සුව සේවා අංශයේ ශක්තිමත් කාර්යසාධනය හේතුවෙන් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මුල් මාස නවය සඳහා ආදායම රුපියල් බිලියන 45.5ක් දක්වා ඉහළට

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වූ මාස නවය (9MFY25) සඳහා රුපියල් බිලියන 45.2 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 6.7%ක වර්ධනයකි.

සමූහයේ ප්‍රධාන මෙහෙයුම්වල ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරමින් මෙම කාලපරිච්ඡේදය සඳහා දළ ලාභ ආන්තිකය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයේ 31.1% හා සැසඳීමේදී 30-8%ක් විය. මූලික වශයෙන් පාරිභෝගික සන්නාම අංශයේ ලාභ ආන්තිකයේ පහළ යාම සහ කෘෂි ව්‍යාපාර අංශයේ ඉහළ බදු හේතුවෙන් අදාල කාලපරිච්ඡේදය සඳහා බදු පසු ලාභය (PAT) 14.1%කින් අඩු වී රුපියල් බිලියන 4.7 ක් වී ඇත.

සමූහය ලබා ගත් ඉහළ වර්ධනයට සුව සේවා අංශය විශාල දායකත්වයක් ලබා දුන් අතර එය මුළු ආදායමෙන් 54.9% කි. මේ අතර පාරිභෝගික අංශය 31.8% ක් ද කෘෂි ව්‍යාපාර අංශය 13.3% ක් ද වශයෙන් සමූහයේ මුළු ආදායමට දායක විය.

සමූහය ලබා ගත් මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ “සමූහයේ සෑම ප්‍රධාන අංශයක්ම හරහා අඛණ්ඩව ශක්තිමත් කාර්යසාධනයක් පෙන්නුම් කර තිබෙනවා. ආර්ථිකය යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කර ඇති අතර ණය ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු වී ඇති නමුත්, විශේෂයෙන්ම පාරිභෝගික අංශය තුළ පවත්නා මූල්‍ය දුෂ්කරතා තවමත් පාරිභෝගිකයින්ගේ වියදම් කිරීමේ හැකියාවට බලපෑමක් එල්ල කරනවා. කෙසේ වෙතත්, ඉදිරි කාර්තුව තුළ මෙම අභියෝග ජය ගැනීමට සහ අපගේ ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පවත්වා ගැනීමට හැකි බව අපිට විශ්වාසයි. ඉදිරියට යමින්, තිරසාර වර්ධනයක් සහ වටිනාකම් නිර්මාණයක් සඳහා අපි කැපවී සිටිනවා. ඊට අමතරව, සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි පවතින සාමාන්‍ය කොටස් කුඩා ඒකකවලට බෙදීමට අප තීරණය කර තිබෙන අතර මෙම පියවර මගින් ආයෝජකයින් සඳහා කොටස් වඩාත් දැරිය හැකි මිලකට ලබා දීම, වෙළඳ ක්‍රියාකාරකම් වැඩි කිරීම සහ සමස්ත වෙළඳපල ප්‍රවේශ්‍යතාව සහ ද්‍රවශීලතාවය වැඩි දියුණු කිරීම අපේ අරමුණයි.” යනුවෙනි.

සුව සේවා අංශය
සමූහයේ සුව සේවා අංශය යටතේ ඇති සියලුම ව්‍යාපාර පසුගිය වසරට සාපේක්ෂව 17.8%ක ශක්තිමත් ආදායම් වර්ධනයක් පවත්වා ගෙන ඇත. මෙය ලාභදායීතාවය වැඩිදියුණු කිරීමට හේතු වූ අතර එම අංශයේ පොලී සහ බදු පෙර ඉපැයීමේ (EBIT) ආන්තිකය පසුගිය වසරේ අදාල පරිච්ඡේදයේ 16.2% හා සැසඳීමේදී 2025 මූල්‍ය වසරේ පළමු මාස නවය සඳහා 17.9% ක් දක්වා ඉහළ ගියේය.
සමූහයේ ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය වන ලීනා මැනුෆැක්චරින් පුද්ගලික සමාගම පසුගිය වසරට සාපේක්ෂව 101.5% ක සුවිශේෂී ආදායම් වර්ධනයක් ලබා ගෙන ඇති අතර Metered-Dose ඉන්හේලර් (MDI) කර්මාන්තශාලාවේ නිෂ්පාදනයන් ඉහළ යාම මෙයට හේතු විය.

පාරිභෝගික සන්නාම අංශය
පසුගිය වසරට සාපේක්ෂව අපනයන සහ දේශීය ව්‍යාපාර ඇතුලත් පාරිභෝගික අංශයේ ආදායම 2024 මූල්‍ය වර්ෂයේ මාස නවය තුළ 3.1% ක සුළු අඩු වීමක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 14.4 ක් වාර්තා කර ඇත. සන්නාමගත තේ සහ රසකැවිලි යන ව්‍යාපාරවලින් ලැබෙන ආදායම පසුගිය වසරට සාපේක්ෂව 17.4% කින් පහත වැටුණු අතර එයට ප්‍රධාන වශයෙන් අදාල කාල පරිච්ඡේදයේදී රසකැවිලි අලෙවිය අඩු වීම හේතු විය. සන්නාමගත තේ අලෙවිය පසුගිය වසරට සාපේක්ෂව 1.4% කින් වර්ධනය වූ නමුත් වැට් බද්ද ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙම අංශයේ මුළු ආදායම පසුගිය වසරට සාපේක්ෂව 13.3% කින් පහත වැටුණි. පසුගිය වසරට සාපේක්ෂව රසකැවිලි අංශයේ ආදායම 30-0% කින් පහත වැටුණු අතර අපනයන අංශයේ ආදායම පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයට සාපේක්ෂව 30.0%කින් ඉහළ ගියේය.

කෘෂි ව්‍යාපාර අංශය
සමූහයේ කෘෂි ව්‍යාපාර අංශය නියෝජනය කරන වටවල වැවිලි සමාගම සහ වටවල ඩෙයරි සමාගම් හි ආදායම පසුගිය වසරට සාපේක්ෂව 7.1%කින් අඩු වී රුපියල් බිලියන 6.0 ක් බවට පත්ව ඇත. 2025 මූල්‍ය වර්ෂයේ අදාල මාස නවය තුළ පාම් ඔයිල් මිල අඩු වීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය. මෙයද සමඟින් සංශෝධිත බදු අනුපාත මෙම අංශයේ ලාභදායිතාවයට බලපෑ අතර පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයේ 40.8% හා සැසඳීමේදී ශුද්ධ ලාභ ආන්තිකය 2025 පළමු මාස නවයෙන් අවසන් වන කාලය සඳහා 31.2% දක්වා පහත වැටුණි. තවද පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයේ වාර්තා කළ රු. මිලියන 1,088.5 ට සාපේක්ෂව 9MFY25 තුළ කිරි ආශ්‍රිත ව්‍යාපාරය රු. මිලියන 916.5ක ආදායමක් වාර්තා කළ අතර කිරි අලෙවිය සහ මිල ගණන් අඩුවීම මෙයට හේතු විය.

Sunshine Holdings records LKR 48.9...
Huawei Hosts the 1st Global...
Sunshine Foundation for Good strengthens...
வரலாற்று சிறப்புமிக்க காலியில் LANKATILES தனது...
2026இல் பள்ளி மாணவர்களின் கல்விக்கு தொடர்ந்து...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...
මෙරට ඉංජිනේරු අධ්යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයක්...