සිය ඉගැන්වීම් හා ඉගෙනුම් අත්දැකීම් ඩිජිටල්කරණය කිරීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, Dialog Enterprise සමඟ අත්වැල් බැඳ ගනියි

Share

Share

Share

Share

මෙරට ප්‍රමුඛතම ආයතනික තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන්නා වන Dialog Enterprise සමඟ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පරිවර්තනීය ඩිජිටල් ගමනක් ඇරඹීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් වන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පසුගියදා අත්වැල් බැඳ ගන්නා ලදී. මේ තුලින් නවතම ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් වන Dialog Edumix ක්‍රියාත්මක කිරීම හරහා නවීන තාක්ෂණයෙන් යුත් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් සිය සිසුන් වෙත ලබා දීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අරමුණු කොට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති බි්‍රගේඩියර් උපාලි රාජපක්ෂ මහතා “ අපගේ සිසුන්ගේ මෙන්ම ආචාර්ය මණ්ඩලයේ ඉගෙනුම් හා ඉගැන්වීම් අත්දැකීම් ඉහළ නැංවීමට අවශ්‍ය නව්‍ය තාක්ෂණය ඔවුන් වෙත ලබා දීම සඳහා සුප්‍රසිද්ධ ගෝලීය අධ්‍යයන ආයතන සමඟ එක්ව කටයුතු කිරීමට අපි සැදී පැහැදී සිටිනවා. සිසුන් වෙත ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් හිමි කර දීමේ අපගේ අරමුණ වෙනුවෙන් මෙරට තාක්ෂණික දියුණුවේ ප්‍රමුඛයා වන Dialog Enterprise හි සහයෝගය ලැබීම අප ලද භාග්‍යයක් ලෙස සැලකීමට කැමතියි” යනුවෙන් පවසා සිටින ලදී.

E-lecturing වැනි විශේෂාංගයන් මෙන්ම ශ්‍රව්‍ය/දෘශ්‍ය ඉගෙනුම් සම්පත් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව සලසාදෙන මිශ්‍ර ඉගෙනුම් ක්‍රමෝපායන්ගෙන් සන්නද්ධ Dialog Edumix ඉගැන්වීම් හා ඉගෙනුම් ශිල්පීය ක්‍රමයන් සඳහාද සහාය දක්වනු ලබයි. එසේම සිසුන් වෙත ආකර්ෂණීය ඉගෙනුම් අත්දැකීමක් ලබා දීමට අවශ්‍ය සජීවී වීඩියෝ පාඩම්, පටිගත කළ වීඩියෝ පාඩම් හා ඔන්ලයින් විභාගද මේ යටතේ ක්‍රියාත්මක වේ. ඊට අමතරව “Zero Worries on Data” සේවාව තුළින් සිසුන්ට හා ආචාර්යවරුන්ට කිසිඳු දත්ත ගාස්තුවකින් තොරව අධ්‍යාපන සේවාවන් සලසා ගැනීමේ හැකියාව Dialog Edumix වෙතින් සළසා දී තිබීමද සුවිසල් වාසියක් ලෙස සඳහන් කළ හැකිය.

මෙහිදී නවෝත්පාදන මත පදනම් වූ වත්මන් අධ්‍යාපන පරිවර්තනය පිළිබඳ අදහස් දක්වමින් Dialog Axiata PLC ” Dialog Enterprise හි සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරිස් මහතා සඳහන් කර සිටියේ “කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය කළමනාකාරීත්වය මඟින් ඔවුන්ගේ ඉගැන්වීම් ක්‍රමයන් ඩිජිටල්කරණය කිරීම සඳහා කාලෝචිත තීරණයකට එළඹීම අගය කළ යුතුයි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය සිසුන් මෙරට ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ඵලදායී ආකාරයෙන් යොදා ගත හැකි පරිපූර්ණ වෘත්තිකයින් බවට පත් කිරීමට මෙම සහයෝගීතාව උපකාරී වනු ඇතැයි අප විශ්වාස කරනවා. දැනුම ගෝලීය වශයෙන් උකහා ගත හැකි අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ක්‍රමය ඩිජිටල්කරණය කිරීම තුළින් එහි සිසු සිසුවියන්ට ඔවුන් තෝරා ගනු ලබන එක් එක් ක්ෂේත්‍රයන්හි විශිෂ්ටයින් බවට පත්වීමට අවශ්‍ය පුළුල් අධ්‍යාපන අවස්ථාවක් උදා කර දී ඇති බව අපට සහතික කළ හැකියි.” යනුවෙනි.

Dialog Enterprise සහ Databox Technologies අතර සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපන ආයතනයන්ට ඔන්ලයින් හා හයිබි්‍රඩ් ඉගැන්වීම් පරිසරයන් තුළ පහසුවෙන්, ලාභදායීව හා ආරක්ෂිත ආකාරයෙන් සිය මෙහෙයුම් කටයුතු සිදු කරගෙන යාමට අවස්ථාව සලසා දෙන Dialog Edumix LMS හදුන්වාදිමට හෙතු විය. ඒ මඟින් ආයතනය විසින් ප්‍රවේශවීමේ හැකියාව ලබා දී ඇති සිසුන්, පරිපාලකයින්, ගුරුවරුන් හා කථිකාචාර්යවරුන් හට ඵලදායී සන්නිවේදනය හා සහයෝගීතාවය වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ලබා දීමට අවස්ථාව සලසා දෙනු ලබයි.

රට පුරා අධ්‍යාපන ආයතනයන්හි සිසු සිසුවියන් වෙත සුවිශේෂී ඉගෙනුම් අත්දැකීමක් හිමිකර දෙමින් එම ආයතනයන්හි ඩිජිටල්කරණ අනාගතය වෙත සවියක් වීමට කැපවී සිටින Dialog Enterprise හි ඩිජිටල් අධ්‍යාපන කණ්ඩායම සමඟ සම්බන්ධ වෙමින් පරිවර්තනීය ඩිජිටල් ගමනක් ඇරඹීමට කැමති ඕනෑම අධ්‍යාපන ආයතනයකට 0777 887 887 ඇමතීමෙන් එම සේවාවන් අත් විඳීමට හැකි වේ.

 

 

 

 

 

 

 

Sunshine Holdings records LKR 48.9...
Huawei Hosts the 1st Global...
Sunshine Foundation for Good strengthens...
வரலாற்று சிறப்புமிக்க காலியில் LANKATILES தனது...
2026இல் பள்ளி மாணவர்களின் கல்விக்கு தொடர்ந்து...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...
මෙරට ඉංජිනේරු අධ්යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයක්...