BYD Automobile සමාගමේ ප්‍රකාශය – 27-10-2025

Share

Share

Share

Share

ඉහළම ආරක්ෂාව සහ නිෂ්පාදන ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා නිරන්තරව කැපවන BYD විසින් BYD Tang සහ Yuan Pro මාදිලිවලට අයත් වාහන 115,000 ක් පමණ නැවත කැඳවීමට තීරණය කර ඇත. වගකිවයුතු වාහන නිෂ්පාදකයෙකු ලෙස පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමටත් සමාගමේ වාහනවල විශ්වසනීයත්වය සහතික කිරීමටත් අවශ්‍ය ඕනෑම විටෙක පියවර ගන්නා බව BYD සඳහන් කර සිටී.

ඒ අනුව 2015 මාර්තු 28 දින සිට 2017 ජූලි 28 දක්වා කාලය තුළ නිෂ්පාදනය කරන ලද BYD Tang සහ 2021 පෙබරවාරි 6 වන දින සිට 2022 අගෝස්තු 5 දක්වා කාලය තුළ නිෂ්පාදනය කරන ලද ඇතැම් Yuan Pro විදුලි වාහන පමණක් මෙලෙස නැවත කැඳවීමට තීරණය කර තිබෙන බව අපි දැනුවත් කිරීමට කැමැත්තෙමු. BYD Tang සහ Yuan Pro මාදිලි ශ්‍රී ලංකාවේ අලෙවි කර හෝ හඳුන්වා දී නොමැත. එබැවින්, ශ්‍රී ලංකාවේ දැනට ඇති BYD වාහන කිසිවක් මෙම නැවත කැඳවීමෙන් බලපෑමට ලක් නොවන බව අප සහතික වෙමු.

BYD සහ JKCG Auto විසින් BYD වාහන ආනයනය සහ බෙදා හැරීම සිදු කරනු ලබන්නේ එහි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto හරහා පමණක් වන අතර අප විසින් සේවා සපයනු ලබන BYD වාහන සඳහා පමණක් අප වගකියනු ලබන බව මෙහිදී සඳහන් කිරීමට කැමැත්තෙමු. මෙම වාහන සම්පූර්ණ නිෂ්පාදක වගකීම් සහිතව නිෂ්පාදනය කර ඇති අතර උසස් තත්ත්වයේ සේවාවක් සහ ආරක්ෂාවක් සහතික කිරීම සඳහා නව බලශක්ති වාහන (NEV) පිළිබඳ විශේෂයෙන් පුහුණුව ලත් කාර්මික ශිල්පීන් සමඟින් BYD අනුමත සේවා මධ්‍යස්ථානවල සේවා සැපයීම හා නඩත්තු සේවා සිදු කරනු ලබයි.

ලොව පුරා සිටින සියලුම BYD පාරිභෝගිකයින් සමඟ කටයුතු කිරීමේදී සමාගම විවෘතව සන්නිවේදනය කිරීමට, වගකීමෙන් යුතුව කටයුතු කිරීමට සහ පාරිභෝගික ආරක්ෂාව සඳහා කැපවී සිටී. සමාගමේ අරමුණ වන්නේ උසස්, විශ්වාසදායක සහ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් සැපයීමයි.
වැඩිදුර විස්තර සඳහා 0112125125 හෝ [email protected] වෙත email පණිවිඩයක් යොමු කරන්න.

AHRP’s Elevate U continues to...
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව...
Cyril Rodrigo’s by Green Cabin...
HNB Finance PLC crosses Rs....
Soho Hospitality இன் தெற்காசிய விரிவாக்கத்தின்...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Galaxy Unpacked 2026: The Next...