සුවිසල් වන සම්පත සුරැකිීම සඳහා වන 2025 “The Gathering of Giants” මෙවරත් සිනමන් හබරණ පරිශ්‍රයේදී

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ වටිනා වන සම්පත් සුරැකිීමේ පුරෝගාමී වැඩසටහනක් වන The Gathering of Giants එළඹෙන ජූලි 25 වන දින සිට 27 වන දින දක්වා සිනමන් හබරණ පරිශ්‍රයේදී (Cinnamon Habarana Complex) පැවැත්වීමට නියමිතය. සිනමන් නේච(ර්) ටේ්‍රල්ස් (Cinnamon Nature Trails) සහ සෙලාන් බැංකුවේ (Seylan Bank) වටිනා හවුල්කාරීත්වය යටතේ සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) මඟින් සංවිධානය කරන මෙම සුවිශේෂී වැඩසටහන මෙරට ස්වභාවික සම්පත් සුරැකීම කෙරෙහි අවධානය යොමු කරමින් පරිසර පද්ධති ආරක්ෂා කිරීම, ප්‍රජාව බලගැන්වීම සහ පාරිසරික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන සංචාරයන් සඳහා උනන්දුව ඇති කිරීමට අරමුණු කොට ගෙන ඇත. 2025 වසර සඳහා වන මෙම වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් (Cinnamon Grand Colombo) Atrium හිදී පැවැත්විණ.

ගෝලීය වශයෙන් හයවන විශාලතම සත්ව එකතුව ලෙස Lonely Planet විසින් නම් කර ඇති මෙය මෙවර පවත්වනු ලබන්නේ තුන්වන වරට වන අතර මේ තුළින් මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යාන වෙත අලි ඇතුන් සිය ගණනකගේ වාර්ෂික සංක්‍රමණය සැමරීම වෙනුවෙන් සංරක්ෂණවේදීන්, සංචාරකයින්, සොබාදම් ලෝලීන් හා රචකයින් සඳහා අවස්ථාව සලසා දෙනු ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) හි ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා පත්වීමට නියමිත හිෂාන් සිංහවංශ මහතා “අඛණ්ඩව තෙවන වරටත් The Gathering of Giants වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුලින් මෙරට වනජීවී උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වන අපගේ කැපවීම නැවත නැවතත් තහවුරු වනවා. සතුන් නැරඹීමට පමණක් නොව මෙම වැඩසටහන පාරිසරික ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම, සංචාරක ව්‍යාපාර පෝෂණය කිරීම සහ ඒවායෙහි දිගු කාලීන වෙනසක් ඇති කිරීම සඳහා ප්‍රජාවන් හා ප්‍රවීනයින් එක් කිරීම මෙම වැඩසටන තුලින් සිදු වනවා. එසේම අප කවුද, අප පෙනී සිටින්නේ කුමක් සඳහාද යන්න හැඩගස්වන මානුෂීය හා සංරක්ෂණ වැඩසටහන් 35කට අධික සංඛ්‍යාවෙන් එකක් ලෙසත් සඳහන් කළ හැකියි.”යනුවෙන් පැවසුවේය.

වන ජීවීන් පිළිබඳ තොරතුරු, ප්‍රායෝගික වැඩමුලු සහ මෙරට සුවිශේෂී වන ජීවීන් දැකබලා ගැනීමේ විනෝද චාරිකා වැනි දේ පිළිබඳව අත්දැකීම් බෙදාහදා ගත හැකි දින 3ක වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක මෙය ඒ සම්බන්ධ විශේෂඥයින් විසින් මෙහෙයවනු ලබයි. මෙම වැඩසටහනෙහි ප්‍රධානතම සාධකය ලෙස සලකනු ලබන්නේ අලි ඇතුන්ය. ශ්‍රී ලංකාවේ වනජීවීන්ගේ විවිධත්වය සමරනු ලබන මෙම වැඩසටහන ආසියාවේ ප්‍රමුඛතම වනජීවී දර්ශනය වන විශාලතම ආසියානු අලි එකතුව පිළිබඳ දැනුවත් කිරීම හා සංරක්ෂණය කිරීමේ මූලික මෙහෙවරට සමගාමීව දිවියන් සහ සංක්‍රමණික පක්ෂීන් පිළිබඳ වැඩමුලුද ඇතුලත් වේ.

The Gathering of Giants සඳහා සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) සමඟ වන හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ අලෙවි හා විකුණුම් සහකාර සාමාන්‍යාධිකාරී ආසිරි අභයරත්න මහතා සඳහන් කර සිටියේ “සංරක්ෂණය අරමුණු කොටගත් අත්දැකීම් හරහා ශ්‍රී ලංකාවේ ස්වභාවික උරුමය සුරැකීම වෙනුවෙන් සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) හා සිනමන් නේච(ර්) ටේ්‍රල්ස් (Cinnamon Nature Trails) සමඟ අඛණ්ඩ හවුල්කාරීත්වයක් ඇති කර ගැනීමට අපි කටයුතු කළා. 2025 The Gathering of Giants හි සාර්ථකත්වය මනාව පෙන්නුම් කරන අතරම මෙම සහයෝගීතාවය අපගේ කාඩ්පත් හිමියන්ට ලොව ඉහළම වනජීවී සංදර්ශනවලින් එකක් වන ආසියාවේ දැවැන්ත අලි ඇතුන් එකතුව දැක ගැනීමට අවස්ථාව උදා වනවා. ඒ වගේම සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) සමඟ හෙට දවස වෙනුවෙන් නවතම වැඩසටහන් හා සංචාරයන් මෙහෙයවීමට ලැබීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත් වෙනවා.”යනුවෙනි.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයේ සුවිශේෂී ස්ථානයක පිහිටා ඇති සිනමන් හබරණ පරිශ්‍රය සඳහා සිනමන් ලොජ් හබරණ (Cinnamon Lodge Habarana) සහ හබරණ විලේජ් බයි සිනමන් (Habarana Village by Cinnamon) ඇතුළත් වේ. සොබා දහමේ සුන්දරත්වය මනාව විඳගැනීමේ අවස්ථාව එහි පැමිණෙන අමුත්තන්ට නොඅඩුව ලබා දෙන සිනමන් හබරණ පරිශ්‍රය (Cinnamon Habarana Complex) ඒ තුලින් සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) සිය අනන්‍යතාවය තහවුරු කිරීමටද සමත්ව සිටියි.
මෙම වසරේ වැඩසටහන තුලදී සුවිශේෂී කථිකයින් රැසක් අදහස් දැක්වීමට නියමිත අතර සහභාගී වන්නන් හට තොරතුරු ගවේෂණය කිරීමට හා සංවාද සඳහා එක්වීමටද අවකාශ උදා වේ.

Noah Falklind – BBC හි සම්මානලාභී වන ජීවී ඡායාරූප ශිල්පියකු වන ඔහු ශ්‍රී ලංකාවේ දුර්ලභ දිවියන්ගේ ජීවිත පිළිබඳ ආකර්ෂණීය ගවේෂණයක් වන Living with Leopards ඉදිරිපත් කරනු ඇත. ඒ සඳහා ඔහු සිදු කළ මෙහෙයුම හා දුර්ලභ තීක්ෂණ බුද්ධිය යොදා ගැනීමට නියමිතය.

ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අලි පිළිබඳ විශේෂඥයෙකු සහ සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපතිවරයා වන ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු මහතා මිනිසුන් හා අලි ඇතුන් අතර ඇති සංකීර්ණ සබඳතාව හා ඉඩකඩ බෙදා ගැනීමේ උපාය මාර්ග පිළිබඳ හෙලි කරන අලි ඇතුන් සහ සහජීවනය (Elephants & Coexistence) තුලින් දශක දෙකකට අධික අත්දැකීම් බෙදා ගැනීමට කටයුතු කරනු ඇත.

මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න – කොළඹ විශ්වවිද්‍යාලයේ කීර්තිමත් පක්ෂි විද්‍යාඥයකු වන මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න සංක්‍රමණික පක්ෂීන්ගේ අභිරහස් ගමනාන්තයක් සහ ගෝලීය කුරුලු කොරිඩෝවක් ලෙස මෙරට පාරිසරික වැදගත්ම පිළිබඳව සොයා බලන The Avian Migration to Sri Lanka මෙහෙයවීමට නියමිතය.

සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස්, ශ්‍රී ලංකා රිසොර්ට්ස් (Area Vice President – Sri Lanka Resorts, Cinnamon Hotels & Resorts) හි ප්‍රදේශ උප සභාපති යොහාන් අස්කාන් මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේ පැවසීය. “සිනමන් ලොජ් හබරණ (Cinnamon Lodge Habarana) සහ හබරණ විලේජ් බයි සිනමන් (Habarana Village by Cinnamon) ඇතුළත් සිනමන් හබරණ පරිශ්‍රය (Cinnamon Habarana Complex) සුවිශේෂී ස්ථානයක් ලෙස සඳහන් කළ හැකියි. පාරිසරික සම්පත්වලින් සුසැදි එහිදී The Gathering of Giants සමඟින් එක්ව අලංකාර වනජීවීන් දැක ගැනීමේ අවස්ථාව නිර්මාණය කරන අතරම මිනිසුන් සහ සොබා දහම අතර දිගු කාලීන සබඳතාවක් ඇති කරමින් සදාචාරාත්මක හා අධ්‍යාපනික හමුවීමක් සනිටුහන් කිරීමට අපි කටයුතු කරනවා.”

සෙලාන් බැංකුව සමඟ වන අඛණ්ඩ හවුල්කාරීත්වය තුළින් මෙම වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කර ඇති අතර ඒ යටතේ හඳුන්වා දී ඇති SEYEG25 ප්‍රවර්ධන කේතය භාවිත කරමින් 10%ක සුවිශේෂී වට්ටමක් ලබා ගැනීමට සෙලාන් ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට අවකාශ උදා වේ.

සොබාදහම පිළිබඳ ඉහළ යන උනන්දුව, අධ්‍යාපනය හා අරමුණ සමඟින් අමතක නොවන සංරක්ෂණ වැඩසටහනක් වනු ඇති මෙම The Gathering of Giants හි ඉඩකඩ ඉතා සීමිත වන බැවින් ඔබේ ඉඩකඩ කලින්ම වෙන් කර ගන්න.

ஆசியாவின் மிகப்பெரிய ‘யானைகளின் சந்திப்பு’: Cinnamon...
සන්ෂයින් හෝල්ඩින්ග්ස් ‘Smart Life Challenge’...
සුවිසල් වන සම්පත සුරැකිීම සඳහා...
Zesta Revives its Iconic Storytelling...
LMD இன் புதிய வர்த்தகநாமங்கள் வருடாந்த...
සම්පත් බැංකුව 2025 වසරේ පළමු...
TikTok පරිශීලකයින්ට ගැලපෙන අයුරින් For...
Cinnamon Life, LMD හි නවතම...
සම්පත් බැංකුව 2025 වසරේ පළමු...
TikTok පරිශීලකයින්ට ගැලපෙන අයුරින් For...
Cinnamon Life, LMD හි නවතම...
පහසු හා දැරිය හැකි මිලකට...