හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා ශ්‍රී ලංකාවේ බැංකු අධ්‍යාපනය සහ වෘත්තීය සංවර්ධනය සඳහා වන ප්‍රධාන ආයතනය වන ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ (IBSL) පාලක මණ්ඩලයට පත් කර ඇත.
1964 දී ආරම්භ කරන ලද සහ 1979 දී පාර්ලිමේන්තු පනතක් මගින් නිල වශයෙන් සංස්ථාපිත කරන ලද IBSL වසර 60 කට වැඩි කාලයක් බැංකු දැනුම, සුදුසුකම් සහතික කිරීම සහ ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ වෘත්තීය ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. එහි පාලක මණ්ඩලයට ශ්‍රී ලංකා මහ බැංකුව, රාජ්‍ය වාණිජ බැංකු සහ බලපත්‍රලාභී මූල්‍ය ආයතනවල සාමාජිකයින් ඇතුළත් වේ. මෙරට බැංකු කර්මාන්තයේ අනාගතය හැඩගැස්වීමේදී IBSL ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය මෙයින් පෙන්නුම් කෙරේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පාලක මණ්ඩලයට තේරී පත්වීම මා ලද ගෞරවයක් කොට සලකනවා. දශක හයකට වැඩි කාලයක් තිස්සේ, අපගේ වෘත්තියේ කුසලතා සහ අඛණ්ඩතාව ගොඩනැගීම සඳහා මෙම ආයතනය වැදගත් කාර්යභාරයක් ඉටු කොට තිබෙනවා. ඩිජිටල්කරණය, තිරසාරභාවය සහ නව පාරිභෝගික අපේක්ෂාවන් මගින් බැංකුකරණය නැවත හැඩගස්වන කාලයක, වෘත්තීය අධ්‍යාපනයේ කාර්යභාරය කිසිදා මෙතරම් තීරණාත්මක වී නෑ. IBSL හි මගේ සගයන් සමඟ මා කටයුතු කිරීමට බලාපොරොත්තු වනවා. තවද අවදානම් කළමනාකරණය, ආයතනික සහ wholesale banking, ණය සහ මෙහෙයුම් ඇතුළු මගේ අත්දැකීම් සමඟින්, ඉගෙනුම් අවස්ථා පුළුල් කිරීමටත් ශ්‍රී ලාංකික බැංකුකරුවන්ට අනාගතයේදී සාර්ථක වීමට අවශ්‍ය දැනුම වර්ධනය කිරීමට උපකාර කිරීමටත් මා බලාපොරොත්තු වනවා.” යනුවෙනි.
2024 වසර මුලදී වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කිරීමෙන් පසු එම වසරේ නොවැම්බර් මාසයේදී දමිත් පල්ලෙවත්ත මහතා HNB හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස තේරී පත් විය. මීට පෙර wholesale banking සමූහයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ ඒ මහතා HNB හි wholesale banking අංශය ශක්තිමත් කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළේය. 2015 දී HNB හා සම්බන්ධ වීමට පෙර, ඔහු නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන අවදානම් නිලධාරියා ලෙස කටයුතු කළ අතර, එහිදී ගෝලීය මූල්‍ය අස්ථාවරත්වයේ කාල පරිච්ඡේදයක් තුළ ශක්තිමත් අවදානම් කළමනාකරණ පද්ධති සංවර්ධනය කිරීමට පල්ලෙවත්ත මහතා මූලිකත්වය ගෙන කටයුතු ළේය.
දක්ෂ වෘත්තිකයෙකු වන පල්ලෙවත්ත මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් MBA උපාධියක් සහ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ (University of London) ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලෙන් (London School of Economics) කළමනාකරණය පිළිබඳ (ගෞරව) උපාධියක් ලබා ඇත. තවද ඒ මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ හා ගණකාධිකරණ ආයතනයේ සාමාජිකයෙකු, වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරීවරයෙකු මෙන්ම අවදානම් වෘත්තිකයින්ගේ ගෝලීය සංගමයේ (GARP) සහතිකලත් මූල්‍ය අවදානම් කළමනාකරුවෙකු (FRM) ද වේ.