ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණයේ ව්‍යවසායකයින් සවිබල ගන්වන HNB ගැමි පුබුදුව අවුරුදු පොළ මෙවරත් සාර්ථකව අවසන් වෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව හයවන වරටත් පවත්වනු ලැබූ HNB ගැමි පුබුදුව අවුරුදු පොළ 2025 මෙවරත් අප්‍රේල් මස 5 සහ 6 යන දිනවලදී සාර්ථක ලෙස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

HNB හි ප්‍රමුඛතම ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන වන ගැමි පුබුදුව යටතේ සංවිධානය කරන ලද මෙහි අරමුණ වූයේ ග්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් නාගරික වෙළඳපොළවල් සමඟ සම්බන්ධ කිරීමයි. මෙහිදී දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් 150 දෙනෙක් තම නිෂ්පාදන ගැමි පුබුදුව අවුරුදු පොළේදී ප්‍රදර්ශනය කළ අතර ඔවුන්ට තම නිෂ්පාදන අලෙවියට අතිරේකව නව වෙළඳපොල අවස්ථාවන් හිමි වීමද විශේෂත්වයක් විය.

HNB සභාපති නිහාල් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර ගැමි පුබුදුව අවුරුදු පොළ පැවැත්විණි. මීට අමතරව HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න යන මහත්වරුන්, HNB ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ සාමාජිකයින් ඇතුළුව දේශීය හා ජාත්‍යන්තර සංවිධානවල ආරාධිතයින් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “අපගේ ගැමි පුබුදුව අවුරුදු පොළ යනු නිෂ්පාදන විකිණීම පමණක් නොවේ. එමගින් ශ්‍රී ලංකාව පුරා සිටින ව්‍යවසායකයින් සමඟ අප ගොඩනගා ඇති ශක්තිමත් හවුල්කාරිත්වයන් පෙන්නුම් කරනවා. ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය කර ගැනීමට සහ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට උපකාර කිරීමට අපි ඔවුන්ට දිගටම සහාය වීමට කැමතියි.” යනුවෙනි.

අප්‍රේල් මස 5 සහ 6 යන දිනයන් හීදී පැවති මෙම අවුරුදු පොළ සඳහා ඉතා විශාල නරඹන්නන් පිරිසක් පැමිණි අතර HNB හි ක්ෂුද්‍ර මූල්‍ය සේවාවල සහාය ලබන ව්‍යවසායකයින් විසින් නිර්මාණය කරන ලද සාම්ප්‍රදායික ආහාර, අත්කම් නිර්මාණ, කුළුබඩු, රෙදිපිළි, පැළ වර්ග සහ සුවතා නිෂ්පාදන ඇතුළුව දේශීයව සාදන ලද විවිධ නිෂ්පාදන රැසක් අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබිණි. තවද බොහොමයක් ව්‍යවසායකයින් පැවසුවේ ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට අමතරව ඔවුන්ගේ වර්ධනයට සහාය විය හැකි විශේෂ ගැනුම්කරුවන්, ආයතනික පාර්ශවකරුවන් සහ දිගුකාලීන ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ සම්බන්ධ වීමට ද මෙහිදී අවස්ථාව ලැබුණු බවයි.

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...