පිරිසිදු ශ්‍රී ලංකාවක් සඳහා කොකා-කෝලා හි කැපවීම

Share

Share

Share

Share

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් මට්ටක්කුලිය කාක දූපතේදී ‘’ලස්සන වෙරළ තීරයක් – ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” යන ව්‍යාපෘතිය පසුගියදා හඳුන්වා දෙන ලදී. සමුද්‍ර දූෂණය වැළැක්වීම සඳහා MEPA හි අඛණ්ඩ උත්සාහයට සහාය වන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරය ආරක්ෂා කිරීමට කැපවී සිටින පුද්ගලයින් සහ සංවිධාන එකට එක් කළ කදිම අවස්ථාවක් විය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම උත්සවය ශ්‍රී ලංකාවේ බටහිර සහ දකුණු පළාත්වල ස්ථාන 124 ක් ආවරණය වන පරිදි ප්‍රධාන වෙරළ පිරිසිදු කිරීමේ සුවිසල් ව්‍යාපෘතියක් නිල වශයෙන් ආරම්භ කිරීම සනිටුහන් කළේය. Clean Ocean Force සමඟ අත්වැල් බැඳගනිමින් දිනපතා වෙරළ තීරය පිරිසිදු කිරීමේ උත්සාහය හරහා කොකා-කෝලා ආයතනය විසින් පසුගිය වසර හතර පුරාවට ක්‍රියාත්මක කරන ලද කාක දූපත වෙරළ තීරය කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන ලදී. මෙම ව්‍යාපෘතිය මගින් පාරිසරික තිරසාරභාවය සඳහා කොකා-කෝලා හි දිගුකාලීන කැපවීම මැනවින් පෙන්නුම් කරයි. පිරිසිදු වෙරළ තීරයන්, සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ආකර්ෂණය ඉහළ නංවනවා පමණක් නොව, දූෂණයෙන් තොර පරිසරයක සමුද්‍ර ජීවීන් ආරක්ෂා කිරීමට ද උපකාරී වේ.

2026 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය...
Prime සමූහය LMD වෙතින් මෙරට...
FACETS Sri Lanka 2027: ஒரு...
Shantha Bandara reappointed SLCPI President...
500 ட்ரோன்கள், முன்னணி கலைஞர்களின் இசை...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
உலகளாவிய சைபர் பாதுகாப்புப் தரவரிசையில் Sophos...