සැම්සුන් ශ්‍රී ලංකා විසින් 2025 B2B සමුළුව පසුගියදා සංවිධානය කරනු ලැබුවේ රජය, නිෂ්පාදන, අධ්‍යාපන, සෞඛ්‍ය සේවා, සැපයුම්, බැංකු, මූල්‍ය, රක්ෂණ සහ හෝටල් යන අංශයන්හි ආයතන 180කට වැඩි පිරිසක් එක් කරගනිමිනි. මෙම සමුළුවේ විශේෂත්වය වූයේ ව්‍යවසාය දියුණුව හා පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් තුළින් මෙරට ඩිජිටල් පරිවර්තනය සිදු කරන ආකාරය දැක බලා ගැනීමේ අවස්ථාව සලසා දී තිබීමයි.
සැම්සුන්හි Mobile Experience (MX) සහ Consumer Electronics (CE) යන අංශයන් එක්ව සංවිධානය කළ මෙම සමුළුවේදී අභියෝග හා නව්‍ය මෙහෙයුම්වලදී මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් ඉදිරිපත් කිරීමට සැම්සුන් දක්වන කැපවීමද මනාව තහවුරු කිරීමට සමත් විය.
සමුළුවේ සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව හා මාලදිවයින යන රටවල සැම්සුන්හි CE ව්‍යාපාර අධ්‍යක්ෂ හා ප්‍රධානී සබි්‍ර අන්සාර් මහතා අදහස් ඉදිරිපත් කළ අතර සැම්සුන්හි කළමනාකාර අධ්‍යක්ෂ හා ශාඛා ප්‍රධානී SangHwa Song මහතා විසින් පිළිගැනීමේ කතාව ඉදිරිපත් කරන ලදී. එහිදී ඔවුන් දෙදෙනාම අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ශක්තිය හා ඩිජිටල් සූදානම බල ගැන්වීමේදී විශ්වාසදායක තාක්ෂණික හවුල්කරුවකු ලෙස සැම්සුන්හි කාර්යභාරය පිළිබඳවයි.
ව්‍යාපාරයන්හි ආරක්ෂාව වෙනුවෙන්ම නිර්මාණය කරන ලද ආරක්ෂක විශේෂාංගයක් වන Samsung Knox පිළිබඳව පැහැදිලිව හඳුන්වාදුන් මෙම විශේෂ අවස්ථාවේදී ඉන්දියාවේ බැංගලෝර්හි සැම්සුන් පර්යේෂණ ආයතනයේ Network Framework හි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු Jaswanth Tanukonda මහතා Knox Suite කට්ටලය සමඟ Galaxy පරිපාලකයින් හට උපාංග කාර්යක්ෂමව කළමණාකරණය කිරීමට, සුරක්ෂිත කිරීමට හා ක්‍රියාකරවීමට හැකි පුළුල් විසඳුමක් පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දෙන ලදී. ඉහළ ආරක්ෂක ප්‍රමිතීන් මනාව පවත්වා ගනිමින් ව්‍යාපාරයන්ට සිය මෙහෙයුම් අඛණ්ඩතාව ඉහළ නැංවීම සඳහා විධිමත් උපාංග ඇතුළත් කිරීම, කාලීන කළමනාකරණය සහ මුල සිට අග දක්වා දත්ත ආරක්ෂාව වැනි බොහෝ සේවාවන් මෙම සුවිශේෂී කට්ටලය මඟින් ව්‍යාපාරයන්ට ලබා දෙනු ඇත.
එමෙන්ම අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා වැනි අංශයන්හි ව්‍යාපාර සඳහා අත්‍යාවශ්‍ය මෙවලම් ලෙස ණබදං Knox Configure සහ Knox Guard හඳුන්වා දීමද විශේෂත්වයකි. ව්‍යාපාරයන්ට මෙම විසඳුම තුළින් සංවේදී දත්ත හෝ විශාල උපාංග පද්ධති කළමනාකරණ අංශයන්හි පාලනය මෙන්ම බෙදාහැරීමට උපාංග පිළිබඳව දුර සිට තහවුරු කිරීම, පරිශීලකයාට භාවිත කළ හැකි පරිදි අගුලු දැමීමට මෙන්ම සොරකම් හෝ මූල්‍ය අවදානම්හිදී අක්‍රිය කිරීම සිදු කිරීමට හැකියාව උදා කර දෙයි.
උදාහරණයක් ලෙස එම පද්ධතිය තුලින් වෛද්‍යවරු සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් භාවිත කරනු ලබන ජංගම උපාංග සුරක්ෂිත කර ඇති බව සහතික කරන Samsung Knox ඒ තුලින් රෝගීන්ගේ දත්ත ආරක්ෂා කරමින් HIPAA පෙළ ගැසුණු ප්‍රවාහයන් සක්‍රීය කිරීම සිදුවේ. එමෙන්ම පාසල් හා විශ්විද්‍යාල විභාග අතරතුර ටැබ්ලට් ලොක් කිරීම, ගැලපෙන ඉගෙනුම් තිර නිර්මාණය කිරීමට මෙන්ම පන්ති කාමර හරහා දුරස්ථව මෘදුකාංග කළමනාකරණය කිරීමටද ඊට හැකි වේ.
තවද මෙම සමුළුවේදී සැම්සුන්හි ජංගම උපාංගද ප්‍රදර්ශනය කරමින් Galaxy XCover 7 පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමද විශේෂත්වයකි. කල්පැවැත්ම, ජලයට හා දූවිලිවලට ඔරොත්තු දීම, මාරුකළ හැකි බැටරිය සමඟින් හඳුන්වා දී ඇති Galaxy XCover 7 රළු භාවිතයට ඉතාමත් සුදුසු වේ. ඒ නිසාම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයින්, ක්ෂේත්‍ර ඉංජිනේරුවන්, සැපයුම් කාර්ය මණ්ඩලය වැනි රැකියාවන්හි නියුතු පුද්ගලයින් සඳහා මෙය ඉතා වැදගත් වනු ඇත.
තවද සැපයුම් හා ක්ෂේත්‍ර රැකියාවන්හිදී තත් කාලීන සන්නිවේදනය සඳහා පහසුකම් සැලසීමේ හැකියාව සහිත XCover 7 කණ්ඩායම්හි ඵලදායිතාවය ඉහළ නැංවා ගැනීම සඳහා GPS navigation, barcode scanning සහ data capture වෙනුවෙන් සහයෝගය ලබා දෙයි. ඒ සමඟම හඳුන්වා දෙනු ලැබූ Galaxy Tab Active 5 නිෂ්පාදන හා හෝටල් ක්ෂේත්‍රයන්හිදී ස්ථාන පරීක්ෂාවන්, ජංගම දත්ත ඇතුළත් කිරීම් සහ පාරිභෝගික සහාය වැනි සේවාවන් සැලසීමට සමත් වනු ඇත. එහි ඇති S Pen සහ පහසු touch screen හේතුවෙන් දුෂ්කර තත්වයන් යටතේ සේවය කරන හෝ ආරක්ෂිත ආම්පන්න භාවිත කරන වෘත්තිකයින්ට ඉමහත් පහසුවක් අත් වේ.
මෙහිදී පාරිභෝගික විදුලි උපකරණ අංශය යටතේ සැම්සුන් ඉන්දියාහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ හා SAC ව්‍යාපාර ප්‍රධානී Vipin Agrawal මහතා විසින් රෝහල්, හෝටල්, අධ්‍යාපන ආයතන හා විශාල ප්‍රමාණයේ කාර්යාල වැනි වාණිජ අවකාශයන් සිසිල් කිරීම වෙනුවෙන් නිර්මාණය කර ඇති DVM S2, DVM Eco සහ DVM ජල පද්ධති සඳහා වායු සමීකරණ පෙළක් හඳුන්වා දෙන ලදී. WindFree™ තාක්ෂණයෙන් යුත් මෙම නිෂ්පාදන පාරිභෝගිකයින් හට සුවපහසුවක් අත්කර දෙන්නේ ඔවුන්ගේ කාමරවලට උසස් තත්වයේ සිසිලක් ගෙන එමිනි.
එමෙන්ම 360 සහ 1-Way Cassettes හි විශේෂත්වයද Agrawal මහතා මෙහිදී අවධාරණය කරන ලදී. බලශක්ති කාර්යක්ෂම කාබන් විමෝචනය අවම කිරීම සහ ස්මාර්ට් ගොඩනැගිලි ස්වයංක්‍රීයකරණය සඳහා සහාය වීම වෙනුවෙන් නිෂ්පාදනය කර ඇති එහි සුවිශේෂී AI ක්‍රියාකාරීත්වය සහ ඝෝෂාව පාලනය කිරීමේ හැකියාව පිළිබඳවද ඒ මහතා මෙහිදී අදහස් ඉදිරිපත් කරන ලදී.
මෙම අවස්ථාවට එක් වූ සැම්සුන් ඉන්දියාහි ප්‍රදර්ශන ව්‍යාපාර සඳහා පූර්ව විකුණුම් ප්‍රධාන කළමනාකාර හරික්‍රිෂ්ණන් ටී මහතා තොරතුරු ඉදිරිපත් කිරීමේදී මනාව සැලසුම් කළ පොදු සන්නිවේදන ක්‍රමයක් වූ Samsung Display Solutions විසින් ඉටුකරන කාර්යභාරය පිළිබඳ පෙන්වා දුන්නේය. මේ හරහා කාර්යාලයන් තුළ වීඩියෝ සම්මන්ත්‍රණ, රැස්වීම් වැනි අන්තර්ක්‍රියාකාරී වැඩසටහන් පහසුවෙන් කළමනාකරණය කිරීමට හැකි වේ.
අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් පන්ති කාමරයක අත්දැකීමක් ලබා දෙමින් විවිධ පාඩම් ඉගෙන ගැනීමට, ඒ මොහොතේම අන්තර්ගතයන් පිළිබඳ දැනගැනීමට මෙන්ම ශිෂ්‍ය අන්තර් ක්‍රියාකාරීත්වයන් ඉහළ නැංවීමටද Samsung Display Solutions මෙම හේතු වනු ඇත. එමෙන්ම දුරස්ථ ඉගෙනුම් සඳහාද මෙය වඩාත් සුදුසු වේ.
අනාගතයේ සැම්සුන් සැලසුම්හි එක් පියවරක් ලෙස සැපයුම්, නිෂ්පාදන, සෞඛ්‍ය සේවා සහ රාජ්‍ය අංශය හරහා Galaxy XCover 7 සහ Tab Active 5 වැනි Knox තාක්ෂණය සහිත ජංගම දුරකතන භාවිත කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරවීම සඳහා වන වැඩපිළිවෙලක් නිවේදනය කිරීමටද මෙහිදී කටයුතු කරන ලදී. ඒ තුලින් පාරිභෝගික පහසුව, දත්ත ආරක්ෂාව හා ආරක්ෂිත යටිතල පහසුකම් වෙනුවෙන් සිය සහයෝගය දැක්වීමට සැම්සුන් අරමුණු කොට ගෙන සිටියි.
පාරිභෝගික විදුලි උපකරණ අංශයේදී ව්‍යාපෘති පදනම් කරගත් B2B ක්‍රියාකාරකම් සාර්ථක කර ගැනීමට හා ක්‍රියාත්මක කිරීම සඳහා සම්පත්, ගැලපෙන මිල ක්‍රමයන් සහ ඉංජිනේරු සහාය ලබා දීමට SAC උපදේශකයින් සහ MEP කොන්ත්‍රාත්කරුවන් සමඟ තාක්ෂණික හවුල්කාරීත්වයන් ශක්තිමත් කිරීම සිදු වේ. මෙම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික් අවකාශය තුළ සැම්සුන්හි ප්‍රමුඛත්වය තහවුරු කිරීමට ඔවුන් කටයුතු කර ඇත.
මෙම ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් සහාය වීමට රජය සහ ව්‍යාපාර ටෙන්ඩර් සඳහා වන මූලික සබඳතා ඉහළ නැංවීමේ හා මහා පරිමාණ උපාංග වැඩි දියුණු කිරීමේ පරිපූර්ණ ක්‍රියාවලියට අවශ්‍ය දැනුවත් කිරීම් සමඟ ප්‍රතිලාභ රැසක් මෙහිදී හඳුන්වා දීම විශේෂත්වයකි.