2025 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී MAS හට ජයග්‍රහණ රැසක්

Share

Share

Share

Share

ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings මෑතකදී නිමාවට පත් වූ 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඇඟලුම් සහ රෙදිපිළි ක්ෂේත්‍රය වෙනුවෙන් සම්මාන රැසක් දිනා ගනිමින් ගෞරවයට පාත්‍ර විය.

පරිසර අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් සංවිධානය කරන ලද 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙරට පාරිසරික යහපැවැත්ම වෙනුවෙන් කැපවන රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් සහභාගී වූ මෙම සම්මාන උළෙලේදී, විවිධ අංශ නියෝජනය කරමින් පරිසර සංරක්ෂණය, තිරසාරත්වය සහ පරිසර-හිතකාමී නවෝත්පාදනය වෙනුවෙන් ඔවුන් දක්වන විශිෂ්ට දායකත්වය ඇගයුමට ලක් කෙරිණි.

මෙවර සම්මාන උළෙලේ වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමි කරගත් සමාගම් අතර MAS Holdings ද විශේෂයෙන් කැපී පෙනුණු අතර ඔවුන්ගේ තිරසාර පාරිසරික උත්සාහයන් උදෙසා ව්‍යාපාරික අංශ කිහිපයක් මෙහිදී ඇගයීමට ලක් විය.

මෙහිදී MAS Active Linea Intimo, ඇඟලුම් හා රෙදිපිළි සැකසුම් කර්මාන්ත කාණ්ඩය (A සහ B වර්ගය) සඳහා රන් සම්මානය හිමි කරගත් අතර MAS Kreeda Vaanavil, රිදී සම්මානයත් Silueta, ලෝකඩ සම්මානයත් දිනා ගත්තේය. මේ අතර ඇඟලුම් කර්මාන්ත කාණ්ඩය (A සහ B වර්ගය) සඳහා MAS Kreeda Shadeline හා MAS Intimates Thurulie, රිදී සම්මානත් MAS Active Contourline ලෝකඩ සම්මානයත් MAS Kreeda Balangoda කුසලතා සම්මානයත් හිමි කර ගත්තේය.

මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ආරක්ෂණ බලපත්‍ර (EPL) ක්‍රමවේදය යටතේ මෙම ඇගයීම් ක්‍රියාවලිය සිදු කරන ලද අතර එමඟින් පරිසරයට කොපමණ යහපත් බලපෑමක් කළ හැකිද යන්න මත පදනම්ව කර්මාන්ත කාණ්ඩගත කෙරේ. A සහ B කාණ්ඩයේ කර්මාන්ත ඉහළ පාරිසරික බලපෑමක් ඇති කරන බව සලකනු ලබන අතර දැඩි නීති රීති අනුගමනය කළ යුතුය. මෙම EPL ක්‍රමවේදය මඟින් මහා පරිමාණ කර්මාන්ත ජාතික පාරිසරික මාර්ගෝපදේශ තුළ වගකීමෙන් ක්‍රියාත්මක වන බව සහතික කරයි.

මෙම සම්මාන MAS හි Plan for Change හරහා කරන ලද කැපවීම් තවදුරටත් ශක්තිමත් කරයි. මෙයට කාබන් විමෝචනය අවම කිරීම, සම්පත් වඩාත් කාර්යක්ෂමව භාවිතා කිරීම සහ චක්‍රීය නිෂ්පාදනය කරා ගමන් කිරීම ආදී ඉලක්ක ඇතුළත් වේ. MAS මෑතකදී Plan for Change 2030 හඳුන්වා දුන් අතර එය නිෂ්පාදනය, ජීවිත සහ පරිසරය කෙරෙහි අවධානය යොමු කරමින් ඉදිරි වසර පහ තුළ මෙම ඉලක්ක යාවත්කාලීන කරයි.

ජනාධිපති පාරිසරික සම්මාන උළෙල සෑම වසරකම පවත්වනු ලබන අතර එය පාරිසරික කාර්ය සාධනය සඳහා ශ්‍රී ලංකාවේ ඉහළම පිළිගැනීමක් ඇති සම්මාන උළෙලක් ලෙස සැලකේ. මෙවර සම්මාන උළෙලේදී MAS සම්මානයට පාත්‍ර වීම තිරසාරභාවය සමාගමේ වැදගත් කොටසක් බවට පත් කිරීමේ අඛණ්ඩ උත්සාහයේ තවත් පියවරක් ලෙස පෙන්වා දිය හැකිය. තවද වගකීමෙන් වර්ධනය වීමට සහ රටේ සංවර්ධනයට සහාය වීමට සමූහයේ කැපවීම ද එයින් පෙන්නුම් කෙරේ.

පාම් තෙල් විරෝධය, විශ්වාස සහ...
2026 ආධුනික වයස් කාණ්ඩ පිහිනුම්...
இலங்கையின் எதிர்காலத்தை நோக்கி களம் அமைக்கும்...
இலங்கை மருந்தாக்கல் கைத்தொழில் சம்மேளனம் Rebuilding...
කොකා-කෝලා පදනම සහ සේවාලංකා පදනම...
Advice Lab Unveils New 13,000+...
du Signs Three-Year Agreement with...
2025 වසරේ දෙසැම්බර් මාසයේ දී...
Advice Lab Unveils New 13,000+...
du Signs Three-Year Agreement with...
2025 වසරේ දෙසැම්බර් මාසයේ දී...
2025 டிசம்பரில் இலங்கையின் ஆடை ஏற்றுமதி...