HNB, Smart Village හි ගොවීන් සවිබල ගැන්වීම වෙනුවෙන් SLAF සහ Agro World සමඟින් අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකා කෘෂි ව්‍යවසාය සංසදය (SLAF) සහ Agro World (පුද්) සමාගම සමඟ උපාය මාර්ගික හවුල්කාරීත්වයක් ඇති කරගත්තේය. Smart Village වැඩසටහන සඳහා සම්බන්ධ වන සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් සවිබල ගැන්වීමේ පියවරක් ලෙසිනි. එම හවුල්කාරීත්වය යටතේ ගොවීන් වෙත මූල්‍ය අවශ්‍යතා, නවීන තාක්ෂණය හා නව වෙළෙඳපොල සඳහා පිවිසීමේ අවස්ථාව උදා කර දීමද HNB හි අරමුණ වී ඇත.

HNB, ශ‍්‍රී ලංකා කෘෂි ව්‍යවසාය සංසදය (SLAF) සහ ඇග්‍රෝ වර්ල්ඞ් යන ත්‍රෛපාර්ශවීය හවුල්කාරීත්වය සඳහා HNB ටවර්ස්හිදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම සහයෝගීතාවයේ අරමුණ වන්නේ ගොවීන්ට මූල්‍ය අවශ්‍යතා, නවීන තාක්ෂණය සහ නව වෙළෙඳපල සඳහා ප‍්‍රවේශය ලබා දීමයි.

තවද කෘෂි ව්‍යවසායකයින් විසින් මුහුණ දෙන ඵලදායීතාව අඩු වීම, විවිධාංගීකරණය නොවීම, වෙළෙඳපොල සමඟ සම්බන්ධතාවක් නොමැතිකම, උපකරණ හිඟකම හා මූල්‍ය අවශ්‍යතාවන් සපුරා ගැනීමේ අවස්ථාවන් අවම වීම වැනි ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් මෙම හවුල්කාරීත්වය යටතේ කටයුතු කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ ක්ෂුද්‍ර මූල්‍ය රජීව් දිසානායක මහතා පැවසුවේ ‘‘ශ‍්‍රී ලංකාවේ ඉදිරි දියුණුව වෙනුවෙන් නව වෙළෙඳපොල නිර්මාණය කර ගැනීම, ගෝලීය ප‍්‍රවණතාවන් පිළිබඳ අවබෝධය හා නවීන තාක්ෂණය ඉතා වැදගත් වනවා. අපගේ අරමුණ වන්නේ රට පුරා ගොවි ජනතාව වෙත දැරිය හැකි ආකාරයේ අරමුදල් ලබා දීමත් ඔවුන්ගේ ඵලදායීතාව ඉහළ නැංවීමත් මෙන්ම දේශීය හා ගෝලීය වශයෙන් නව වෙළෙඳපොල අවස්ථාවන් ළඟා කර ගැනීමට අවශ්‍ය නවීන තාක්ෂණික ක‍්‍රම අනුගමනය කිරීම සඳහා සහයෝගය ලබා දීමයි.’’ යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ Agro World (පුද්) සමාගමේ නිර්මාතෘ, ප‍්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ ආචාර්ය සෙල්වනාදන් අනෝජන් මහතා පැවසුවේ ‘‘දිනෙන් දින පුළුල් වන වෙළෙඳපොල තත්වයන් හා වෙනස් වන කාලගුණික තත්වයන්ගේ බලපෑම සමඟ ගොවිතැන් කටයුතුවල නියැලෙන ගොවීන්ට පසුගිය වසර කිහිපය ඉතා අභියෝගාත්මක කාලයක් වූනාx එවැනි ගොවි ජනතාවකගේ සැපයුම් දාමයන් තවදුරටත් ශක්තිමත් කිරීම සහ තිරසාර වෙළෙඳපොල නිර්මාණය කිරීම හරහා කෘෂිකර්මාන්තය සවිබල ගැන්වීම සඳහා HNB සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි’’ යනුවෙනි.

මෙම හවුල්කාරීත්ව තුළින් තෝරාගත් ගොවීන් වෙනුවෙන් විවිධ ආධාර, අඩු පොලී ණය, නවීන ගොවි තාක්ෂණය සහ ඔවුන්ගේ නිෂ්පාදන අලෙවිය සඳහා වන වෙළෙඳපොල නිර්මාණය කිරීම ආදිය සඳහා HNB, SLAF සහ Agro World හි සහයෝගය නොඅඩුව හිමිවනු ඇත.

Agro World සහ ශ‍්‍රී ලංකා කෘෂි ව්‍යවසාය සංසදය විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟින් එක්ව තමන් සමඟ සම්බන්ධ වන සෑම ගොවියකුටම ආධාර ලබා දීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට නියමිත අතර ගිවිසුමට අනුව ගොවීන් තවදුරටත් සවිබල ගැන්වීම සඳහා සහනදායී ණය ලබා දීමට HNB කටයුතු කරනු ඇත. ඊට අනුව ගොවීන් සඳහා වන නව තාක්ෂණය හා වෙළෙඳපොල ප‍්‍රවේශය ලබා දීමේ වගකීම Agro World ආයතනය සතු වේ.

ඡුායාරූපය 1 – (වමේ සිට දකුණට) HNB ජනනි ගමගේ, HNB ජ්‍යෙෂ්ඨ කළමනාකාර ක්ෂුද්‍ර මූල්‍ය පූජිත ජයවර්ධන, HNB ජ්‍යෙෂ්ඨ කළමනාකාර ව්‍යාපාරික බැංකුකරණ ජූඞ් පිල්ලෙයි, HNB සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය හා සම්බන්ධතා ප‍්‍රධානී එන්. කේතීස්වරන්, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කුුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ ක්ෂුද්‍ර මූල්‍ය රජීව් දිසානායක, Agro World සමාගමේ නිර්මාතෘ, ප‍්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ ආචාර්ය සෙල්වනාදන් අනෝජන්, ශ‍්‍රී ලංකා කෘෂි ව්‍යවසාය සංසදයේ ගරු භාණ්ඩාගාරික කුලේන්ද්‍රන් සිවරාම්, SLAF විධායක කමිටු සාමාජික පරාක‍්‍රම ජයසිංහ, Agro World සහකාර කළමනාකාර – මෙහෙයුම් නිමාෂා පෙරේරා, Agro World විධායක – කෘෂිකර්ම දිනේෂ් ජයවීර, SLAF විධායක නිලධාරී රුවින් මාපා යන මහත්ම මහත්මීන් ඡුායාරූපයේ වේ.

 

 

 

 

EFC National Best Employer Awards...
கண்டி நகரில் நவீன விருந்தோம்பல் சேவையின்...
Sunshine Holdings records LKR 48.9...
Huawei Hosts the 1st Global...
Sunshine Foundation for Good strengthens...
வரலாற்று சிறப்புமிக்க காலியில் LANKATILES தனது...
2026இல் பள்ளி மாணவர்களின் கல்விக்கு தொடர்ந்து...
Appe Lanka Restores Naranthalu Tank...
வரலாற்று சிறப்புமிக்க காலியில் LANKATILES தனது...
2026இல் பள்ளி மாணவர்களின் கல்விக்கு தொடர்ந்து...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...