TikTok භාවිත කරමින් පිරිමින්ගේ මානසික සෞඛ්‍යයට සවියක් වෙමින් සැබෑ පිරිමියෙකු නිර්මාණය කිරීමට කැපවෙන අමන්ද අමරසේකර

Share

Share

Share

Share

අද වන විට සමාජයේ බොහෝ පුද්ගලයන් අතර දැකිය හැකි ප්‍රධාන අභියෝගයක් වන්නේ මානසික යහපැවැත්ම මනාව පවත්වාගෙන යාමේ දුෂ්කරතාවයයි. මානසික යහපැවැත්ම නොමැති වීම තුළින් පුද්ගලයාගේ පමණක් නොව සමාජයේද සුවිසල් පසුබෑමක් ඇති වීම වැළැක්විය නොහැකිය. ඒ නිසාම ඒ පිළිබඳව පුද්ගලයින් දැනුවත් කිරීම මෙන්ම සාකච්ඡා කිරීම අත්‍යාවශ්‍ය වේ. එහෙත් ඒ සඳහා සුදුසු වේදිකාවක් සපයා ගැනීම මහත් අභියෝගයකි. එම අභියෝගය ජය ගනිමින් මානසික සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳ සමාජය දැනුවත් කිරීම සඳහා TikTok යොදාගත් අමන්ද අමරසේකර මෙහිදී විශේෂයෙන් වැදගත් වන්නේ එහෙයිනි. විලාසිතා, ජීවන රටාවන්, උපදේශන වැනි විවිධ දැනුවත් කිරීම් හා අධ්‍යාපනික වටිනාකම්වලින් පොහොසත් ඔහුගේ අන්තර්ගතයන් අද වන විට බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඒ බොහෝ අන්තර්ගතයන් තුළින් හරවත් පණිව්ඩයක් මෙන්ම සැබෑ සේවාවක් අත්කර දෙන බැවිනි.

TikTok යොදා ගනිමින් මානසික සෞඛ්‍යය නගා සිටුවීම සඳහා වැදගත් කාර්යභාරයක් සිදු කරන අමන්ද අමරසේකර මානසික සෞඛ්‍යය මිනිසාගේ දුර්වලකමක් නොව අත්‍යාවශ්‍ය සාධකයක් බව පෙන්වා දීමට කටයුතු කර ඇත. මෙහිදී ඔහු ප්‍රධාන වශයෙන් පිරිමින්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ අවධානය යොමු කිරීමද විශේෂත්වයකි.

පුරුෂ මානසික සෞඛ්‍ය පුබුදුවාලන අයුරු
පසුගිය කාලය තුළ පිරිමින් විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉහළ යාම පිළිබඳව දැඩි කණස්සල්ලකින් පසු වූ අමන්ද එම පුද්ගලයින් සම්බන්ධයෙන් සමාජය දක්වන අදහස පිළිබඳ සොයා බලන ලදී. පිරිසක් ඔවුන් අපරාධකරුවන් ලෙස හඳුන්වමින් දඬුවම් කළ යුතු බවට පැවසූ අතර තවත් පිරිසක් ඔවුන් මෙම සිදුවීම වෙත යොමු වීමට හේතු වූ කරුණු පිළිබඳ අදහස් දැක්වූහ. මෙම දෙවන පිරිස පිළිබඳ අවධානය යොමු කළ අමන්ද සඳහන් කරන්නේ “මම සහ වරදකරුවකු අතර ඇති වෙනස වන්නේ මගේ හැඟීම් ගැන කතා කිරීමට හා ඊට උපකාර ලබා ගැනීමට තමන්ට හැකි වුවද වැරදි මාර්ගයේ ගිය අයෙකුට එය අපහසු බවයි. වෙනස පවතින්නේ සම්පත් ලබා ගැනීමේ හැකියාව මත වන අතර එය පුද්ගල පැවැත්මට බලපෑම් සිදු කරන බව අමන්දගේ අදහසයි.

අමන්ද මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ සිය අදහස් දැක්වීමට ප්‍රධාන සිදුවීම් දෙකක් හේතු විය. ඉන් පළමුවැන්න වූයේ තම පියාගේ මානසික පීඩනය, ගැටලු මුදා හැරීමට අවස්ථාවක් නොවීමයි. ඒ නිසාම ඔහු මීට සුභවාදී මාවතක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටින අතරතුර සිය දිවි නසා ගැනීම පිළිබඳ සිය මිතුරෙකු වෙත සිදු කළ පැහැදිලි කිරීම මෙම ගමනේ ආරම්භය විය. සැබැවින්ම මානසික පීඩාවන් හා සෞඛ්‍යය තත්වයන්හිදී ඔවුන්ට ආරක්ෂිත අවකාශයක් නිර්මාණය කිරීම සඳහා මෙම උපදෙස් හා සාකච්ඡා ඉතා වැදගත් වන බව එහිදී ඔහු මනාව අවබෝධ කරගන්නා ලදී.

වෙනසක් උදෙසා TikTok
මේ උපදේශනයේ පළමු මාවත වූ TikTok අනෙකුත් සමාජ මාධ්‍යයන් වූ ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම්වලට වඩා ජනප්‍රිය සාධකයක් විය. අව්‍යාජ සංවාද ඇති කිරීමට මෙන්ම සුවිශේෂී වීඩියෝ අන්තර්ගතයන් බෙදා හද ගැනීමේ පහසුව සහිත මඟ පෙන්වීමට හා උපකාර කිරීමට අවශ්‍ය පහසුකම් නිරන්තරයෙන් සලසා දෙයි.

පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත පහසුවෙන් ළඟා වීමේ හැකියාව සහිත මෙම වේදිකාව තුළින් පිරිමින්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ පණිවිඩය ඔවුන් කැමති ආකාරයෙන් නිරන්තරයෙන් ඊට සම්බන්ධ නොවන පිරිස් වෙත ලබා දීමට හැකිවීම විශේෂත්වයකි. එහෙයින් මින් පෙර නොවූ අයුරින් තමන්ගේ මානසික සෞඛ්‍යය තත්වයන් පිළිබඳ අවබෝධ කර ගනිමින් තවදුරටත් එය අභියෝගයක් නොව ආශිර්වාදයක් බවට පත් කර ගැනීමට TikTok හේතු වී ඇත.

“මානසික සෞඛ්‍යය පිළිබඳ TikTok හි අන්තර්ගතයන් බෙදා හැරීමට ආරම්භ කළ පසු එය වඩාත් ජනප්‍රිය වනු ඇතැයි මම සිතන්නේ නැහැ. නමුත් මෙතෙක් නිහඬව තමන්ගේ මානසික පීඩනයන් දරාගෙන සිටි පිරිමින් මේ සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාර පිළිබඳ මා ඉතාමත් පුදුමයට පත් වුණා. ඇත්තටම ඒ තුළින් ඔවුන්ට විශාල සේවාවක් සිදු වන බව මට අවබෝධ වුණා’ අමන්ද පවසයි.

 

Sri Lanka Unlocks New Market...
Sampath Bank Launches Priority Reserve...
2025 වසරේ මැයි මස අපනයන...
Shantha Bandara Appointed President at...
கண்கவர் திருமண கனவுகளை நனவாக்க Weddings...
Capital Trust named one of...
Dankotuwa Porcelain partners Kiros Hospitality...
Samsung Reinforces Commitment to Smart...
Capital Trust named one of...
Dankotuwa Porcelain partners Kiros Hospitality...
Samsung Reinforces Commitment to Smart...
ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය...