලාදේශය ගෙන ඒම සඳහා අජේ මහතා බෝතල්කරණ හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කළේය. 2020 දී, ඔහු Front Line Marketing හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ තනතුර දක්වා උසස් විය. එහිදී ඔහු උපාය මාර්ග පෙළගස්වා, බාධාවකින් තොරව වාණිජ සහ අලෙවිකරණ කටයුතු ක‍්‍රියාත්මක කිරීමට පහසුකම් සලසා දුන් අතර, සමාගමේ වඩාත්ම කීර්තිමත් සංගීත වැඩසටහන් මාලාව වන කෝක් ස්ටූඩියෝ බංග්ලාදේශයේ සාර්ථකව දියත් කළේය. ඔහු විසින් දියත් කළ  “Is Cooking” – Coke සමඟ ආහාර අත්දැකීමක් යන වැඩසටහන, විශේෂයෙන්ම  “Kolkata is Cooking˜ Coca-Cola TM සන්නාමය කෙරෙහි ඇති ආදරය සහ පාරිභෝගික සහභාගීත්වය ඉහළ නැංවීය.

මෙම පත්වීම පිළිබඳව අදහස් දක්වමින්, ඉන්දියාවේ සහ නිරිතදිග ආසියාවේ සභාපති Sanket Ray මහතා පැවසුවේ, ”ව්‍යාපාර පිළිබඳ සිය පුළුල් අවබෝධය සහ ඉදිරියට යාමට ඇති ශක්තිය සමඟින්, අජේ මහතාට ව්‍යාපාර නව තලයකට ගෙන යාමේ සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඔහුගේ විචක්ෂණශීලී ව්‍යාපාරික ඥානය සහ සහයෝගී ප‍්‍රවේශය සමඟින් ඔහු නිරිත දිග ආසියා කලාපය තුළ සංවිධානයේ අරමුණ ඉදිරියට ගෙන යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

අජේ මහතා මුම්බායි හි NMIMS වෙතින් අලෙවිකරණ කළමනාකරණය පිළිබඳ සිය ශාස්ත‍්‍රපති උපාධිය සාර්ථකව සම්පූර්ණ කර ඇති අතර වාණිජ හා ආර්ථික විද්‍යාව පිිළිබඳ මානව සම්පත් විද්‍යාලයේ (HR College of Commerce and Economics)  අලෙවි කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙකි.

சிறு மற்றும் நடுத்தர அளவிலான ஆடைத்...
Carnage அறக்கட்டளையின் ஆதரவோடு சர்வதேச விளையாட்டரங்கில்...
First Capital Treasuries, மூலதனச் சந்தை...
A Little Love for Every...
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
ITC Ratnadipa Presents Weddings Above...