තාක්ෂණයෙන් පිරිපුන් ප්‍රතිරක්ෂණ සේවාවන් සමඟින් Policybazaar ශ්‍රී ලංකාව, කටාර්, ඕමාන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙහෙයුම් අරඹයි

Share

Share

Share

Share

ඉන්දියාවේ විශාලතම රක්ෂණ වේදිකාවක් වන Policybazaar.com ශ්‍රී ලංකාව, කටාර්, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සිය ප්‍රතිරක්ෂණ සේවාවන් දියත් කරන බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ සමඟින් ආසියාව හා මැදපෙරදිග කලාපයේ තාක්ෂණය ප්‍රමුඛ කරගත් ප්‍රතිරක්ෂණ ආකෘතියක් හඳුන්වා දුන් ඉන්දියාවේ පළමු අතරමැදි ආයතනයන්ගෙන් එකක් බවට පත් වනු ඇත.

ඩිජිටල්කරණය මූලික කර ගනිමින් ක්‍රියාත්මක Policybazaar හි ප්‍රතිරක්ෂණ සේවා දශකයකට වැඩි සේවා අත්දැකීම්, දත්ත විශ්ලේෂණය, හා ක්‍රියාකාරී අවබෝධය තුළින් වේගවත්, විනිවිද පෙනෙන හා දත්ත පදනම් කරගත් සේවාවක් ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. අද වන විට දේපොල, සාගර වගකීම්, අන්තර්ජාල සහ දේශගුණය හා සම්බන්ධ අවදානම් වෙනුවෙන් රක්ෂණකරුවන්ට සහයෝගය ලබා දෙන Policybazaar අඩු අවධානයක් යොමු කර ඇති ක්ෂේත්‍ර වෙත වේගවත් හා ඉහළ සේවාවක් ලබා දීමට කැපවී සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Policybazaar හි ආයතනික රක්ෂණ හා ප්‍රතිරක්ෂණ සම නිර්මාතෘ හා ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර නිලධාරී Tarun Mathur මහතා ‘’ප්‍රතිරක්ෂණ ක්ෂේත්‍රය කාලයක් තිස්සේ මෙහෙයවනු ලබන්නේ ඊට අනන්‍ය ජාලයන් මගිනි. නමුත් අද වන විට රක්ෂණකරුවන් දේශගුණික අස්ථාවරත්වය, පද්ධතිමය සයිබර් තර්ජන සහ ආර්ථික අවිනිශ්චිතතාව වැනි විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් සිටිනවා. මෙම අභියෝගයන් ජය ගැනීම සඳහා පැහැදිලි, වේගවත් සහ දත්ත මත පදනම් වූ තීරණ ගන්නා හවුල්කරුවන් අවශ්‍ය වනවා.’’ යනුවෙන් පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ ‘’Policybazaar ලෙස අපි ඉහත දැක්වූ අවශ්‍යතාව සපුරාලීම සඳහා වන ප්‍රතිරක්ෂණ වේදිකාවක් නිර්මාණය කිරීමට කටයුතු කළා. විනිවිදභාවයෙන් ඉහළ, පහසු සේවාවක් වන එය රක්ෂණකරුවන්ට වේගවත්, අවබෝධයෙන් යුතු තීරණ ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. එම සේවාවන් නවෝත්පාදනය හා කාර්යක්ෂමතාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ශ්‍රී ලංකාව, කටාර්, ඕමාන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගෙන යාමට අපි කටයුතු කළා. මෙය එම කලාපයන් තුළ තාක්ෂණික බලයෙන් ක්‍රියාත්මක ප්‍රතිරක්ෂණ ජාලයක සුවිශේෂී ආරම්භයයි.’’ යනුවෙනි.

කලාපීය අවස්ථා ඉහළ නැංවීම
ශ්‍රී ලංකාව – 2023 වසරේදී රුපියල් බිලියන 280.1ක දළ ලිඛිත වාරිකයක් වාර්තා කර ඇති කර්මාන්තය 2019 වසරට වඩා 40%ක වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සයිබර් රක්ෂණය වැනි විශේෂ සේවාවන් යොදා ගැනීමට කටයුතු කර ඇති ඔවුන් නවීන ප්‍රතිරක්ෂණ සේවාවන් සඳහා විශේෂ සුදුසුකමක් දක්වයි.

ඕමානය – 2024 වසරේදී රක්ෂණ සමාගම් ඕමාන් රියාල් මිලියන 609ක ආදායමක් වාර්තා කළ අතර එය 8%ක වාර්ෂික වර්ධනයක් විය. එහි දළ ලිඛිත වාරික වර්ධනය 21%කි. අනිවාර්ය සෞඛ්‍ය රක්ෂණ යෝජනා වන Dhamani ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙම තත්වය තවදුරටත් වර්ධනය වනු ඇත.

කටාර් – බලශක්ති වෙළෙඳපොලෙන් ඔබ්බට යමින් සෞඛ්‍ය සහ විශේෂ අවදානම් පිළිබඳව උනන්දුවක් දක්වන කටාර් රාජ්‍යය 2025 වසරේ පළමු අර්ධයේදී 17%ක දළ ලිඛිත වාරික වර්ධනයක් වාර්තා කොට ඇත්තේ කටාරි රියාල් බිලියන 5.7ක වර්ධනයක් සමඟිනි. එහි මහ බැංකු නියාමන ප්‍රතිසංස්කරණ මඟින් ඩිජිටල් කාර්යක්ෂමතාව කේන්ද්‍ර කොටගත් ප්‍රතිරක්ෂණ සේවාවන් දිරිමත් කරනු ලබයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය – මැදපෙරදිග වඩාත් වැදගත් කේන්ද්‍රස්ථානයක් වන එ. අ. එමීර් රාජ්‍යය 2024 වසරේදී එක්සත් අරාබි එමීර් ඩිරාම් බිලියන 64.8 ක දළ ලිඛිත වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. එය 21%ක වාර්ෂික වර්ධනයක් විය. එහිදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක ප්‍රතිරක්ෂණ විශිෂ්ටත්වයක් වාර්තා කළ අතර එය ඩිජිටල් අවදානම් අවස්ථා පිළිබඳව වන අවධානයද ඉහළ නැංවීමට සමත් විය.

Policybazaar හි මෙම නවතම උපායමාර්ගික ව්‍යාප්තියත් සමඟින් ඉන්දියාවේ රක්ෂණ තාක්ෂණ විශේෂඥතාව ගෝලීය ප්‍රතිරක්ෂණ සේවාවන් සමඟ සම්බන්ධ කිරීමේ අරමුණු ඉහළ නංවා ගැනීමට කටයුතු කර ඇත. එසේම ආසියානු හා මැදපෙරදිග කලාපයන්හි රක්ෂණකරුවන් වෙත සුපහැදිලිබව, විනිවිදභාවය සහ වේගවත් බව සමඟ සංකීර්ණ අවදානම් මඟ හරවා ගැනීමේ හැකියාවද උදා කර දී ඇත.

පාම් තෙල් විරෝධය, විශ්වාස සහ...
2026 ආධුනික වයස් කාණ්ඩ පිහිනුම්...
இலங்கையின் எதிர்காலத்தை நோக்கி களம் அமைக்கும்...
இலங்கை மருந்தாக்கல் கைத்தொழில் சம்மேளனம் Rebuilding...
කොකා-කෝලා පදනම සහ සේවාලංකා පදනම...
Advice Lab Unveils New 13,000+...
du Signs Three-Year Agreement with...
2025 වසරේ දෙසැම්බර් මාසයේ දී...
Advice Lab Unveils New 13,000+...
du Signs Three-Year Agreement with...
2025 වසරේ දෙසැම්බර් මාසයේ දී...
2025 டிசம்பரில் இலங்கையின் ஆடை ஏற்றுமதி...