ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) නිවේදනය

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන 2025 අප්‍රේල් මාසයේදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 15.14% ක වැඩිවීමකි. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇමරිකා එක්සත් ජනපදය (6.83% කින් ඉහළ යාම), යුරෝපා සංගමය (එක්සත් රාජධානිය හැර) (27.04% කින් ඉහළ යාම) සහ එක්සත් රාජධානිය (7.45% කින් ඉහළ යාම) වැනි ප්‍රධාන වෙළඳපොළවලින් ලැබුණු දැඩි ඉල්ලුමයි. අනෙකුත් රටවල් වෙත සිදු කෙරුණු අපනයන ද මෙම මාසය තුළ 21.18% කින් ඉහළ ගියේය.

2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා සමස්ත කාර්යසාධනය දෙස බලන විට මුළු ඇඟලුම් අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 1.66 ක් වූ අතර එය 2024 වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව 12.4% ක වැඩිවීමකි. මෙම පරිච්ඡේදය තුළ යුරෝපා සංගමයට අපනයන 18.13% කින්, ඇමරිකා එක්සත් ජනපදයට 10.06% කින්, අනෙකුත් වෙළඳපොළවල් 13.56% කින් සහ එක්සත් රාජධානියට 6.26% කින් වර්ධනය විය.

ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව සහ තරඟකාරිත්වය මෙම ප්‍රතිඵල මගින් පෙන්නුම් කරයි. මේ සමඟ යොමු කරනු ලබන ලේඛනයේ පසුගිය වසර පහ සඳහා අමතර තොරතුරු සහ දත්ත පිළිබඳ ඇතුලත්ව ඇත.

2026 முதல் அரையாண்டில் ரூ. 7.2...
ஆசியாவின் புகழ்பெற்ற ‘Hot Pot’ உணவு...
இலங்கைப் படைப்பாளர்களுக்காக TikTok அறிமுகப்படுத்தும் ”Creator...
இலங்கை வாகனத் துறையில் புதிய டிஜிட்டல்...
BYD Launches RACCO in Japan,...
Fanta at Nallur: Celebrating Faith,...
மண் அடுப்பில் தயாராகும் சுவையான உணவுகளால்...
இசை, சுவையுடன் கட்டுநாயக்கவை அதிரவைத்த Coke...
Fanta at Nallur: Celebrating Faith,...
மண் அடுப்பில் தயாராகும் சுவையான உணவுகளால்...
இசை, சுவையுடன் கட்டுநாயக்கவை அதிரவைத்த Coke...
விசேட சலுகைகளுடன் Samsung Galaxy Z...