දමිත් පල්ලෙවත්ත මහතා නව යුගයක් වෙනුවෙන් HNB හි නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත් වෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත් කළ බව නිවේදනය කර ඇත. 2024 අප්‍රේල් 06 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියට යටත්ව මෙම පත්වීම සිදු කර ඇති අතර 2023 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ක්‍රමානුකූල නායකත්ව වෙනස්වීම්වල එක් පියවරක් ලෙස මෙම පත්වීම සිදුකර ඇත.

අවුරුදු 14කට වැඩි කාලයක් පුරා බැංකු ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ හා ආයතනික කළමනාකරණ භූමිකාවල කටයුතු කර ඇති පල්ලෙවත්ත මහතා වසර 27කට වැඩි පළපුරුද්දක් සහිත සුදුසුකම්ලත් බැංකු හා අවදානම් කළමනාකරණ වෘත්තිකයකු ලෙස තමන් ලබා ඇති අත්දැකීම් HNB හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙහි සාර්ථකත්වය වෙනුවෙන් යොදා ගනු ඇත. HNB ආයතනික බැංකුකරණ සමූහයේ (Wholesale Banking Group) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ දමිත් පල්ලෙවත්ත මහතා උපාය මාර්ගික අවදානම් කළමනාකරණය, ණය, ශාඛා බැංකුකරණ, මෙහෙයුම් ඇතුළු සෑම බැංකු ක්ෂේත්‍රයකම කටයුතු කර ඇත.

HNB හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත් වූ දමිත් පල්ලෙවත්ත මහතා සිය ඉදිරි කාර්යභාරය පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ “පසුගිය වසර 10ක කාලය තුළ HNB විසින් සිදු කළ ප්‍රතිසංවිධානවල ප්‍රතිඵලයක් ලෙස ජාතික ආර්ථිකය වෙනුවෙන් සුවිසල් දායකත්වයක් දැක්වීමට අපට හැකි වී තිබෙනවා. අප සතු මෙම ශක්තිය, ස්ථාවරත්වය හා නව්‍යකරණ විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වා ගැනීම අපගේ අරමුණයි. ඉහළ පාරිභෝගික සේවාවන්, වර්ධනය වන තාක්ෂණය හා අසමසම අන්තර්ජාල හැකියාවන් තුළින් සැබෑ ආර්ථික පුනර්ජීවයක් සඳහා වැදගත් අංශ හා නව වෙළෙඳපොල සමඟ එක් වෙමින් ජාත්‍යන්තර වෙළෙඳපොල වෙත පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලාංකේය ව්‍යවසායකයින් වෙත උදා කර දීමටද අපි බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විවිධ නායකත්ව තනතුරු මෙන්ම අධ්‍යක්ෂ තනතුරුවල කටයුතු කර ඇති පල්ලෙවත්ත මහතා 2021 නොවැම්බර් මස සිට කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත Lanka Ventures PLC සහ LVL Energy Fund PLC හි සභාපති/අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ පමණක් නොව බංග්ලාදේශය, නේපාලය යන රටවලද ව්‍යාපාර ප්‍රාග්ධනය හා පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ සිය ප්‍රවීනත්වය ප්‍රකට කිරීමට සමත් විය.

එමෙන්ම Acuity Partners (Pvt) Ltd, Acuity Securities Limited සහ Lanka Financial Services Bureau Limited යන ආයතනවල අධ්‍යක්ෂ තනතුරු දරන පල්ලෙවත්ත මහතා මෑතකදී ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ උප සභාපති/අධ්‍යක්ෂ ලෙසද පත් විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමිකර ගෙන ඇති පල්ලෙවත්ත මහතා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ London School of Economics හි කළමනාකරණය පිළිඳ විද්‍යාවේදී උපාධියකටද හිමිකම් කියයි. එසේම ගෝලීය අවදානම් වෘත්තිකයින්ගේ සංගමය විසින් පිළිගත් මූල්‍ය අවදානම් කළමනාකරු ලෙස ද කටයුතු කර ඇති ඒ මහතා ප්‍රංශ මූල්‍ය වෙළෙඳපොල සංගමයේ ACI මෙහෙයුම් සහතිකලාභියකු මෙන්ම එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සමාජිකයකුද වේ. එමෙන්ම GARP විසින් තිරසාර හා කාලගුණික අවදානම් සහතිකයක් හිමිකරගෙන ඇති ඔහු ඒ සියලු දේ තුළින් මූල්‍ය, සමාජීය හා පාරිසරික තිරසාර භාවිතයන්හි සාර්ථකත්වය වෙනුවෙන් සිදුකරන කැපවීම මනාව ප්‍රදර්ශනය කිරීමට සමත් විය.

HNB හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා

 

 

 

 

 

 

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...