HNB ශ්‍රී ලංකාව පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා කුඩා POS යන්ත්‍ර ලබා දීමෙන් ඩිජිටල්කරණයට සහාය වෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) රැසකට කුඩා POS (Point-of-Sale) උපාංග ලබා දීමෙන් ඔවුන්ට සහාය වී ඇති අතර මෙම පියවර මගින් කුඩා ව්‍යාපාර වර්ධනය වීමට සහ ඩිජිටල්කරණයට පිවිසීමට උපකාර කිරීම සඳහා HNB හි දැඩි කැපවීම පෙන්නුම් කරයි.

මෙම POS යන්ත්‍ර කුඩා, අඩු වියදම් උපාංග වන අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති අතරම ඒවා ව්‍යාපාරවලට කාඩ්පත් ගෙවීම් කටයුතු සිදු කිරීමට උපකාරී වේ. තවද මෙම POS උපාංග භාවිතා කිරීමෙන් ව්‍යාපාර හිමියන්ට ගනුදෙනුකරුවන්ට ගෙවීම් පහසු කිරීමට, ඔවුන්ගේ දෛනික වැඩ වඩාත් විධිමත්ව කළමනාකරණය කිරීමට සහ අද වේගයෙන් වෙනස් වන වෙළෙඳපොළ තුළ අනෙකුත් ව්‍යාපාර සමඟ තරඟකාරීව සිටීමට හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කාඩ්පත් ප්‍රධානී ගෞතමී නිරන්ජන් මහත්මිය පැවසුවේ “HNB හි අප කුඩා ව්‍යාපාර වර්ධනයට උපකාර කිරීම රටේ ආර්ථික ප්‍රගතියට වැදගත් බව විශ්වාස කරනවා. මෙම උපාංග සමඟ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු විය හැකියි. මෙමගින් ඔවුන්ගේ තරගකාරී බව හා ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කරගනිමින් ව්‍යාපාරික ලෝකයේ වෙනස්කම්වලට හොඳින් මුහුණදීමට හැකියි. ඒවගේම මුදල් රහිත ආර්ථිකයක් ගොඩනැගීම සහ දේශීය ව්‍යවසායකයින්ට සාර්ථක වීමට සහාය වීමේ HNB හි කැපවීම ද මෙයින් අවධාරණය කරනවා.” යනුවෙනි.

මෙම වැඩසටහනේ ධනාත්මක බලපෑම දැනටමත් කුඩා ව්‍යාපාර හිමියන් මෙම POS උපාංග භාවිතා කරන ආකාරය තුළින් දැකගත හැකිය. එක් ව්‍යාපාර හිමිකරුවෙකු මෙසේ පැවසීය: “HNB හි මෙම කුඩා POS යන්ත්‍රය මා ව්‍යාපාර කරන ආකාරය වෙනස් කළා. දැන් මට කාඩ්පත් ගෙවීම් පිළිගත හැකියි, එය ගනුදෙනුකරුවන්ටත් වඩාත් පහසුයි වගේම මගේ අලෙවිය වැඩි කිරීමටත් මට උපකාරී වුණා. ඒවගේම එය දැරිය හැකි මිලකට මට ලබා ගැනීමට හැකි වූ අතර භාවිතා කිරීමට ද පහසුයි. විශාල සමාගම් සමඟ තරඟ කිරීමටත් POS යන්ත්‍රය මට උපකාරී කළා. මෙවැනි කුඩා ව්‍යාපාරවලට සහාය වීම ගැන මම හැටන් නැෂනල් බැංකුවට සැබවින්ම ස්තූතිවන්ත වනවා.”

මෙම සාර්ථකත්වය තුළින් පෙන්නුම් කරන්නේ ජනතාවගේ ජීවත නගා සිටුවීමට සහ ආර්ථිකය ශක්තිමත් කරන නව අදහස් ඉදිරිපත් කිරීමේදී HNB ඉදිරියෙන්ම සිටින බවයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ඩිජිටල් ගෙවීම් කටයුතු සිදු කිරීමට හැකියාව ලබා දීමෙන් HNB ශ්‍රී ලංකාව පුරා විසිර ඇති ව්‍යාපාර සඳහා තිරසාර වර්ධනයක් ඇති කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

TikTok 2026 පළමු කාර්තුවේ ප්‍රජා...
ITC Ratnadipa Secures Coveted ‘Sustainable...
LPL තරඟාවලිය ශ්‍රී ලංකාවේ අනාගත...
ITC Ratnadipa Introduces Rūhāniyat, an...
JKCG Auto and Green EV...
කලාපීය වර්ධනය ශක්තිමත් කිරීම සඳහා...
“இலங்கையின் இளம் வீரர்களை பட்டை தீட்ட...
නව ජවයකින් සහ නව මුහුණුවරකින්...
කලාපීය වර්ධනය ශක්තිමත් කිරීම සඳහා...
“இலங்கையின் இளம் வீரர்களை பட்டை தீட்ட...
නව ජවයකින් සහ නව මුහුණුවරකින්...
Prime Lands Residencies සමාගමේ ‘The...