ලෝක දෑත් සේදීමේ දිනය 2023 වෙනුවෙන් ඩෙටෝල් වෙතින් බලාපොරොත්තුවේ සිතුවමක්

Share

Share

Share

Share

‘විෂබීජ නැති හෙටක් – සුවබර රටක්’ තේමාව යටතේ පැවැත්වූ ළමා චිත්‍ර තරඟය

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ආදරය දිනූ සන්නාමයක්’ මෙන්ම ලොව පුරාමත් ඉතා විශ්වාසයෙන් වැළඳගත් සන්නාමයන් අතරින් එකක් වූ ඩෙටෝල්, පසුගිය ඔක්තෝබර් 15ට යෙදී තිබූ ලෝක දෑත් සේදීමේ දිනය වෙනුවෙන් ළමා චිත්‍ර තරඟයක් සංවිධාන කර තිබුණේ යහපත් සෞඛ්‍ය පුරුදු උදෙසා ඉදිරි පරපුර උනන්දු කිරීමේ අරමුණ පෙරදැරිවයි.

‘විෂබීජ නැති හෙටක් – සුවබර රටක්’ යන තේමාව පාදක කරගනිමින් ‘විෂබීජ නැති රටක්’ නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව පවත්වන ලද මෙම සුවිශේෂී ළමා චිත්‍ර තරඟය, දිවයින පුරා දරුවන්ට සුපිරිසිදු ශ්‍රී ලංකාවක් ගැන ඔවුන්ගේ නිර්මාණශීලී අදහස් විදහා පාන්නට උදා කරදුන් අගනා අවස්ථාවක් විය.
‍
මෙම තරඟය පිළිබඳ අදහස් දක්වමින් Reckitt Benckiser සමාගමේ Dettol ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකරු, ලිලානි රාජපක්ෂ මහත්මිය, “ලාබාල වියේ පටන්ම හොඳ පුරුදු ඇති කරගැනීම වැදගත්. සෞඛ්‍යය සහ පිරිසිදුකම ගැන අපි ඔවුන්ට හොඳ මඟපෙන්වීමක් ලබා දීම අවශ්‍යයි. අපි මේ තරඟයේ තේමාව නිර්මාණය කළේ, දෑත් සේදීම අත්‍යවශ්‍ය සනීපාරක්ෂක පුරුද්දක් විදියට දකින්නට දරුවන් දිරිගැන්වීම අරමුණු ඇතිවයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය වෙනුවෙන් ඇපකැප වූ සන්නාමයක් විදියට, නිරෝගී රටක් වෙනුවෙන් තමන්ගේ දායකත්වය ලබා දිය යුත්තේ කෙසේද යන්න ගැන අනාගත පරපුර දැනුවත් කිරීම අපේ වගකීමක් ලෙස අපි දකිනවා”.

වයස 7 සහ 7න් පහළ, 8-10, 11-13 සහ 14-16 වශයෙන් කාණ්ඩ 4ක් යටතේ පැවැත්වුණු මෙම තරඟය සඳහා, විෂබීජවලින් තොර රටක් යන තේමාවට අනුකූලව ඉදිරිපත් වු නිර්මාණ රැසක්ම ලැබී තිබිණ. ස්වාධීන විනිශ්චය මඩුල්ලක් මඟින් තෝරාගත් ජයග්‍රාහී නිර්මාණ අතරින් වයස 7 සහ 7න් පහළ කාණ්ඩයෙන් හසදි අකිත්මා – අලව්ව, 8-10 කාණ්ඩයෙන් සෙනුත් සනුජ – වැල්ලම්පිටිය, 11-13 කාණ්ඩයෙන් කේ.ජී. හංසි එරංදිකා – කුරුවිට සහ 14-16 කාණ්ඩයෙන් දනිඳු මනෝධ්‍ය – රඹුක්කන යන දූපුතුන් ප්‍රථම ස්ථාන දිනාගන්නා ලදී.

ලෝක දෑත් සේදීමේ දිනය 2023 සමරමින් පවත්වන ලද මේ චිත්‍ර තරඟය, යහපත් සෞඛ්‍ය පුරුදු සමාජය තුළ ප්‍රචලිත කරමින් සෞඛ්‍යමත් සුපිරිසිදු ලංකාවක් බිහි කිරීමේ ඩෙටෝල් වෑයමේ තවත් එක් සාර්ථක පියවරක් ලෙස සනිටුහන් වෙමින් නිමාවට පත් විය.

ඩෙටෝල් සන්නාමය, දරු උපත්වලදී ඇතිවන ආසාදන සඳහා භාවිත කිරීම සඳහා 1933 වසරේදී වෛද්‍යවරුන් පිරිසක් විසින් නිපදවන ලද විසඳුමක් ලෙස ආරම්භ වූ අතර එතැන් පටන් ලොව පුරා විශ්වාසය දිනූ නිෂ්පාදනයක් බවට පත් විය. 1962 වසරේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ඩෙටෝල්, අද දක්වාම පුද්ගල සනීපාරක්ෂාව සහ නිවසේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් නිරතුරුව ඔබ හා රැඳෙන සන්නාමයකි. විශ්වාසය, සඵලබව සහ අධ්‍යාපනය යන කරුණු තුන ඩෙටෝල් සාර්ථකත්වයට පසුබිම් වූ රහසයි.

தொழிலாளர் தட்டுப்பாடு காரணமாக இயந்திரங்கள், தரவுகள்...
පුල්ලේ මඩුවෙන් වෛද්‍ය පීඨයට වැවිලි...
The cost of hesitation: lessons...
TikTok strengthens AI transparency and...
රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
පාරිභෝගිකයින්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනමමින්...