Cinnamon Life at City of Dreams, 2025 CIOB ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන Cinnamon Life at City of Dreams පසුගියදා තවත් සුවිශේෂී සම්මානයක් තමන් සතු කර ගැනීමට සමත් විය. ඒ 2025 CIOB ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයේ – තිරසාර ඉදිකිරීම් සඳහා වන සම්මානය හිමිකර ගනිමින්ය.

විශේෂයෙන් බලශක්ති කාර්යක්ෂම සැලසුම් හා පරිසර හිතකාමී ඉදිකිරීම් ක්‍රමයන් මෙන්ම අපද්‍රව්‍ය අවම කිරීම, ජල සංරක්ෂණය සහ ප්‍රජාව විසින් මෙහෙයවනු ලබන හරිත වැඩසටහන් වැනි සියලු මෙහෙයුම්හිදී සෑම අංශයක් තුළම තිරසාර භාවිතයන් යොදා ගැනීම වෙනුවෙන් Cinnamon Life වෙත මෙම සම්මානය හිමි විය. ශ්‍රී ලාංකේය තිරසාර ඉලක්කයන් සමඟ ජාත්‍යන්තර හෝටල් ප්‍රමිතීන් එක් කිරීම තුලින් හෝටල් හා ඉදිකිරීම් යන ක්ෂේත්‍රයන් දෙකෙහිම නව මානයන් සනිටුහන් කිරීමට ඔවුන් සමත්ව සිටියි.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද 2025 CIOB ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙල පසුගිය අගෝස්තු 16 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූ Cinnamon Life at City of Dreams විදුලිය පරිභෝජනය අවම කිරීම, බලශක්ති කාර්යක්ෂම භාවිතයන් ඉහළ නැංවීම සහ පුළුල් ප්‍රතිචක්‍රීයකරණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් පාරිසරික, සමාජීය සහ පාලන මූලධර්මයන් අනුව කටයුතු කරයි.

Softlogic Life Grows 29% with...
TikTok Launches Time and Well-being...
மாற்றுத்திறனாளிகளுக்கான முதல் ஒருங்கிணைந்த நியமன இயக்கத்துடன்...
Sri Lanka Targets Inclusive Economic...
2025 SLIM ජාතික විකුණුම් සම්මාන...
2025 ஜனாதிபதி சுற்றுச்சூழல் விருதுகள் நிகழ்வில்...
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා...
සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින්...
2025 ஜனாதிபதி சுற்றுச்சூழல் விருதுகள் நிகழ்வில்...
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා...
සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින්...
Global Talent Competes to Solve...