Samsung අති නවීන තාක්ෂණයෙන් යුත් නවතම Galaxy F16 5G වෙළෙඳපොලට හඳුන්වා දෙයි

Share

Share

Share

Share

Samsung Sri Lanka විසින් Galaxy F16 5G ස්මාර්ට් ජංගම දුරකතනය පසුගියදා වෙළෙඳපොලට නිකුත් කරනු ලැබීය. පාරිභෝගිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගත් Galaxy F කාණ්ඩය යටතේ එළිදක්වනු ලැබූ මෙම ස්මාර්ට් ජංගම දුරකතනය නවතම නිමාව, උසස් තත්වයේ සුපැහැදිලි රූප සහ කාර්යක්ෂමතාව සමඟින් අසමසම අත්දැකීමක් පරිශීකයින් වෙත ලබා දෙනු ඇත. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් හට පහසු මිලට ලබා ගැනීමේ හැකියාව සහිත මෙය නවතම 5ඨ තාක්ෂණය පහසුවෙන් අත් විඳීමේ හැකියාවද ඔවුන් වෙත උදා කර දෙයි.

Galaxy F16 5G සතු සුවිශේෂී නිමාව සහ 7.9 mm ඝනකම මෙන්ම 6.7″ FHD+ sAMOLED තිරයකින් යුත් එය විචිත්‍රවත් වර්ණ සමඟින් පරිශීකලයින් වෙත ලබා දෙන්නේ ආකර්ෂණීය නැරඹුම් අත්දැකීමකි. Galaxy F16 5G සතු මෙම පුලුල් තිරය හේතුවෙන් පරිශීලකයින් හට පහසුවෙන් චිත්‍රපට නැරඹීමට, game ක්‍රීඩා කිරීමට මෙන්ම අන්තර්ජාලය තුළ සැරිසැරීමට අවස්ථාව උදා වේ.

තවද නවීන 50MP ත්‍රිත්ව කැමරාවකින් සමන්විත Galaxy F16 5G ස්මාර්ට් ජංගම දුරකතනය තුළින් සෑම විටකම අලංකාර ඡායාරූප හා වීඩියෝ ලබා ගැනීමේ පහසුව පරිශීලකයින් වෙත උදා කර දී ඇත. එමෙන්ම නවතම linear-grouped සමඟින් එන 13MP ඉදිරිපස කැමරාව තුලින් සුපැහැදිලි සෙල්ෆි ඡායාරූප ගැනීමේ අවස්ථාව මෙන්ම පහසුවෙන් වීඩියෝ ඇමතුම් ලබා ගැනීමේ හැකියාවද පාරිභෝගිකයින් වෙත උදා වේ.

MediaTek Dimensity 6300 ප්‍රොසෙසරයකින් බලගැන්වෙන මේ තුලින් එදිනෙදා කාර්යයන් පහසුවෙන් සිදු කර ගැනීමේ හා කිසිඳු අවහිරතාවකින් තොරව gaming ක්‍රීඩා කිරීමේ හැකියාව පරිශීලයින්ට හිමිවන තවත් සුවිසල් වාසියක් ලෙස පෙන්වා දිය හැකිය. එහි ඇති බැටරිය හේතුවෙන් දිගු වේලාවක් භාවිත කිරීමට හැකිවීමද, ආරෝපණ වේගය හේතුවෙන් ඉක්මණින් charge කිරීමේ හැකියාවද පරිශීලකයින්ට අත්කර දෙන්නේ තවත් පහසුවකි.

මෙහි ඇති six generations ඇන්රොයිඩ් upgrades හැකියාව මෙන්ම වසර 6ක් සඳහා OS updates කිරීමේ හැකියාව ජංගම දුරකතන ක්ෂේත්‍රයේ නව මානයන් විවිර කිරීමට හේතුවක් වනු ඇත. මේ හේතුවෙන් Galaxy F16 5G සඳහා දිගු ආයු කාලයක් සහතික කිරීමට හැකි වේ.

නවතම Galaxy F16 5G ස්මාර්ට් ජංගම දුරකතනය හඳුන්වා දීමත් සමඟ පහසු මිල ගණන් යටතේ පෙරලිකාර 5G තාක්ෂණය මෙරට පාරිභෝගිකයින්ට අත්විඳීමේ හැකියාව උදා කර දීමට Samsung සමත්ව සිටියි.

ඔබ අතින් මෙම ස්මාර්ට් ජංගම දුරකතනයේ තිරය බිඳී ගියද නැවත වරක් නොමිලේ අලුත්වැඩියා කිරීමේ සහතිකයක් සමඟ දීමනා රැසක් ලබා දීමටද Samsung කටයුතු කර ඇත. ඒ තුලින් රුපියල් 16,960ක මුදලක් ඉතිරි කර ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමි වේ. නවතම තාක්ෂණයේ මහිමය අත්විඳීමට කැමති ශ්‍රී ලාංකිකයින් හට රුපියල් 20,505 ක මූලික ගෙවීමකින් පසු රුපියල් 5,506 බැගින් වාරික 12කින් ගෙවීමේ පහසුව යටතේ මෙම Galaxy F16 5G ස්මාර්ට් ජංගම දුරකතනයක් හිමි කර ගැනීමේ අවස්ථාව උදා වීමද සතුටට කරුණක් වනු නිසැකය.

මෙම නවතම හඳුන්වා දීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ Samsung Sri Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා “ශ්‍රී ලංකාවට නවීන තාක්ෂණයෙන් යුත් නව්‍යකරණ නිෂ්පාදනයන් නිරන්තරයෙන් හඳුන්වාදීමට කටයුතු කරන Samsung නවතම හඳුන්වා දෙමින් පරිශීලකයින් වෙත විශ්මය ජනක රස විඳීමේ අවස්ථාවක් හා බාධාවකින් තොරව වැඩකටයුතු සිදු කර ගැනීමේ හැකියාව සහිත ස්මාර්ට් ජංගම දුරකතනයක් ලබා දීමට අපි කටයුතු කළා. ශ්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය ලෙස අපගේ පාරිභෝගිකයින්ගේ අත්දැකීම් ඉහළ නංවමින් හෙට දවස වෙනුවෙන් ඔවුන් බල ගන්වන උපාංග ලබා දීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා” යනුවෙන් පැවසීය.

නිල්, කොළ සහ කලු පැහැයෙන් වෙළෙඳපොලට හඳුන්වා දී ඇති Galaxy F16 5G ස්මාර්ට් ජංගම දුරකතනයක් දිවයින පුරා පිහිටි Samsung බලයලත් අලෙවිසැල්වලින් දැන් මිලදී ගත හැකියි.

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...