ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 171 වන වාර් ෂික මහ සභා සැසිවාරය අති උත්කර් ෂවත් අන්දමින් පැවැත්වේ

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය සඳහා මූලික දායකත්වය ලබා දෙන ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (Planters’ Association of Ceylon – PA), එහි 171 වන වාර් ෂික මහ සභා සැසිය කොළඹ ගාලදාරි හෝටලයේදී පැවැත්වීය.

ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා ආර්ථිකය තුළ වැවිලි කර්මාන්තයේ මූලික භූමිකාව මගින් ගොඩනගන ලද ශක්තිමත් පදනමක් සහ ඉදිරි සංවර්ධන මාර්ගය පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කරන ලදී.

මෙම සැසියට ජනාධිපති ජ්‍යේෂ්ඨ ආර් ථික උපදේශක දුමින්ද හුලංගමුල්ල මහතා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී විය. ඔහු අවධාරණය කළේ වැවිලි කර් මාන්තය ශ්‍රී ලංකාවට වාණිජ අදායම, රැකියා අවස්ථා සහ ග්‍රාමීය ආර්ථික ජීවිත සඳහා අත්‍යවශ්‍ය මූලික අංශයක් බවයි. ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් මෙම ක්ෂේත්‍රය හරහා සෘජුව හෝ අසෘජුව රැකියාව හා ආදායම ලබා දෙන අතර, එම ක්ෂේත්‍රයෙන් වාර් ෂිකව ඩොලර් බිලියන 1කට ආසන්න ආදායමක් ලැබෙන බවද ඔහු අවධාරණය කළේය.

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් පොහොලියද්දෙ මහතා, සංගමයේ ඉතිහාසය පැවැත්ම හා ඉදිරි සංවර්ධන ගමන පිළිබඳව විස්තර කළේය. 1854 සිට ආරම්භ වූ සංගමය අද වනවිට කලාපයීය වැවිලි සමාගම් 24ක් , පෞද්ගලික වගාකරුවන් සහ කළමනාකරණ සාමාජිකයින් ඇතුළත් ව 147ක් පමණ වන සාමාජික පදනමක් සමඟ ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයේ ප්‍රමුඛතම යාන්ත්‍රණය බව සඳහන් කරන ලදි.

ඔහු පැහැදිලි කළේ 1976 දී ජනසතුකරණය සිදු වූ වැවිලි ව්‍යාපාරය 1992 සිට පුද්ගලීකරණයට ලක් වූ පසු, ආයෝජන හා නවීනීකරණ ක්‍රියාවලිය විශාල වශයෙන් ඉදිරියට ගෙන ආ බවයි. 1995 දී රුපියල් බිලියන 8ක් වූ RPC සමාගම්වල ප්‍රාථමික මූල්‍ය පදනම අද වන විට රු. බිලියන 113ක් දක්වා වර් ධනය වී ඇති අතර, රු. බිලියන 136ක ආයෝජන නව තේ සහ රබර් වගා, කර්මාන්තශාලා සංවර්ධනය සහ යාන්ත්‍රිකරණය සඳහා යොදා ඇත.

සභපතිවරයා විවිධීකරණය පිළිබඳවද අවධානය යොමු කරමින්, විශේෂයෙන් ඔයිල් පාම් වගාව පිළිබඳව පසුගිය තීරණවල බලපෑම විස්තර කළේය. 1995 සිට 2025 දක්වා RPC සමාගම් විසින් ඔයිල් පාම් වගා භූමි 10,580 හෙක්ටයාරයකට විස්තාර කළද, 2021 දී පැනවූ තහනම හේතුවෙන් රු. මිලියන 500ක වටිනා පැල ක්ෂේත්‍රයෙහි තබා ගෙන සිටීමට සිදු වීමෙන් අතිරේක වියදමක් හා වාර් ෂිකව රු. බිලියන 5.5ක අලාභයක් සිදුවී ඇති බව ඔහු අවධාරණය කළා.

තවත් ආදායම් මාර්ගයක් ලෙස ව්‍යාපාරික දැව වගාවන් සම්බන්ධයෙන්ද දක්වා ඇති සීමා රු. බිලියන 54ක වටිනාකමක් බිම් ප්‍රතිලාභ අහිමි වී ඇති බව සඳහන් විය.

කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින්, තේ නිෂ්පාදන ධාරිතාව ගුණාත්මක ලෙස පිරිසිදු කිරීම, රබර් සහ ඔයිල් පාම් සැකසුම් වැඩිදියුණු කිරීම, ජාත්‍යන්තර සහතික ලබා ගැනීම සහ තාක්ෂණික පද්ධති ඵලදායී ලෙස යොදා ගැනීම ආදී ක්‍රියාවලිය ඔහු විස්තර කලේය.

ඒ අතර ඩ්‍රෝන් භාවිතා කිරීම, යාන්ත්‍රික දළු නෙලීම, conveyor පද්ධති, ERP පද්ධති, සෝලාර් හා මිනි හයිඩ්‍රෝ විදුලි ආයෝජන ඇතුළත් වේ.

තවත් වැදගත් කරුණක් ලෙස, සභාපතිවරයා කාර් ය මණ්ඩල වැටුප් ආකෘතිය දින වැටුප් පදනමකින් ඵලදායිතාවයට පදනම් වූ පිරිවැටුප් ආකෘතියකට මාරු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. මෙහිදී සේවක සංඛ්‍යාව පහළ යන අතර, වගා නාගරික ජනගහණය ඉහළ යන බවද සඳහන් කළා.

ආර් ථික උපදේශක හුලංගමුල්ල මහතාද ඒ පිළිබඳව එකඟත්වය පළ කරමින්, පසුගිය වසරවල තේ නිෂ්පාදනය ස්ථාවරව සිටියද, රබර් නිෂ්පාදනය හා කම්කරුවන්ගේ ගණන තුනෙන් දෙකට පමණ අඩු වී ඇති බවත් පැහැදිලි කළා. මෙවැනි අභියෝග වලට මුහුණ දීමට යාන්ත්‍රිකරණය හා නව තාක්ෂණික විසඳුම් අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

එසේම, රජයේ පවත්නා ආර් ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන් රජයේ සමාගම් පනත, PPP පනත, විදේශ ආයෝජන වැඩසටහන්, ගුවන් තොටුපළ හා අධිවේගී මාර්ග සංවර්ධනය වැනි ව්‍යාපෘති වගා කර්මාන්තයට නව ව්‍යාපාරික අවස්ථා තනන බවද ඔහු පැහැදිලි කලේය.

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 171 වන...
මගී සුවපහසුව වෙනුවෙන් කවදත් මුල්තැන...
Huawei Unveils Three-step “ACT” Pathway...
Reclaim Your Home’s Aesthetics: Samsung...
Ceylon Specialty Estate Tea Awards...
Sumathi IT Introduces Sri Lanka’s...
Cinnamon Life ශ්‍රී ලංකාවේ වෙරළ...
ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ අධ්‍යාපනය, ගවේෂණය...
Sumathi IT Introduces Sri Lanka’s...
Cinnamon Life ශ්‍රී ලංකාවේ වෙරළ...
ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ අධ්‍යාපනය, ගවේෂණය...
HNB மற்றும் TVS Lanka இணைந்து...