නිෂ්පාදක ජගත් සුමතිපාල සහ අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් අග්‍රගන්‍ය ජාත්‍යන්තර සිනමා තරු ජෙරමි ඉරොන්ස් සහ වරලක්ෂ්මී සරත්කුමාර හදුන්වා දෙති
ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ පෙර නොවූවිරූ කෞශල්‍යයක් පෙන්නුම්කරමින් ,සම්මාන ලාභී චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් 17 හැවරැදි රිසානා රෆීක් ගේ කතාව අමරණීයබවට පත්කිරීමට සහයෝගීව කටයුතු කිරීමට සුමති ස්ටුඩියෝහි සම්මාන රැසක් හිමිකරගෙන සිටින නිෂ්පාදක ජගත් සුමතිපාල සමඟ එක්වෙයි. 2005 වසරේදී තමන් රැකබලාගනිමින් සිටි ළදරුවෙකු මැරුවේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෞදි අරාබියේදී ඇය හිසගසා මරණයට පත්කරනු ලැබුවාය. මෙම සිද්ධිය මානව හිමිකම් සංවිධාන විසින් තරයේ හෙලාදකින ලද අතර එම කතාව රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි මැයෙන් චිත්‍රපටයක් ලෙස නිර්මාණයකිරීම මෙමගින් සිදුවෙයි.
රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ ඇකඩමි සම්මානලාභී බ්‍රිතාන්‍ය නළු ජෙරමි ඉරෝන්ස් සහ චිත්‍රපට හැටකට වැඩි සංඛ්‍යාවක රඟපා ඇති විවිධ සම්මාන රැසකින් පිදුම් ලද දකුණු ආසියානු නිළි වරලක්ෂ්මී සරත්කුමාර එහි ප්‍රධාන නළුනිළියන් වන බව සැලකිල්ලට ගන්නා විට මෙම චිත්‍රපටය ජාත්‍යන්තරයට පියතැබීමයි. හොලිවුඩ් ඇතුලු ලොව නන්දෙස සිනමා ක්ෂේත්‍රයන්ට ආගන්තුකයෙකු නොවන රත්නම්, මෙම කර්තව්‍යයේදී ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට පාත්‍රව සිටින ජේම්ස් රත්නම් තිර රචකයා ලෙස සම්බන්ධ කරගනී. නැගීඑන නිළි විදූෂිකා රෙඩ්ඩි ප්‍රධාන නළුවාගේ භූමිකාවට ඔහු හඳුන්වාදෙන බැවින් ඇය ජාත්‍යන්තර වශයෙන් දිදුලන හොලිවුඩ් සහ බොලිවුඩ් නළුවන් සමඟ රඟපාන නිසා එම සම්ප්‍රාප්තිය ඇයට ඇයගේ මෙම ක්ෂේත්‍රයේ කුසලතා ඔප්නංවාගැනීමට අවස්ථාව උදාවෙයි.
Reversal of Fortune චිත්‍රපටයේ හොඳම නළුවා සම්මානය දිනාගත් ඉරොන්ස් Golden Globe සම්මානයක් Tony, Emmy, SAG and an Honorary César Award and a Premio Europa Per il Teatro, සමිමානයට පාත්‍රවී ඇති ඔහු මානව හිමිකම් ක්‍රියාකාරකයෙකු ලෙසද රඟපා ඇත. ප්‍රධාන නළුනිළියන් හඳුන්වාදීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ ඔහු “ශ්‍රී ලංකාවේ මෙම කාර්යයන්හි නිරතවීම මට නවමු අත්දැකීමක්. එමෙන්ම ලෝකයේ මෙම කලාපයේ සිනමා කර්මාන්තයේ සාර්ථකත්වය ගැන සහ රසාස්වාදය ගැන මම සතුටුවෙනව. රිසානාගේ කතාව අතිශය ඛේදජනක කතාවක්. අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් මහතා සමඟ මෙම නිර්මාණයට සම්බන්ධවී මෙම කතා සහ 21 වැනි සියවසේ සිදුනොවිය යුතු මරණිය දණ්ඩනයේ හද කම්පාකරවන සුසමාදර්ශය යළි ප්‍රකාශකිරීමට අවශ්‍යයි.”
හොලිවුඩ් සිනමාවේ Stephen Spielberg, David Lean, Carol Reed, George Lucas, John Boorman and Régis Wargnier වැනි දැවැන්තයන් සමඟ චිත්‍රපට ක්ෂේත්‍රයේ උසස් දස්කම් දක්වා ඇති රත්නම් මහතා ජාත්‍යන්තර චිත්‍රපට 100 කට වැඩි සංඛ්‍යාවකට දායකවී ඇති විශිෂ්ටයෙකි. එමෙන්ම Witness to a Killing, Pilgrimage, The Road from Elephant Pass and A Common Man යන ඔහුගේ චිත්‍රපට වෙනුවෙන් සම්මාන දිනාසිටින ඔහු විවාදජනක විෂයයන් තුළට කිදාබසිමින් නිර්මාණ සැකසීමට බිය නැති අධ්‍යක්ෂවරයෙකු ලෙස ප්‍රකටය. “රිසානාගේ කතාව මගේ හිතට තදින් දැනුනා.එය නිර්මාණයක් මගින් පැවසීමට කතාවක් ලෙස මා හඳුනාගත්ත. අහම්බෙන් මට ජගත් සුමතිපාල මහතා මුණ ගැසීමෙන් එම සිහිනය යථාර්ථයක් බවට පත්කරගැනීමට අවස්ථාව උදාවුනා. මෙම චිත්‍රපයටය ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් කුසලතා පූර්ණ නළුනිළියන් සම්බන්ධකර ගනිමින් මෙම පණිවුඩය ලොවට ගෙන යන අතර මෙම කතාව ජනතාවතුළ අනුනාදවෙමින් මෙවැනි සිද්ධි පිළිබඳ දැනුවත්භාවය තවත් වර්ධනය වනු ඇතැයි විශ්වාස කරමි”.
වෘත්තීයමය වශයෙන් මුද්‍රා නාට්‍ය ශිල්පිනියකව සිට නිළියක් බවට පත්ව සිටින, භාෂා හයක් ප්‍රගුණ කර ඇති වරලක්ෂමී සරත්කුමාර වෛද්‍ය රානි සෙල්වම් ලෙස රඟපායි. ඇය ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක රඟපෑමෙන්, සියලු දකුණු ඉන්දියානු භාෂාවලින් නිෂ්පාදනය කර ඇති 30 කට වැඩි චිත්‍රපට සංඛ්‍යාවක දැනටමත් නිලියක වීමෙන් ඇයගේ මෙම විෂය ක්ෂේත්‍රය තවත් පුළුල් කරගැනීමට අවස්ථාව උදාවෙයි. “අපගේ යුගයේ අතිවිශේෂ අධ්‍යක්ෂකවරයෙකු වන චන්ද්‍රන් රත්නම් මහතා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක රගපෑමට ලැබීම ගැන සහ මා මහත් භක්තියකින් සලකන ජෙරමි ඉරන්ස් සමඟ රඟපෑමට ලැබීම මට මහත් සතුටක් ගෙන දෙයි. රිසානාගේ කතාව බොහෝ මට්ටම්වලින් මගේ හදවතට ස්පර්ෂවූවකි. කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන මට රිසානාගේ භුමිකාව මගේ එම ක්‍රියාකාරිත්වය සමඟ අනුනාද වන්නකි.
එම අදහස් සමඟ එකගත්වය පළකළ, තිරරචක ජේම්ස් රත්නම් මහතා පැවසුවේ “අදත් ලෝකය කම්පාකරමින් පවතින මානව හිමිකම් අර්බුදයක් රිසානාගේ කතාවෙන් නියෝජනය වන බවයි. ඇගේ කතාව ප්‍රකාශ කිරීමෙන් සහ ඇයට ගරුකිරීමෙන් අපට ඇයට හඬක් ලබාදිය හැකි අතර එයින් ඇය අමතක නොකළ බව පෙන්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.”
පිළිගැනීමේ කතාව පැවැත්වූ සුමති හෝල්ඩින්ස් ව්‍යාපාරයේ සභාපති සහ රිසානා චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජගත් සුමතිපාල මහතා පැවසුවේ” සුමති ස්ටුඩියෝව හුදෙක් චිත්‍රපට නිෂ්පාදනයේ නොයෙදෙයි.අපි වැදගත්කමක් ඇති සිද්ධි ආශ්‍රයෙන් නව නිර්මාණ ඉදිරිපත් කරන අතර ඒ නිසා යි අප ජාතික සිනමාවේ වඩාත් සම්මාන දිනාසිටින මෙම නිෂ්පාදන ස්ටුඩියෝව ඉදිකර ඇත්තේ.” 1977 දී කයිරෝ සිනමා උළෙලේදී අහසින් පොලවට චිත්‍රපටය වෙනුවෙන් ප්‍රථම ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිකරගත් යූ.ඩබ්ලිව්. සුමතිපාල මහතා ඔහුගේ පියාය. තම මව මිලිනා සුමතිපාල සමත්මිය පළමුවෙන් චිත්‍රපට නිෂ්පාදකවරියන් අතර මෙරට අඛණ්ඩව සම්මාන රැසක් දිනාගත් එක් නිෂ්පාදකවරියක වූ බව ඔහු සිහිපත් කළේය. මේ අනුව සුමති ස්ටුඩියෝස් ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ වඩාත් සම්මාන ලබාගත් නිෂ්පාදකයා වීමේ පාදස්තලයේ පිහිටා ඇත.
“අප මෙහි රැස්ව සිටින්නේ නිකම්ම කතා කීමට නොවේ. ඒවා අපගේ මුහුදු සීමාවෙන් එතෙරට ගෝලීය ප්‍රේක්ෂක සමූහයා වෙත ඒවා ගෙනයාමටයි.” ඔහු පැවසුවේය. “සිනමා කර්මාන්තය උදෙසා පදනම දැමූ මගේ පියාගේ නව්‍ය අදහස් වලින් පොහොසත් වූ දර්ශනයෙන් ශ්‍රී ලංකා සිනමාවේ ආඛ්‍යානය මගේ මගපෙන්වීම යටතේ අප හඹා ගොස් ඇති නිර්භය නවෝත්පාදන කරා සහ ඊළඟ මට්ටම කරා මෙම උරුමය ගෙනයාමට දැන් පියනගන ඊළඟ පරම්පරාව වෙත සුමති ස්ටුඩියෝස් ගෙනයන අතර මෙම චිත්‍රපටය නිර්මාණශීලිත්වයේ අපගේ සන්තතියට ගේය කාව්‍යවෙයි.”