Asriel, සූපවේදයේ නව්‍යකරණය සවිමත් කරමින් CAFE 2025 හි දියමන්ති අනුග්‍රාහකයා ලෙස එක් වෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලාංකේය සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Asriel Marketing Pvt Ltd අඛණ්ඩව තෙවැනි වරටත් Culinary Art Food Expo (CAFE 2025) හි දියමන්ති අනුග්‍රාහකයා ලෙස එක්වන බව පසුගියදා නිවේදනය කරන ලදී. දකුණු ආසියාවේ ප්‍රමුඛතම ආහාර ප්‍රදර්ශනය හා ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර ප්‍රදර්ශනය වන CAFE 2025 හි 22 වන ප්‍රදර්ශනය මෙවර පැවැත්වීමට නියමිතය.

මෙම ප්‍රදර්ශනය 2025 ජූනි 13 වන දින සිට 15 වන දින දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. සූප ශාස්ත්‍රයේ කලාත්මක බව, කර්මාන්ත නවෝත්පාදනය හා තිරසාර ආහාර විසඳුම් පිළිබඳ බොහෝ දේ මෙන්ම දේශීය හා ජාත්‍යන්තර සූප ශාස්ත්‍ර කුසලතාවන් දැක බලා ගැනීමටද CAFE 2025 තුලින් අවස්ථාව උදා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Asriel හි සභාපති ශිරාන් පීරිස් මහතා “2025 CAFE ප්‍රදර්ශනයේ දියමන්ති අනුග්‍රාහකයා ලෙස අඛණ්ඩව තෙවැනි වරටත් අනුග්‍රාහකත්වය ලබා දීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටුයි. සෑම වසරකම සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ නව මානයන් විවර කරමින්, වසරින් වසර සාර්ථකත්වය තුළින් ඉදිරියට යන මෙම සුවිශේෂී ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය දැක්වූ සංවිධායකයින්ට, සහභාගී වූවන් ඇතුලු සියලු දෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා. 2025 ප්‍රදර්ශනය සූප ශාස්ත්‍රය නිර්මාණකරුවන්ගේ කුසලතා, හැකියාවන් හා නව්‍ය ආහාර සංකල්පයන් පිළිබඳ සුවිශේෂී සැමරුමක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පවසා සිටින ලදී.

මෙම ප්‍රදර්ශනයේදී සංවිධානය කිරීමට සජීවී සූප ශාස්ත්‍ර තරඟ, ප්‍රායෝගික වැඩමුලු සහ ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන සිටින ප්‍රවීණයින් විස්න මෙහෙයවනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාට සම්බන්ධ වීමේ අවස්ථාව උදා කර දී තිබීමද විශේෂත්වයකි. එමෙන්ම සූප වේදයේ නව්‍යකරණයන් හා තාක්ෂණික විශිෂ්ටත්වයන් ප්‍රදර්ශනය කරමින් සූප වේදීන් විසින් තමන්ගේ ඉහළම දක්ෂතා ප්‍රදර්ශනය කරනු ලබන ‘Battle of the Chefs’ තරඟයද මෙහිදී පැවැත්වෙන අතර WACS සහතික ලත් ජාත්‍යන්තර ප්‍රවීණයින්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් එම තරඟය විනිශ්චය කිරීමට නියමිතය.

මෙහිදී අදහස් දැක්වූ Asriel හි කළමනාකාර අධ්‍යක්ෂ දිමුතු පීරිස් මහතා සඳහන් කර සිටියේ “වසර ගණනාවක් පුරා සූපවේදය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින්ගේ උනන්දුව හා දක්ෂතාව අප දැක තිබෙනවා. එම දක්ෂතාවයන් ඉහළ නංවන ගමනේ කොටස්කරුවකු වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. සෑම විටම සූප වේදය පිළිබඳ ප්‍රදර්ශනයකට එහා ගිය CAFE සම්බන්ධතාව, ඉගෙනීම හා වර්ධනය සඳහා වන සුවිසල් අවස්ථාවක් ලෙසත් සඳහන් කළ හැකියි. සූප ශාස්ත්‍රයේ විශිෂ්ටත්වය තව දුරටත් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කර්මාන්තයේ සියලු දෙනා යළිත් එකට එකතු වනු දැකීම අපගේ බලාපොරොත්තුවයි.” යනුවෙනි.

එසේම ජාලකරණය (networking), දැනුම බෙදා ගැනීම සහ සහයෝගීතාව සඳහා CAFE 2025 ප්‍රදර්ශනය කේන්ද්‍රස්ථානයක් වනු ඇති අතර එය ආහාර පාන සහ හෝටල් කර්මාන්තයේ ප්‍රමුඛයින් එක් තැනකට ගෙන ඒමටද සමත්ව සිටියි. Asriel එහි දියමන්ති අනුග්‍රාහකයා බවට පත් වෙමින් සූප ශාස්ත්‍රයේ විශිෂ්ටත්වය. කර්මාන්ත නවෝත්පාදනය හාා විචිත්‍රවක් ආහාර සංස්කෘතිය ගොඩනගන පුද්ගලයින් ශක්තිමත් කිරීමේ මෙහෙවර අවධාරණය කර සිටියි.

මෙරට ආහාර විසඳුම් අංශයේ ප්‍රමුඛයා ලෙස කටයුතු කරන Asriel Holdings විසින් HORECA, QSR බේකරි නිෂ්පාදන, SMMT, නවීන වෙළෙඳාම හා කිරි කර්මාන්තය සඳහා පහසුකම් සපයනු ලබයි. දිනෙන් දින ඉහළයමින් පවතින අපනයන නිෂ්පාදන හා අති නවීන පහසුකම් සමඟින් ගුණාත්මකභාවය හා නවෝත්පාදනය තුළින් පෙරමුණ ගැනීමට Asriel සමත්ව සිටියි. එසේම ශ්‍රී ලාංකිකයින් වෙත උසස් තත්වයේ පාවහන් ලබා දීම සඳහා හි උපාය මාර්ගික සහකරු ලෙස කටයුතු කරනු ලබන්නේද Asriel ය.

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...