තායිලන්තයේ පැවති ප්‍රෝ ලීග් ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම රන් පදක්කම් 16 ක් ඇතුළු පදක්කම් 21ක් දිනා ගනී

Share

Share

Share

Share

තායිලන්තයේ පතායා හි පැවති 2025 ප්‍රෝ ලීග් ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී රන් පදක්කම් 16 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා ගනිමින් සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණියේය. මෙම තරගවාලිය නොවැම්බර් 27 වනදා සිට 30 වනදා දක්වා පැවති අතර මෙය ඔවුන් ප්‍රෝ ලීග් ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස පෙන්වා දිය හැකිය.

මෙම ශූරතාවලියට රටවල් 20කට වැඩි ගණනකින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ අතර එයට කනිෂ්ඨ, විවෘත සහ මාස්ටර් යන කාණ්ඩ ඇතුළත් විය. මෙම වසරේදී, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රෝ ලීග් ලෝක ශූරතාවලිය සඳහා විශාල කණ්ඩායමක් ඉදිරිපත් කර තිබූ අතර මෙමගින් ශ්‍රී ලංකාව තුළ සවි එසවීමේ ක්‍රීඩාව වැදගත් පියවරක් බවත් විවිධ වයස් කාණ්ඩ හරහා නැගී එන දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහොමයක් දැන් රටේ ඉදිරියට පැමිණෙමින් සිටින බවත් පෙන්නුම් කරයි.

මෙම තරගාවලියේදී කිලෝග්‍රෑම් 48 විවෘත බර පන්තියේ තරග කළ හිරුණි ජයසිංහ විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තාය. තවද එම අංශයේ ඇය ප්‍රකට කළ දක්ෂතාව හේතුවෙන් ඇයට හොඳම සවි එසවීමේ ක්‍රීඩිකාවට හිමි සම්මානය ද හිමි විය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ලබා ගත් තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වූයේ 13 හැවිරිදි අකිඳු ප්‍රනාන්දු ඔහු තරග කළ සවි එසවීමේ ඉසව්වෙන් රන් පදක්කමක් සහ කිලෝග්‍රෑම් 48 බර පන්තිය – යොවුන් කාණ්ඩය යටතේ බන්ච් ප්‍රෙස් ඉසව්වෙන් තවත් රන් පදක්කමක් දිනා ගැනීමයි. ඔහුගේ මෙම ජයග්‍රහණ ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතු විශිෂ්ට දක්ෂතා මෙන්ම අනාගතයේදී සවි එසවීමේ ක්‍රීඩාවලදී කැපී පෙනෙන ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාව ද පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමට රංගනා විජේසූරිය, අයේෂි විතාරාම, නදීෂාන් සෝමරත්න, රොෂේන් මොරායස්, හිරුණි ජයසිංහ, හිරාන් ප්‍රනාන්දු, අකිඳු ප්‍රනාන්දු, ආදි දේශ්මුක්, දුලින සෙනෙවිරත්න, දිමල් බණ්ඩාර, පරමේශ්වරන් විජයලන්, රචිත බුද්ධික, ලක්ෂිත තලගහගෙදර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ප්‍රධාන පුහුණුකරු මොතිලාල් ජයතිලක ඇතුළත් විය.

சிறு மற்றும் நடுத்தர அளவிலான ஆடைத்...
Carnage அறக்கட்டளையின் ஆதரவோடு சர்வதேச விளையாட்டரங்கில்...
First Capital Treasuries, மூலதனச் சந்தை...
A Little Love for Every...
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
ITC Ratnadipa Presents Weddings Above...