MAS Holdings, 2024 පැරාලිම්පික් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික පැරාලිම්පික් කමිටුවේ නිල ඇඟලුම් සහකරු ලෙස එක් වෙයි

Share

Share

Share

Share

MAS Holdings ශ්‍රී ලංකා ජාතික පැරාලිම්පික් කමිටුවේ නිල ඇඟලුම් සහකරු ලෙස 2024 අගෝස්තු 14 වන දින පැවති නිල එළිදැක්වීමේ හා නිල ඇඟලුම් කට්ටලය භාරදීමේ උත්සවයේදී ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව 2024 පැරාලිම්පික් තරඟාවලිය සඳහා තරඟ වදින සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ධාවන, පිහිනුම් සහ රෝද පුටු ටෙනිස් යනාදී ක්‍රීඩා සඳහා වන ක්‍රීඩා ඇඟලුම් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උත්සව ඇඟලුම් MAS Holdings විසින් ලබා දීමට නියමිතය.

 

විශේෂ අවශ්‍යතාවන් සහිත පුද්ගලයින් මුහුණදෙන දුෂ්කරතාවයන් මනාව හඳුනාගනිමින් MAS ස්වාධීනව ඇඳුම් ඇඳ ගැනීමට හැකි ආකාරයේ නවතම නිෂ්පාදනයන් පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන සිදු කරමින් 2019 වසරේදී අනුවර්තනීය ඇඟලුම් (Adaptive Apparel) හඳුන්වාදෙන ලදී. ප්‍රථම වරට 2021 වසරේදී ශ්‍රී ලංකා ජාතික පැරාලිම්පික් කමිටුව සමඟ එක් වූ MAS, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම්, තෝරා ගැනීම් තරඟ සඳහා මෙන්ම දේශීය හා ජාත්‍යන්තර තරඟ සඳහා වන සාමාන්‍ය ඇඟලුම් සහ කාර්ය සාධන ඇඟලුම් සපයනු ලබයි.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ MAS Holdings හි ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු මහතා “වසර ගණාවක් පුරා ශ්‍රී ලාංකේය පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ජාත්‍යන්තර තරඟයන්හිදී අපගේ සහයෝගය දැක්වීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි. ඔවුන් දක්වා ඇති දස්කම් තුළින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දීමට හැකි වී තිබෙනවා. අපගේ මෙම අඛණ්ඩ සහයෝගය තුළින් ඔවුන්ට ඔවුන්ගේ උපරිම දක්ෂතාවන් දැක්වීමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා.” යනුවෙන් පවසා සිටින ලදී.

 

මෙහිදී අදහස් දැක්වූ ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් දීපාල් හේරත් මහතා සඳහන් කර සිටියේ “MAS Holdings සමඟ වන මෙම සබඳතාව අපිට මහත් අස්වැසිල්ලක් වන අතරම ඒ තුළින් ජාත්‍යන්තර තරඟකරුවන් හා සමානව අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ඔවුන්ගේ තරඟ සඳහා අවශ්‍ය උසස් තත්වයේ ඇඟලුම් ලබා ගැනීමට හැකි වී තිබෙනවා. එසේම අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීම සඳහා මෙම හවුල්කාරීත්වය සුවිසල් හේතුවක් වනු ඇතැයි අපගේ විශ්වාසයයි.” යනුවෙනි.

 

මෙම ඇඟලුම්වල විශේෂත්වය වන්නේ එහි ඇති සුවපහසුව හා මනා කාර්ය සාධනයක් සඳහා වන සුවිශේෂී ක්‍රියාකාරී ලක්ෂණයි. අවශ්‍ය ප්‍රමාණයට සකස් කළ හැකි drawcord සහ චුම්භක සිපර් එකකින් සමන්විත මෙහි උත්සව ඇඟලුම් කට්ටලය නිසි වාතාශ්‍රය හා හුස්ම ගැනීමේ පහසුව ඉහළ නංවන හිස් ආවරණයකින් ද සමන්විත වේ. ධාවනය සඳහා යොදා ගන්නා බහුකාර්ය කලිසම කෙටි කලිසමක් බවට පරිවර්තනය කළ හැකි අතර පෝලෝ කමිසය පහසුව සඳහා දිගු ඇදීමේ ලූපයක් සහිත සිපර් එකකින් සමන්විතය. එසේම මෙහි පිහිනුම් ක්‍රීඩා ඇඟලුම් විශිෂ්ට මලල ක්‍රීඩකයන්ට ගැලපෙන ආකාරයෙන් නිර්මාණය කර ඇති අතර රෝද පුටු ටෙනිස් ක්‍රීඩා සඳහා වන කොට කලිසම් නම්‍යශීලී රෙදි, පහසු ඉණ පටි සහ පහසු කාර්ය සාධනයක් වෙනුවෙන් භාවිත කළ හැකි ගාංචු යොදා නිර්මාණය කර ඇත.

 

2024 පැරාලිම්පික් ඇඟලුම් කට්ටලය නිර්මාණය කිරීමේදී ශ්‍රී ලංකාවේ දුර්ලභ වන ජීවීන්ගේ ආභාසය ලබා තිබීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ සංකේතයක් වන සිංහයා සමඟින් ශ්‍රී ලංකාවට ආවේණික ලංකා දිවියා, ශ්‍රී ලංකා වළි කුකුළා සහ ලයන් ෆිෂ් යන සතුන්ගේ රටාවන් එම ඇඟලුම් හි මුද්‍රණය කොට ඇත. පැහැදිලි ආකාරයෙන් සිංහයා මුද්‍රණය කර ඇති අතර ජාතික කොඩියකින්ද සමන්විත වේ.

 

විවිධ ආබාධ සහිත පුද්ගලයන් 450කට අධික පිරිසක් වෙත රැකියා අවස්ථා උදා කර දී ඇති MAS Holdings ඒ තුළින් සේවා ස්ථානයේ සියලු දෙනාට සමාන අවස්ථා උරුම කර දීම වෙනුවෙන් සිදු කරන කැපවීම මනාව අවධාරණය කර සිටියි. MAS හි සුවිශේෂී Lable සන්නාමය හරහා MAS Holdings සහ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව අතර වන හවුල්කාරීත්වය තුළින් සුවිසල් ප්‍රජාවක් වෙනුවෙන් දක්වන අඛණ්ඩ කැපවීම මනාව පෙන්වා දෙයි.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...