HNB, 2023 Daraz ගෙවීම් සහකරු සම්මාන උළෙලේදී හොඳම ප‍්‍රචාරක සහකරු ලෙස පිළිගැනීමට ලක් වෙයි

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට තුළ වඩාත්ම නම්‍යශීලී ගෙවීම් සහකරු ලෙස සිය විශිෂ්ටත්වය තහවුරු කරමින් ඩිජිටල් ගෙවීම් විසඳුම් ඉහළ නැංවීම සඳහා කැපවී කටයුතු කරන දකුණු ආසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය වෙළෙඳ වෙබ් අඩවිය වන Daraz විසින් පසුගියදා පිළිගැනීමට ලක් කළේය.

මෙහිදී 2023 වාර්ෂික Daraz ගෙවීම් සහකරු කාර්යසාධන සම්මාන උළෙලේදී කාඞ්පත් පදනම් කරගත් හොඳම ප‍්‍රචාරක සහකරු ලෙස HNB සම්මාන හිමිකර ගත්තේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB කාඞ්පත් ප‍්‍රධානී ගෞතමී නිරන්ජන් මහත්මිය සඳහන් කර සිටියේ ‘‘වසංගතයේ ආරම්භයත් සමඟ ශ‍්‍රී ලංකාව තුළ වේගයෙන් ව්‍යාප්ත වූ සුවිශේෂී ඩිජිටල් පරිවර්තන පසුබිම තුළ අපගේ ගනුදෙනුකාරභවතුන්ට බාධාවකින් තොරව වැඩකටයුතු කර ගැනීමේ හැකියාව සහතික කිරීම වෙනුවෙන් HNB වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. Daraz වෙතින් හිමි වූ මෙම අඛණ්ඩ පිළිගැනීම තුළින් අපගේ උත්සාහයේ සාර්ථකත්වය මනාව ප‍්‍රදර්ශනය වනවා. සෑම සම්මානයක් වෙනුවෙන්ම පාරිභෝගික තෘප්තිමත් බව අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස හඳුනාගෙන ඇති අපගේ කණ්ඩායම ඒ වෙනුවෙන් කැප වෙමින් විශිෂ්ට පාරිභෝගික සේවාවක් සහතික කිරීම සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කරනු ලැබුවා. ගනුදෙනු පමණක් නොව අත්දැකීම් ලෙසත් ඩිජිටල් සේවාව සලකනු ලබන HNB අපගේ පොරොන්දුව වන්නේ ඩිජිටල් ගෙවීම් විසඳුම්හි නව කඩඉමක් සනිටුහන් කරමින් ගනුදෙනුකරුවන් හට බාධාවකින් තොරව ප‍්‍රතිලාභ ගෙන එන අත්දැකීමක් නිර්මාණය කිරීමයි.’’ යනුවෙනි.

මෙම සම්මානයට අමතරව HNB 2021 හා 2022 වසරවල දීද ‘වඩාත් පරිපූර්ණ වර්ධනයක් සහිත කාඞ්පත් පදනම’ සහිත බැංකුව (The best all-round growth) ලෙසද Daraz වෙතින් පිළිගැනීමට ලක් විය.

එපමණක් නොව, HNB කාඞ්පත් හිමියන්ට HNB ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් සඳහා ආකර්ෂණීය වට්ටම් සහිතව මාස 12ක් දක්වා පොළී රහිත පහසු වාරික ගෙවීමේ සැලසුම් ඇතුළුව Daraz වෙතින් විවිධ ප‍්‍රතිලාභ භුක්ති විඳිය හැකිය. Daraz වෙතින් භාණ්ඩ මිලදී ගැනීමේදී සෙනසුරාදා දිනයන්හිදී HNB ක්‍රෙඩිට් කාඞ්පත් සඳහාද ඉරිදා දිනයන්හිදී HNB ඩෙබිට් කාඞ්පත් සඳහාද 10%ක මිල අඩු කිරීමක් හිමි වීමද විශේෂත්වයකි. එසේම HNB, 11.11 සහ Black Friday වැනි විශේෂ අවස්ථාවන්හිදී සිය කාඞ්පත් හිමියන් සඳහා දැවැන්ත වට්ටම් පිරිනැමීමට ද Daraz සමඟ අත්වැල් බැඳ ගෙන සිටී.

HNB සහකාර කළමනාකාරිණී කාඞ්පත් ව්‍යාපාර සංවර්ධන හා කළඹ කළමනාකරණ සශිනි ප‍්‍රනාන්දු මහත්මිය (වමේ සිට තෙවැන්නා) Daraz Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ Bart Van Dijk මහතා (වමේ සිට දෙවැන්නා) අතින් සම්මානය ලබා ගනිමින්. (වමේ සිට) Daraz Sri Lanka හි ගෙවීම් හා සබඳතා ප‍්‍රධානී දුලීක ජයමාන්න, HNB විධායක – කාඞ්පත් ව්‍යාපාර සංවර්ධන රොෂාන් පෙරේරා සහ HNB සහකාර – කාඞ්පත් ව්‍යාපාර සංවර්ධන නිමන්තක දොඩංතැන්න යන මහත්වරුන්ද ඡායාරූපයේ වේ.

 

 

பிரித்தானியாவின் Global Marine Systems நிறுவனத்திற்கு...
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2027 මූල්‍ය වර්ෂයේ...
Janashakthi Finance records a 51%...
Softlogic Life Delivers Rs. 7.2Bn...
Janashakthi Life delivers 36% revenue...
ITC Ratnadipa Honours the Spirit...
JXG Posts LKR 6.4Bn Revenue...
ණය සහ අත්තිකාරම් රු. බිලියන...
ITC Ratnadipa Honours the Spirit...
JXG Posts LKR 6.4Bn Revenue...
ණය සහ අත්තිකාරම් රු. බිලියන...
2026 CRIB தரவு நிர்வகிப்பு மற்றும்...