HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය සතු ප්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට බැංකු ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන් සඳහා වූ සුබ සාධන වැඩසටහන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලංකා හොස්පිට්ල්ස් සමඟ එක්ව නවීනතම සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු කළේය. එම සුවතා මධ්‍යස්ථානය පසුගියදා HNB ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රයේදී ආරම්භ විය.

එම අවස්ථාව සඳහා HNB හි වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න, HNB ප්‍රධාන මානව සම්පත් නිලධාරී කේ. ඉන්ද්‍රවාසන්, ලංකා හොස්පිට්ල්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි, නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ – වෛද්‍ය සේවා වෛද්‍ය ලසන්ත කරුණාසේකර, ලංකා හොස්පිට්ල්ස් සමූහයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී එම්.බී.ජී. වික්‍රමසිරි, රසායනාගාර ප්‍රධානී වෛද්‍ය ගීතානී ගලගොඩ යන මහත්ම මහත්මීන් මෙන්ම HNB හි ජ්‍යෙෂ්ඨ හා ආයතනික කළමනාකාරීත්වය හා ලංකා හොස්පිට්ල්ස්හි වෛද්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරීන් එක්ව සිටියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB හි වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා “අද HNB හි වසර 135ක ගමන්මගේ සුවිශේෂී දවසක් ලෙස හැඳින්විය හැකියි. ලංකා හොස්පිට්ල්ස් සමඟ සහයෝගයෙන් නවීන සුවතා මධ්‍යස්ථානයක් තමන්ගේම ස්ථානයක පිහිටවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික බැංකුව වීම පිළිබඳව HNB ආඩම්බර වනවා. ඉක්මනින් ප්‍රවේශ විය හැකි සෞඛ්‍ය සේවා ලබා දීමෙන් අපි අපගේ කාර්ය මණ්ඩලයේ විවිධ අවශ්‍යතා සපුරාලමින් සිටින අතර වැඩි කාලයක් ගතවන වෛද්‍ය ක්‍රියාවලීන් ඔවුන්ගේ සෞඛ්‍යයට අහිතකර බලපෑමක් ඇති නොකරන බවට අප සහතික වනවා. මෙම සුවතා මධ්‍යස්ථානය වෛද්‍ය පහසුකමකට වඩා වැඩි දෙයක් බවයි අපේ හැඟීම. එය අපගේ HATNA පවුල ගැන කොතරම් සැලකිල්ලක් දක්වනවාද යන්න පෙන්නුම් කරන අතර ඔවුන්ගේ යහපැවැත්ම සහ ඵලදායිතාව සඳහා බුද්ධිමත්, දිගුකාලීන ආයෝජනයක් ලෙස ද අප සලකනවා.”

මෙම වැදගත් අවස්ථාව සමරමින් HNB අනෙකුත් බැංකුවලින් කැපී පෙනෙනවා පමණක් නොව බැංකු ක්ෂේත්‍රයේ සේවකයින් රැක බලා ගැනීම සඳහා නව ප්‍රමිතියක් ස්ථාපිත කිරීමට සමත්ව තිබෙනවා. බැංකුව තුළ මෙම සුවතා මධ්‍යස්ථානය පිහිටුවීම මගින් තවත් වසර ගණනාවකට අපගේ සේවකයින්ට ප්‍රතිලාභ ලබා දෙනු ඇති අතර නවෝත්පාදන සඳහා HNB හි කීර්තිය ශක්තිමත් කර සේවක යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි අප විශ්වාස කරනවා.” යනුවෙන් පැවසුවේය.

“අප HNB සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය තුළින් රෝහල්වලින් ඔබ්බට ගිය උසස් තත්වයේ සෞඛ්‍ය සේවාවක් ලබා දීමට අපගේ කැපවීම පෙන්නුම් කරනවා. ආයතනයක් තුළ සුවතා පහසුකම් සැපයීමෙන් අපිට සේවකයින්ගේ ක්‍රමයෙන් වර්ධනය වන සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට හැකි වනවා. ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, අපි අති නවීන වෛද්‍ය තාක්ෂණය සඳහා විශාල වශයෙන් ආයෝජනය කර තිබෙනවා. අපගේ සුව සේවාවේ ගුණාත්මකභාවය ගැන කතා කරන මෙම සුවතා මධ්‍යස්ථානය ්‍යභඊ සමඟ අපගේ ශක්තිමත් සබඳතාව මනාව පෙන්නුම් කරන අතර උතුරු හා නැගෙනහිරට අපගේ සේවාවන් ව්‍යාප්ත කරන විට බැංකුව සමඟ ඇති හවුල්කාරීත්වය තුළින් රට පුරා යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙන සංස්කෘතියක් නිර්මාණය කිරීම කෙරෙහි ලංකා හොස්පිට්ල්ස් හි කැපවීම ද අවධාරණය කරනවා.” යනුවෙන් ලංකා හොස්පිට්ල්ස් සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී දීප්ති ලොකුආරච්චි මහතා පැවසුවේය.

ඡායාරූපය 01: HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී, දමිත් පල්ලෙවත්ත (වමේ සිට පස්වැනියා) සහ ලංකා හොස්පිට්ල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි (වමේ සිට හයවැන්නා) යන මහත්වරුන් අදාල අවබෝධතා ගිවිසුම හුවමාරු කරගනිමින්. (වමේ සිට) HNB මානව ප්‍රාග්ධන මෙහෙයුම් ප්‍රධානී රජීව් පෙරේරා, HNB මානව ප්‍රාග්ධන උපාය මාර්ග සහ කුසලතා සංවර්ධන ප්‍රධානී රොෂාන්ත ජයතුංග, HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න, ලංකා හොස්පිට්ල්ස් නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ – වෛද්‍ය සේවා වෛද්‍ය ලසන්ත කරුණාසේකර, ලංකා හොස්පිට්ල්ස් සමූහයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී එම්. බී. ජී. වික්‍රමසිරි සහ ලංකා හොස්පිට්ල්ස් රසායනාගාර ප්‍රධානී වෛද්‍ය ගීතානි ගලගොඩ යන මහත්ම මහත්මීන් ද ඡායාරූපයේ වෙයි.

தொழிலாளர் தட்டுப்பாடு காரணமாக இயந்திரங்கள், தரவுகள்...
පුල්ලේ මඩුවෙන් වෛද්‍ය පීඨයට වැවිලි...
The cost of hesitation: lessons...
TikTok strengthens AI transparency and...
රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
පාරිභෝගිකයින්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනමමින්...