සමානාත්මතාවය අගයමින් ආබාධිත පුද්ගලයින්ගේ කුසලතා හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සැමරුම නොවැම්බර් 21 වනදා

Share

Share

Share

Share

සමාජය තුළ සමානාත්මතාවට ගරු කරමින් විවිධ ආබාධවලින් යුත් පුද්ගලයින් සඳහා වන කුසලතා හා ක්‍රියාකාරකම් පිළිබඳ ජාතික සැමරුම් උත්සවය එළඹෙන 21 වන දා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය. GIZ 2023 -2026 ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය (VTSL) සමඟ එක්ව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මෙම සුවිශේෂී උත්සවය සංවිධානය කොට ඇත. මෙය ආබාධිත පුද්ගල කුසලතා මෙන්ම රැකියා හා ආර්ථික දායකත්වය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ඉතා වැදගත් අවස්ථාවක් බවට පත් වනු ඇත.

සංවර්ධනය හා සහයෝගීතාව සඳහා වූ ස්විස්ටර්ලන්ත නියෝජිතය ආයතනය (SDC) සහාය යටතේ BMZ වෙනුවෙන් Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH විසින් මෙම උත්සවය ක්‍රියාවට නංවනු ලබයි. එහිදී ප්‍රතිපත්ති සම්පාදකයින්, පුහුණු ආයතන, සේවා යෝජකයින් සහ සිවිල් සමාජ හවුල්කරුවන්ගේ සහභාගීත්වයෙන් ආබාධ සහිත පුද්ගලයින් සඳහා වෘත්තීය පුහුණුව ලබා දීමේ වැඩි අවස්ථාවක් නිර්මාණය කරමින් ඔවුන් මෙරට ආර්ථික සංවර්ධනය සඳහා ශක්තිමත් ලෙස දායක කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

ඒ සඳහා විවිධ හැකියාවන්ගෙන් පිරිපුන් ආබාධිත පුද්ගලයින්, සේවා යෝජකයින් සමඟ සම්බන්ධ කිරීම උදෙසා රැකියා ගැලපුම් මණ්ඩලයක් ඇතුළත් වන අතර ආබාධ සහිත පුද්ගලයින් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යවසාය ප්‍රදර්ශන සජීවී ආර්ථික කලාපයක්ද මෙහිදී දැකගත හැකි වනු ඇත. තවද හවුල්කාර ආයතනවල දරුවන් සහ වැඩිහිටියන්ගේ කලා හැකියාවන් හා කලා නිර්මාණයන් සහිත නිර්මාණාත්මක කලාපයක්ද එහිදී දැකගත හැති වනු ඇත.

ආබාධ සහිත පුද්ගලයින්ට අධ්‍යාපනය, වෘත්තීය අවස්ථා සහ රැකියා සඳහා සම්බන්ධ වීම තවමත් දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇත. සියලු දෙනාට සමානව සැලකීම තුලින් ඔවුනොවුන්ගේ හැකියාවන් හඳුනා ගැනීම, සීමාවන් ඉවත් කිරීම සහ සෑම පුද්ගලයකුටම ඉගෙනීමට, රැකියාවක් කිරීමට සහ ආර්ථිකය වෙනුවෙන් අර්ථවත් ලෙස දායක වීමට අවස්ථාව උදා කරදෙන ජාතික වැඩසටහනක් ලෙස මෙය සඳහන් කළ හැකිය.

සාධාරණ හා සමානාත්මතාවයෙන් යුත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් වන කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන සඳහා එක් වන ලෙස රාජ්‍ය, පුද්ගලික හා සිවිල් සමාජ සංවිධානයන් වෙත ආරාධනා කර සිටියි.

South Africa Builds New National...
දකුණු ආසියාවේ ප්‍රථම රෙගේ සංගීත...
தெற்காசியாவின் முதல் ரெகே இசை நிகழ்ச்சியான...
Sunshine Holdings marks World Diabetes...
‘Unmask Diabetes 2025’ மூலம் உலக...
அன்பும், அர்த்தமும் நிறைந்த பண்டிகைக் கால...
Sophos மற்றும் Sinetcom இடையேயான கூட்டாண்மையுடன்...
සැම්සුන් ශ්‍රී ලංකා සමාගම, දිට්වා...
அன்பும், அர்த்தமும் நிறைந்த பண்டிகைக் கால...
Sophos மற்றும் Sinetcom இடையேயான கூட்டாண்மையுடன்...
සැම්සුන් ශ්‍රී ලංකා සමාගම, දිට්වා...
සැබෑ නිර්මාණයක් හා AI නිර්මාණයක්...