නොසැලෙන විශිෂ්ටත්වය: 2022 වසර සඳහා HNB ඉහළම ඇගයීමට පාත‍්‍ර වූ සමාගම් 10 අතරට තේරී පත් වෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඉහළම ඇගයීමට පාත‍්‍ර වූ සමාගම් 10 අතරට අඛණ්ඩව පස්වන වරටත් ගෞරවයට පාත‍්‍ර කර ඇත.

ඇමෙරිකානු සහතිකලත් ගණකාධිකාරී ආයතනය (AICPA) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA), ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සමඟ එක්ව මෙම ශ්‍රේණිගත කිරීම සංවිධානය කෙරිණි. මෙම ශ්‍රේණිගත කිරීම තම පාර්ශවකරුවන් සඳහා දිගුකාලීන වටිනාකමක් ඇති කරන සහ ආයතනික විශිෂ්ටත්වය සඳහා මිණුම් සලකුණක් තබන ශ‍්‍රී ලාංකික සමාගම් ඇගයීමේ වේදිකාවක් ලෙස ක‍්‍රියා කරයි.

මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහභාගී වූ අතර, එහි ප‍්‍රධාන දේශනය ශ‍්‍රී ලංකාවේ ජපානයේ නියෝජ්‍ය දුත මණ්ඩල ප‍්‍රධානී Katsuki Kotaro මහතා විසින් පවත්වන ලදී.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ ‘‘ඉතා අසීරු දේශීය හා ගෝලීය ආර්ථික අභියෝග හමුවේ වුවද, HNB ශ‍්‍රී ලංකාවේ ඉහළම ඇගයීමට පාත‍්‍ර වූ සමාගමක් ලෙස පිළිගැනීමට ලක්වීම අපගේ කණ්ඩායමේ ශක්තිමත් වටිනාකම් සහ නොසැලෙන කැපවීම ඉස්මතු කරනවා. ඒවගේම අප විසින් අඛණ්ඩව පවත්වාගෙන යන මෙහෙයුම් විශිෂ්ටත්වය සහ යහපාලනයේ පදනම කොතරම් ශක්තිමත් ද යන්න පෙන්නුම් කරනවා.

තවද, අපි අතිනවීන තාක්ෂණය උපරිම ලෙස භාවිත කරමින් අපගේ පාරිභෝගිකයින්ට පුළුල් සහයෝගයක් ලබා දීමට සහ බිම් මට්ටමේ සිට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය නැවත නගා සිටුවීමට දායක කරගැනීමට ඉහළ පෙළේ හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරනවා.’’ යනුවෙනි.

ලැයිස්තුගත සහ ලැයිස්තුගත නොකළ සමාගම් දෙකටම විවෘත, තෝරාගත් අයදුම්කරුවන් ඉතා දැඩි ඇගයීමේ ක‍්‍රියාවලියකට භාජනය වේ. එහිදී CIMA සාමාජිකයින් (CGMAs) කණ්ඩායමක් විසින් අයදුම්කරුවන්ගේ මූල්‍ය කාර්යසාධනය ඇගයීමකට ලක් කරනු ලබන අතර පසුව KPMG කණ්ඩායම, සම්මාන සඳහා ඇෂුවරන්ස් හවුල්කරුවන් ලෙස ක‍්‍රියා කරයි, ඔවුන් ලකුණු සමාලෝචනය කර ඊළඟ වටයට යාමට හොඳම ආයතන 20 තෝරා ගනී. අවසාන වටය සඳහා සමාගම් විසින් බොහෝ විට තම ඉහළ කළමනාකාරීත්වය සමඟ විනිශ්චය මණ්ඩලයක් වෙත ඉදිරිපත් වේ.

HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – Wholesale Banking Group දමිත් පල්ලේවත්ත මහතා (දකුණේ සිට තෙවැන්නා) සහ HNB සහකාර සාමාන්‍යාධිකාරී – Strategy ප‍්‍රියංකා විජේරත්න මහත්මිය (වමේ සිට තෙවැන්නා) ජනාධිපති ලේකම් සමන් ඒකනායක (මැද) මහතා අතින් සම්මානය ලබා ගනිමින්.

 

இலங்கையின் முதன்மை NEV வர்த்தக நாமமான...
வர்த்தக சேவை தடகள சம்பியன்ஷிப்பில் தொடர்ச்சியாக...
Ground Theory puts Sri Lankan...
First Capital Treasuries strengthens Board...
From Sri Lanka to Delhi:...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
2026 கொழும்பு புத்தகக் கண்காட்சி: BookTok...