සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් අඛණ්ඩව 6 වන වරටත් ලොව ප්‍රමුඛතම gaming monitor සන්නාමය බවට පත් වෙමින් ගෝලීය වෙළෙඳපොලෙහි සිය ස්ථාවරත්වය ඒ ආකරයෙන්ම පවත්වා ගැනීමට සමත්ව සිටියි. ජාත්‍යන්තර දත්ත සංස්ථාවේ (IDC) නවතම දත්තයන්ට අනුව සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් මෙම සුවිසල් ජයග්‍රහණය අත්කරගෙන ඇති බව පසුගියදා නිවේදනය කරන ලදී.
සමස්ත ආදායම මත පදනම්ව 2024 වසරේදී ගෝලීය gaming monitor වෙළෙඳපොලෙහි 21%ක ප්‍රමුඛ කොටසක් අත්පත් කර ගැනීමට සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සමත් විය. ඒ තුලින් සීඝ්‍රයෙන් ජනප්‍රිය වන, කාර්ය සාධනය මත පදනම් වූ කර්මාන්තයක් තුළ සැම්සුන් ඉලෙක්ට්‍රොන්ක්ස්හි නායකත්වය යළි යළිත් තහවුරු කිරීමටද ඔවුන් සමත් විය. සිය OLED මාදිලිය දියත් කිරීමෙන් වසර 2කට පසුව 34.6%ක වෙළෙඳපොල කොටසකට හිමිකම් කියූ සැම්සුන් අඛණ්ඩව දෙවන වසරටත් ගෝලීය OLED මොනිටර් අංශයේ අංක 1 ට පත් විය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සැම්සුන් ඉලේක්ට්‍රොනික්ස්හි Visual Display Business අංශයේ විධායක උප සභාපති Hoon Chung මහතා සඳහන් කර සිටියේ “නවෝත්පාදනයන් වෙනුවෙන් නිරන්තරයෙන් කැප වීම හා වර්තමාන සඳහා උනන්දුවක් දක්වන්නන්ගේ අවශ්‍යතාවය මනාව අවබෝධ කරගැනීම හේතුවෙන් gaming display වෙළෙඳපොලෙහි සාර්ථකත්වය අත් කර ගැනීමට අපට හැකි වුණා. මේ වන විට ආකර්ෂණීය 3D අත්දැකීම්වල සිට ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම OLED නිෂ්පාදනයන් දක්වා gaming අනාගතය පරිවර්තනය කිරීමට අපිට හැකිවී තිබෙනවා.
සැම්සුන් සතු Odyssey gaming monitor නිෂ්පාදන පෙල සන්නාමයේ අඛණ්ඩ වර්ධනයට සුවිසල් හේතුවක් වී ඇත. විවිධ මාදිලි තුළින් ආකර්ෂණීය අත්දැකීමක් හා gaming සඳහා ඉහළ කාර්ය සාධන ප්‍රමිතියක් සනිටුහන් කිරීමට මෙම නිෂ්පාදන පෙල සමත් වේ. එමෙන්ම සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් විසින් හඳුන්වා දුන් Odyssey G6 තවදුරටත් gaming ක්ෂේත්‍රය තුළ සැම්සුන්හි නායකත්වය පුලුල් කිරීමට සමත් වූයේ සුපිරි වේලය හා ඉහළ ප්‍රතිචාරයද සමඟිනි.
සැම්සුන් හි Quantum Dot OLED තාක්ෂණයද අනාගත පරපුරේ තවත් සුවිශේෂී සාධකක් ලෙස සදහන් කළ හැකිය. නරඹන සෑම දෙසකින්ම නිවැරදි වර්ණයන් දැක ගැනීමේ අවස්ථාව, වැඩි දියුණු කළ දීප්තිමත් බව හා සුපැහැදිලි බව හේතුවෙන් උසස් තත්වයේ ආකර්ෂණීය රූ රාමු හා ඉහළ කාර්යක්ෂමතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන gamers අතර ජනප්‍රියත්වයක් අත් කර ගැනීමට එම තාක්ෂණය සමත්ව සිටියි. NVIDIA G-SYNC අනුගමනය කිරීම සහ AMD FreeSync™ Premium Pro සඳහා සහාය දැක්වීම මඟින් ඒවායෙහි කාර්යක්ෂමතාව තව දුරටත් ඉහළ නංවා ඇත. එය OLED gaming අත්දැකීම සඳහා වන පසුබැසීම, නොගැලපීම සහ ප්‍රමාදය අවම කිරීමටද හේතුවක් වේ.
Odyssey 3D සහ Odyssey OLED G8 ගෝලීය වශයෙන් මිලදී ගත හැකි අතර Odyssey OLED G6 2025 වසරේ දෙවන අර්ධයේ සිට ගෝලීය වෙළෙඳපොල තුළින් මිලදී ගත හැකි වනු ඇත.