බිම් මට්ටමේ තිරසාර වර්ධනයක් වෙනුවෙන් HNB වෙතින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 100 දෙනෙකුට රුපියල් මිලියන 10ක ප‍්‍රදානයක්

Share

Share

Share

Share

මෙරට සමාජය තුළ බිම් මට්මේ ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් මඟ පෙන්වන ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය කැපවීම යළි යළිත් තහවුරු කරමින් මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 100 දෙනෙකුට රුපියල් මිලියන 10ක ප‍්‍රදානයක් ලබා දීමට පසුගියදා කටයුතු කළේය. අභියෝගයට ලක් වූ සිය ව්‍යාපාර නැවත නගා සිටුවීම වෙනුවෙන් වන HNB හි ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහන යටතේ මෙම ප‍්‍රදානය සිදු විය.

HNB හි තිරසාර පදනම විසින් ආරම්භ කරන ලද මෙම ප‍්‍රදානයේ ප‍්‍රමුඛ අරමුණ වන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන්ට රු. 100,000ක මූල්‍යමය වශයෙන් අතහිත ලබා දෙමින් ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය කරමින් ඔවුන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බවට පත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB හි කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා සඳහන් කර සිටියේ ‘‘මෙතෙක් අත්නොදුටු අභියෝගයවලින් පිරි වසරක් තුළ ව්‍යාපාර ආරම්භ කිරීමට යම් ප‍්‍රාග්ධනයක් බලාපොරොත්තුවෙන් සිටින ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර යළි ආරම්භ කිරීමට මෙම වැඩසටහන තුළින් ශක්තිමත් දායකත්වයක් ලබා දෙනවා. දශක ගණනාවක් තිස්සේ මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම වෙනුවෙන් කැපවී කටයුතු කළ අප ඔවුන් වෙත මූල්‍ය ආධාර ලබා දීම මෙන්ම ඔවුන්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම වැදගත් බව මනාව හඳුනා ගනිමින් මෙම සුවිශේෂී ප‍්‍රදානය සිදු කළා. ඔවුන්ගේ ව්‍යාපාර යළි ආරම්භ කරමින් තනිව නැගී සිටිය හැකි තත්වයට පත් වීම සඳහා මෙම ප‍්‍රදානය ඉතා ප‍්‍රවේශමෙන් යොදා ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.’’ යනුවෙනි.

2020 වසරේදී ආරම්භ කළ ගැමි පුබුදුව ජාලය හරහා HNB විසින් දිවයින පුරා ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන් 300 දෙනෙකු වෙත රුපියල් මිලියන 30 ක් ලබා දී ඇත. HNB ඒ තුළින් කෘෂිකාර්මික (25%), නිෂ්පාදන (46%) සහ වෙනත් කර්මාන්ත (29%) වැනි වැදගත් අංශවලට සහාය වෙමින් මෙම ප‍්‍රදානයෙන් 70% කට ආසන්න ප‍්‍රමාණයක් ව්‍යවසායකයින් වෙත ලබා දී ඇත.

මෙහිදී අදහස් දැක්වූ HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී තිරසාර හා ආයතනික සන්නිවේදන එල්. චිරන්ති කුරේ මහත්මිය ‘‘බිම් මට්ටමේ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අපගේ මෙහෙවරක් පමණක් නොව එය අපගේ වගකීමක්ද වනවා. නිරන්තරයෙන් ප‍්‍රජාව තුළ ශක්තිමත් ප‍්‍රජාවක් හා ශක්තිමත් හැඟීමක් නිර්මාණය කිරීමට කටයුතු කරන HNB මෙම වැඩසටහන හරහා ව්‍යාපාර වර්ධනයේ අවස්ථා පෙන්වා දෙමින් ගනුදෙනුකරුවන් තුළ දිගු කාලීන වර්ධනයක් හා ඔරොත්තු දීමේ හැකියාවක් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.’’ යනුවෙන් පැවසුවාය.

ඡායාරූපය 1- HNB රාගම ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවෙකු වන නිශාන්ත ප‍්‍රනාන්දු මහතා විසින් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නීතිය/අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්, තුෂාරි රණවීර මහත්මිය අතින් චෙක්පතලබා ගනිමින්. (වමේ සිට) HNB හි තිරසාර ව්‍යාපාර විධායක ශනෙල් පෙරේරා, HNB සහකාර සාමාන්‍යාධිකාරී – උපායමාර්ගික ප‍්‍රියංකා විජේරත්න, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී තිරසාර හා ආයතනික සන්නිවේදන එල්. චිරන්ති කුරේ, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, SME හා ක්ෂුද්‍ර මූල්‍ය රජිව් දිසානායක සහ HNB ක්ෂුද්‍ර මූල්‍ය ප‍්‍රධානී විනෝද් ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වේ.

 

 

Agentic AI තාක්ෂණයේ නව යුගයක්...
Janashakthi Life and People’s Bank...
தித்வா புயலுக்குப் பின்னர் பின்தங்கிய மாணவர்களுக்கு...
ஜனசக்தி லைஃப், “இந்துக்களின் பெருஞ்சமர்” உடன்...
City of Dreams උත්කර්ෂවත් සැමරුම්...
Huawei Launches Comprehensive U6GHz Portfolio...
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ...
MAS advances Plan for Change...
Huawei Launches Comprehensive U6GHz Portfolio...
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ...
MAS advances Plan for Change...
ඩොලර් බිලියන 8ක ඇඟලුම් අපනයන...