ආසියා පැසිෆික් කලාපීය Cybersecurity Weekend 2024 තුලින් සයිබර් තර්ජන හා AI බලයෙන් ක්‍රියාත්මක අභියෝග පිළිබඳව පෙන්වා දෙයි

Share

Share

Share

Share

Kaspersky හි ශ්‍රී ලංකාවේ ප්‍රධාන සයිබර් ආරක්ෂණ සමුළුවේදී කලාපයේ නවතම තර්ජන වාහකයින් හා AI සම්බන්ධ වැඩකටයුතු සඳහා හොඳම ආරක්ෂණ පිළිවෙත් හෙළි කරයි

ගෝලීය සයිබර් ආරක්ෂණ විසඳුම් සපයන්නා වන පසුගිදා ආසියානු පැසිෆික් කලාපීය රටවල් සඳහා වන ඔවුන්ගේ 2024 Cybersecurity Weekend ශ්‍රී ලංකාවේදී පවත්වන ලදී. සයිබර් ආරක්ෂණය සම්බන්ධ වර්ධනයන් හා සයිබර් ආරක්ෂාවට තර්ජනය එල්ල කරන්නන් මෙන්ම නවතම ආරක්ෂණ අභියෝගවලට මුහුණ දීම සඳහා දැනුවත්භාවයක් ලබා දීම මෙහි අරමුණ විය. මෙහිදී ලොව ප්‍රමුඛතම සයිබර් ආරක්ෂණ වෘත්තිකයින්, මාධ්‍යවේදීන්, ප්‍රමුඛපෙළේ කර්මාන්තවල විධායක නිළධාරීන් සහ තවත් බොහෝ වෘත්තිකයින් වෙත එල්ල වන දැඩි සයිබර් ආරක්ෂණ තර්ජන මෙන්ම AI හි ජනප්‍රියත්වයත් සමඟ ඇති විය හැකි අභියෝග පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් ලබා දීමට Kaspersky හි සයිබර් ආරක්ෂණ විශේෂඥයින් කටයුතු කරන ලදී.

මෙවර ආසියා පැසිෆික් රටවල් සඳහා 2024 Cybersecurity Weekend ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබීමද විශේෂත්වයක් විය. ඒ තුළින් ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින තත්වය ඇගයීමට ලක් කිරීමට කටයුතු කර ඇති Kaspersky රාජ්‍ය හා පෞද්ගලික ආයතන හා පුද්ගලයින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්, මධ්‍යම හා විශාල පරිමාණයේ ව්‍යවසායන් සහ යටිතල පහසුකම් සපයන සමාගම් වෙත සයිබර් ආරක්ෂණ සේවාවන් සැපයීමේ මෙහෙවර ඉස්මතු කරනු ලබයි.

මෙම සමුලුවේදී අදහස් දැක්වූ ආසියා පැසිෆික් කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂ Adrian Hia මහතා සයිබර් ආරක්ෂණ සේවා සපයන්නන් හා ඔවුන් සේවය ලබා දෙන ආයතන සයිබර් ආරක්ෂණ ක්‍රම සකස්කර ගත යුතු ආකාරය හා ක්‍රියාත්මක වන කලාපයන්හි නීතිමය තත්වයන් පිළිබඳ දැනුවත් විය යුතු ආකාරය පෙන්වා දෙමින් සඳහන් කර සිටියේ “බොහෝ සංවිධානවලට AI අත්‍යාවශ්‍ය සාධකයක් වනවා. සුවිසල් දත්ත සකස් කිරීමේ හැකියාව තිබූණද AI සමඟ සම්බන්ධ වූ විට එම පාර්ශවකරුවන් දත්තයන්හි අනුකූලතාව පිළිබඳව අවබෝධ කර ගත යුතුයි. යම් ආයතනයක් ක්‍රියාත්මක වන කලාපය තුළ ක්‍රියාත්මක නීති හා රෙගුලාසි අනුව කටයුතු කළ යුතු අතර රහස්‍ය දත්තයන් සම්බන්ධයෙන් AI කටයුතු කරන ආකාරය හා කුමන දත්තවලට ප්‍රවේශ විය හැකිද යන්න පිළිබඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි.” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ Kaspersky හි ගෝලීය පර්යේෂණ හා විමර්ශන කණ්ඩායම් අධ්‍යක්ෂ Igor Kuznetsov මහතා ransomware පිළිබඳ අදහස් දක්වනු ලැබීය. එහිදී ඒ මහතා සඳහන් කර සිටියේ ගෝලීය වශයෙන් සිදු කරනු ලබන වඩාත් දුර්ලභ සයිබර් අපරාධය ransomware බවයි.

තවද මෙම සමුලුවේදී වඩාත් ස්වාභාවික ශබ්ද සහිත ඊමේල් නිර්මාණය කිරීම, phishing attacks, මුරපද උත්පාදනය, malware කේත සඳහා සහාය වීම සහ මුරපද ප්‍රහාර සිදු කිරීම මඟින් social engineering ප්‍රහාර ඉහළ නැංවීමට සමත් සයිබර් අපරාධයන්හි AI භාවිතය ඉහළ යාම පිළිබඳවද මෙම සමුලුවේදී කතා බහට ලක් විය.

ද්වේශ සහගත ප්‍රහාරයන් හා වර්ධනය වන තර්ජන හඳුනා ගැනීම සඳහා Kaspersky විසින් AI භාවිත කරනු ලබයි. එහිදී විශේෂයෙන් 2024 වසරේදී පමණක් දෛනිකව 411,000 අනන්‍ය මෘදුකාංග සාම්පල අනාවරණය කර ගැනීමට Kaspersky සමත් වූ අතර 2023 වසරේදී දිනකට 403,000කට වැඩි ප්‍රමාණයක් ඊට ඇතුළත් විය.

මෙම සමුළුවේදී සාකච්ඡාවට ලක් වූ වඩාත් වැදගත් කරුණක් වූයේ සැපයුම්දාම ප්‍රහාර මඟින් රෝහල්, බැංකු, ගුවන් සේවා සහ තවත් තීරණාත්මක යටිතල පහසුකම්වලට හානි විය හැකි ආකාරයයි. Kaspersky GReAT හි සයිබර් ආරක්ෂණ විශේෂඥ මහතා ඒ සම්බන්ධයෙන් සමුළුවට අදහස් එක් කරන ලදී.

මේ පිළිබඳව වැඩිදුර විස්තර Kaspersky තුළින් දැන ගත හැකිය.

ஆசியாவின் சிறந்த வளர்ந்துவரும் Podcast விருதை...
2026 FIFA உலகக் கிண்ணத்தின் முதல்...
2026 FIFA ලෝක කුසලාන තරඟාවලිය...
From Exam Tips to Career...
S&P Sri Lanka சுட்டெண்ணில் இணையும்...
HNB, විශ්වාසය, නායකත්වය සහ නවෝත්පාදන...
TikTok releases Q3 2025 Community...
Softlogic Life Ignites the Resilient...
HNB, විශ්වාසය, නායකත්වය සහ නවෝත්පාදන...
TikTok releases Q3 2025 Community...
Softlogic Life Ignites the Resilient...
TikTok to bring FIFA World...