BPPL Holdings ෆෝබ්ස් සඟරාවේ ඇමරිකානු ඩොලර් බිලියනයකට අඩු ආදායමක් වාර්තා කළ ආසියාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා ලෙස ගෞරවයට පාත‍්‍ර වෙයි

Share

Share

Share

Share

බුරුසු සහ බුරුසු කෙඳි (filament) අපනයන නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන BPPL Holdings, ෆෝබ්ස් සඟරාව විසින් 2021 වසර සඳහා පිරිනමනු ලබන ඇමරිකානු ඩොලර් බිලියනයකට අඩු ආදායමක් වාර්තා කළ ආසියාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා, “Asia’s Best Under a Billion”, ලෙස ගෞරවයට පාත‍්‍ර කර ඇත. මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය නොවැම්බර් 21 වන දින පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්විණි.

ෆෝබ්ස් සඟරාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 10 ඉක්මවන නමුත් ඇමරිකානු ඩොලර් බිලියනයකට අඩු ආදායම් සහ ස්ථාවර ව්‍යාපාරික පිරිවැටුම හා ලාභයක් වාර්තා කර ඇති ආසියා පැසිෆික් කලාපයේ ප‍්‍රසිද්ධ වෙළෙඳ සමාගම් 20,000 කට අධික සංඛ්‍යාවක් මේ වසරේදී ඇගයීමට ලක් කළ අතර එයින් තෝරා ගන්නා ලද්දේ සමාගම් 200 ක් පමණි. මෙම “Best Under a Billion” මගින් නිර්ණායක පරාසයක් හරහා සුවිශේෂී දිගු කාලීන තිරසාර කාර්ය සාධනයක් පෙන්නුම් කරන සමාගම් ඇගයීමට ලක් කරයි. දැඩි තේරීම් ක‍්‍රියාවලියකට යටත්ව මෙම ලැයිස්තුව අතරට එක්වීමට ලැබීම තුළින් BPPL Holdings හි තිරසාර කාර්ය සාධනය මූර්තිමත් කරයි.

මෙම සමාගම් තෝරා ගනු ලැබුවේ ඔවුන් වාර්තා කළ ණය කළමනාකරණය, විකුණුම් වර්ධනය සහ කොටසක ඉපැයීම් වර්ධනය වැනි තීරණාත්මක සාධක සැලකිල්ලට ගනිමින් සංයුක්ත ලකුණු මත පදනම් වූ පුළුල් ඇගයීමකින් අනතුරුවයි. බරපතල පාලන ගැටළු, සැක සහිත ගිණුම්කරණ භාවිතයන්, පාරිසරික ගැටළු, කළමනාකරණ ගැටළු හෝ නීතිමය ගැටළු ඇති සමාගම් බැහැර කිරීම සඳහා ප‍්‍රමාණාත්මක නිර්ණායක හැරුණු විට ගුණාත්මක මිනුම් දර්ශක ද මෙම වාර්තාව සඳහා භාවිතා කරන ලදී.

BPPL Holdings PLC විසින් මහා පරිමාණ පරිසර හිතකාමී සමාගම් තුනක් ක‍්‍රියාත්මක කරන අතර වෘත්තීය වෙළඳපල සඳහා බුරුසු සහ බුරුසු ෆිලමන්ට් නිෂ්පාදනය කිරීම සහ ගෝලීය විලාසිතා සන්නාම සඳහා ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය කරයි. ආසියාවේ විශාලතම බුරුසු නිෂ්පාදනය කිරීමේ සමාගම යන කීර්ති නාමය හිමිව තිබෙන්නේ ද මෙම සමාගම හට වීම විශේෂත්වයකි. තවද, BPPL Holdings, වර්ධනය වෙමින් පවතින ඉන්දියානු බුරුසු කෙඳි වෙළඳපොලේ ඇස්තමේන්තුගත 10% වෙළෙඳපල කොටසකට හිමිකම් කියන අතර, ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද PET ප්ලාස්ටික් බෝතල් වලින් සාදන ලද ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය කරන ශ‍්‍රී ලංකාවේ එකම නිෂ්පාදකයා ලෙස ද සිය නාමය බබළවයි.

”තිරසාර ව්‍යාපාරික භාවිතයන් සහ දිගු කාලීන වර්ධනය සඳහා අපගේ කැපවීම අවධාරණය කරමින් ෆෝබ්ස් ඒෂියා වෙතින්, “Best Under a Billion”, සම්මානය ලැබීම අපට මහත් ගෞරවයක්. මෙම පිළිගැනීම ආයතනික වගකීමේ ඉහළම ප‍්‍රමිතීන්ට අනුගත වෙමින් අපගේ පාර්ශ්වකරුවන්ට අඛණ්ඩව වටිනාකමක් ලබා දීම සඳහා අපගේ කණ්ඩායමෙහි වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ කැපවීම පිළිබඳ සාක්ෂියක්. මෙම සම්මානය අපගේ සේවා ජාලයට තවත් එවැනි වටිනාකම් එකතු කර ගනිමින් අපගේ පාරිසරික සහ සමාජ තිරසාර අවකාශය තව තවත් පුළුල් කිරීමට අපව පොළඹවයි.” යනුවෙන් BPPL Holdings හි ප‍්‍රමුඛතම කොටස් හිමියා සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා පැවසීය.

තිරසාර ව්‍යාපාරික ප‍්‍රමුඛයෙකු ලෙස ශ‍්‍රී ලංකාව මුහුණ දෙන තීරණාත්මක ගැටළුවක් වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ප‍්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කරන BPPL සමූහය දිනකට PET ප්ලාස්ටික් බෝතල් 360,000 කට වැඩි සංඛ්‍යාවක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කර පොලියෙස්ටර් නූල් සහ මොනොෆිලමන්ට් නිෂ්පාදනය කරනු ලබයි. 2011 දී එහි ප‍්‍රතිචක‍්‍රීයකරණ කටයුතු ආරම්භ කළ දා සිට මේ දක්වා මෙමඟින් මිලියන 570 කට අධික ප්ලාස්ටික් බෝතල් ප‍්‍රමාණයක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කර ඇත.

තිරසාරභාවය කෙරෙහි සාමූහික අවධානයක් යොමු කරන ආසියාවේ පාරිසරික, සමාජීය හා පාලනය සහිත සමාගම් කිහිපයෙන් එකක් ලෙස BPPL පෙන්වා දිය හැකිය. එහි පූර්ණ අනුබද්ධිත සමාගම් වන ඉකෝ ස්පින්ඞ්ල්ස් සහ බේරා බ‍්‍රෂ් හරහා ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද පොලියෙස්ටර් නූල්, මොනොෆිලමන්ට්ස් මෙන්ම කර්මාන්තශාලා හා ගෘහස්ත අවශ්‍යතාවන් සදහා වන පිරිසිදු කිරීමේ උපකරණ ඉන්දියාව, බංග්ලාදේශය, ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළු ජාත්‍යන්තර වෙළෙඳපොළවලට අපනයනය කරනු ලබයි. එසේම BPPL විසින් ‘Tip Top’ නාමය යටතේ දේශීයව අලෙවි කරනු ලබන ගෘහස්ථ පිරිසිදු කිරීමේ බ‍්‍රෂ් වර්ග ද නිෂ්පාදනය කරනු ලබයි.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...