C Rugby තරඟාවලියට සියල්ල සූදානම් – සතුට විනෝදය මුසුවූ සැණකෙළියට ඔබටත් අවස්ථාව

Share

Share

Share

Share

සොයුරු සොයුරි පාසල්වල ආදි සිසු සිසුවියෝ සංගීතයෙන්, සතුටින් උත්සවශ්‍රීයෙන් ඇලලී යන පසුබිමක රග්බි ශූරතා තරඟාවලියට සිය පාසල්වල ධජයන් සෙවනේ රැස්වෙති .

ආදි ශිෂ්‍ය සහ ශිෂ්‍යාවන්ගේ ඒකාබද්ධ රග්බි කණ්ඩායම් එකට යළිත් තරඟවදින ක්‍රීඩා කැලැන්ඩරයේ සුවිශේෂී ක්‍රීඩා තරඟාවලියක් අගෝස්තු 30 සෙනසුරාදා CR&FC Grounds හිදී විවිධ ජනප්‍රිය කණ්ඩායම්වල සංගීත රාවයන් දසත පැතිරයන, පවුල් සාමාජිකයන්ට සතුට සහ විනෝදය ලබාදෙන පසුබිමක පැවැත්වෙයි. ඉසිපතන විද්‍යාලයේ සහ C.R.&F.C. වල හිටපු රග්බි ක්‍රීඩක සහ ජාතික රග්බි ක්‍රීඩක මෙන්ම රග්බි ක්‍රීඩා ක්ෂේත්‍රයේ කීර්තිමත් ක්‍රියාකාරිකයෙකු වන AGOAL International අධිපති ඩිල්රෝයි ප්‍රනාන්දු විසින් මෙම තරගාවලිය අට වැනි වතාවට මෙවර සංවිධානය කර ඇත.එක් කණ්ඩාමකට ක්‍රීඩකයන් හත් දෙනෙකු බැගින් ඇතුළත් වන C-Rugby Tag Rugby, තරඟාවලියට කණ්ඩායම් දහසයක් (16) ඇතුළත් වෙති.

එක් පිටියකට සොයුරු සොයුරී පාසල්වලින් ආදි සිසු සිසුවියන් ඒකරාශීකරන එකම තරගාවලිය බවට පත්ව ඇති මෙම රග්බි තරඟාවලිය ඔවුන්ගේ සුන්දර සහෝදරත්වය සහ මතකයන් යළි පුබුදුකිරීමට අවකාශය සලසන ප්‍රමුඛ ඉසව්වක් ලෙස තහවුරුවී ඇත.රග්බි සමඟ සබැඳි ක්‍රියාකාරකම් සමුදායකින් හෙබි මෙම අවස්ථාව සංගීතරාවය දසත පැතිරයන විනෝදය හා සතුට දනවන ඉසව් සමස්ත පවුලට පිරිනමන සාදයකින් අලංකෘතවෙයි.

ඹවුන්ගේ අතීතයේ රග්බි ක්‍රීඩාවේ යශෝරාවය යළිපණගන්වමින් තම කණ්ඩායම්වල පැරණි සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් යළි මුණගැසීමේ සුන්දර අවස්ථාවක් මොවුන්ට අත්වෙයි. මෙම සැණකෙළිය සංගීත කණ්ඩායම්වල සංගීත රාවයෙන් සහභාගිවන්නන්ට වින්දනයක් ලබාදෙන අතර වෙළඳකුටි, ආහාර පාන ලබාගැනීමට ආපනශාලා සහ ළමයින්ට කෙළිදෙලෙන් ගත කිරීමට එළිමහන් ස්ථානයකින් සමන්විතය.

ලීග් තරඟ 24 ක් සහ අවසන් වටයේ තරඟ 15 කින් සමන්විත මෙම තරඟාවලියේ මුළු තරඟ සංඛ්‍යාව 39 කි. පස්වරු 4 ට ඇරඹෙන තරඟාවලිය තණතිලි දෙකක දී මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වෙයි. The Bowl Finals තරග රාත්‍රී 8.30 ට ඇරඹීමට විධිවිධාන යොදා ඇති අතර Plate Finals සහ Cup Finals තරඟ ඉන් අනතුරුව පවත්වනු ලැබේ. එක් එක් කණ්ඩායමට අවුරුදු 25 ට වැඩි ක්‍රීඩකයන් දෙදෙනෙකු , අවුරුදු 35 ට වැඩි ක්‍රීඩකයන් තිදෙනෙකු බැගින් සහ පිරිමි ළමයින්ගේ කණ්ඩායමේ සොයුරි පාසලෙන් ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට සහභාගිවීමට ඉඩලැබෙයි.

තරඟාවලියට සහභාගිවන කණ්ඩායම්: රාජකීය/විශාඛා, ඉසිපතන/ශාන්ත පාවුළු, ශාන්ත ජෝශප්/ශාන්ත බ්‍රිජට්, කිංස්වුඩ්/මහනුවර උසස් බාලිකා විද්‍යාලය, වෙස්ලි/මෙතෝදිස්ත, ඩී.එස්. සේනානායක/සිරිමාවෝ බණ්ඩාරනායක, ආනන්ද /මියුසියස්, ත්‍රිත්ව/හිල්වුඩ් සහ කාන්තා, ශාන්ත තෝමස්/ බිෂොප්, සයස්න් විද්‍යාලය/ගල්කිස්සේ උසස් බාලිකා විද්‍යාලය, ශාන්ත සිල්වෙස්ටර්/ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය, ධර්මරාජ/මහාමායා,ශාන්ත බෙනඩික්/යහපත් එඬේරාගේ කන්‍යාරාමය, විද්‍යාර්ථ/පුෂ්පදාන බාලිකා විද්‍යාලය,ශාන්ත පීතර/බම්බලපිටියේ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය සහ තර්ස්ටන්/දේවි බාලිකා.

පසුගිය වසරේදී විද්‍යාර්ථ/පුෂ්පදාන බාලිකා විද්‍යාලීය ඒකාබද්ධ කණ්ඩායම C-Rugby ශූරතාව දිනාගත් අතර, Plate ශූරතාව වෙස්ලි/මෙතෝදිස්ත කණ්ඩායමටත්, Bowl ශූරතාව ශාන්ත බෙනඩික්/යහපත් එඬේරාගේ කන්‍යාරාමයටත් හිමිවිය. මෙම වසරේදී දසත විද්‍යාලීය ධජ ලෙලදෙන , ඔල්වරසන් හඬ රැව්පිළිරැව්දෙන සහ සංගීතයෙන් සවන් පත් සනසන පසුබිමක ඊටත් වඩා උසස් ලෙස මෙම රග්බි තරඟාවලිය පැවැත්වෙනු ඇත. Elephant House – Lemonade, Keells Krest, Imorich, Haleon-Iodex, Fairway Holdings, Nations Trust Bank, The Papare, Prima, Rush, CR&FC and YES 101. යන ප්‍රමුඛ සමාගම් මෙම තරඟාවලිය පැවැත්වීමට දාකවෙයි.

LankaPay Technnovation Awards 2026 හිදී...
BYD ශ්‍රී ලංකාව තුළ වාහන...
TikTok releases Q4 2025 Community...
ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජයන්ත ප්‍රේමචන්ද්‍රයන්ගේ...
ITC Ratnadipa Presents The Art...
Bringing Avurudu to the Table,...
BYD மற்றும் DENZA வாகனங்களுக்கு ‘ஸ்மார்ட்...
BYD நிறுவனத்தின் 10,000 வாகன விநியோக...
Bringing Avurudu to the Table,...
BYD மற்றும் DENZA வாகனங்களுக்கு ‘ஸ்மார்ட்...
BYD நிறுவனத்தின் 10,000 வாகன விநியோக...
புதிய வாகன மாடல்களுக்கான விரிவான லீசிங்...