Cinnamon Life at City of Dreams, 2025 CIOB ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන Cinnamon Life at City of Dreams පසුගියදා තවත් සුවිශේෂී සම්මානයක් තමන් සතු කර ගැනීමට සමත් විය. ඒ 2025 CIOB ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයේ – තිරසාර ඉදිකිරීම් සඳහා වන සම්මානය හිමිකර ගනිමින්ය.

විශේෂයෙන් බලශක්ති කාර්යක්ෂම සැලසුම් හා පරිසර හිතකාමී ඉදිකිරීම් ක්‍රමයන් මෙන්ම අපද්‍රව්‍ය අවම කිරීම, ජල සංරක්ෂණය සහ ප්‍රජාව විසින් මෙහෙයවනු ලබන හරිත වැඩසටහන් වැනි සියලු මෙහෙයුම්හිදී සෑම අංශයක් තුළම තිරසාර භාවිතයන් යොදා ගැනීම වෙනුවෙන් Cinnamon Life වෙත මෙම සම්මානය හිමි විය. ශ්‍රී ලාංකේය තිරසාර ඉලක්කයන් සමඟ ජාත්‍යන්තර හෝටල් ප්‍රමිතීන් එක් කිරීම තුලින් හෝටල් හා ඉදිකිරීම් යන ක්ෂේත්‍රයන් දෙකෙහිම නව මානයන් සනිටුහන් කිරීමට ඔවුන් සමත්ව සිටියි.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද 2025 CIOB ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙල පසුගිය අගෝස්තු 16 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූ Cinnamon Life at City of Dreams විදුලිය පරිභෝජනය අවම කිරීම, බලශක්ති කාර්යක්ෂම භාවිතයන් ඉහළ නැංවීම සහ පුළුල් ප්‍රතිචක්‍රීයකරණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් පාරිසරික, සමාජීය සහ පාලන මූලධර්මයන් අනුව කටයුතු කරයි.

පාම් තෙල් විරෝධය, විශ්වාස සහ...
2026 ආධුනික වයස් කාණ්ඩ පිහිනුම්...
இலங்கையின் எதிர்காலத்தை நோக்கி களம் அமைக்கும்...
இலங்கை மருந்தாக்கல் கைத்தொழில் சம்மேளனம் Rebuilding...
කොකා-කෝලා පදනම සහ සේවාලංකා පදනම...
Advice Lab Unveils New 13,000+...
du Signs Three-Year Agreement with...
2025 වසරේ දෙසැම්බර් මාසයේ දී...
Advice Lab Unveils New 13,000+...
du Signs Three-Year Agreement with...
2025 වසරේ දෙසැම්බර් මාසයේ දී...
2025 டிசம்பரில் இலங்கையின் ஆடை ஏற்றுமதி...