අයහපත් කාලගුණය හමුවේ විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා ඇඟලුම් ක්ෂේත්‍රය සිය දායකත්වය ලබා දෙයි

Share

Share

Share

Share

පසුගියදා මුලු දිවයිනටම බලපෑ අයහපත් කාලතුණික තත්වය හමුවේ විපතට පත් වූ ජනතාව සඳහා කඩිනම් සහන සලසමින් ඔවුන් යථා තත්වයට පත් කිරීම සඳහා මෙරට ඇඟළුම් ක්ෂේත්‍රය මනා සම්බන්ධීකරණයක් තුළින් සිය දායකත්වය දැක්වූ බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිවේදනය කර සිටී. ජලගැලීම් සහ නාය යෑම් ඇතුළුව සියලු ප්‍රවේශ මාර්ග බිඳවැටුණු බව වාර්තා වූ දිස්ත්‍රික්කයන්හි සේවය කල තම සංගමයට අයත් සමාජික සමාගම් හි සේවය කල සේවකයින්ගේ ජීවිත සුරක්ෂිත බව සහ යථා පැවැත්ම සහතික කිරීම මෙම අවස්ථාවේදී තම ක්ෂේත්‍රයේ ඉහළම ප්‍රමුඛතාව බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය අවධාරණය කරයි.

තම සාමාජික ආයතනයන්හි විපතට පත් වූ සේවක සේවිකාවන් හඳුනාගැනීම සඳහා ඒකාබද්ධ ඇඟලුම් සංසදය ඔවුන් සමග වඩාත් සමීපව කටයුතු කරන අතර ඔවුන්ට සිදුව ඇති හානිය හඳුනා ගනිමින් වඩාත් ඉක්මනින් ඔවුන්ගේඅවශ්‍යතාවන් සපුරා ලීමට කටයුතු කරමින් සිටී. දිවයිනේ පිහිටි ඇඟලුම් කම්හල් වැඩි ප්‍රමාණයක් සමාන්‍ය පරිදි සිය දෛනික මෙහෙයුම් කටයුතු මේ වන විට පවත්වාගෙන යන අතර ස්ථාන කිහිපයක පිහිටි කර්මාන්තශාලා කිහිපයක් සඳහා ප්‍රවේශය වීමට සහ අනෙකුත් යටිතල පහසුකම් සම්පාදනයෙහි ගැටලු පැන නැගී ඇත. දිවයින පුරාම විසින් සිටින සිය සාමාජිකත්වයට අයත් සමාගම් විසින් අවතැන් වූ සිය සේවකයින් ඇතුලුව විපතට පත් වූ ප්‍රජාව සඳහා හදිසි උපකාර, නිදසුනක් ලෙස ආහාර, ඇඳුම්, තාවකාලික නිවාස, ප්‍රවාහන පහසුකම්, සහ අනෙකුත් අත්‍යවශ්‍ය සැපයුම් ලබා දෙන ලදි.

සහන කටයුතු සුමට කරලීම සඳහා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය විසින් සිය සාමාජික සමාගම් වලින් සැදුම්ලත් සම්බන්ධීකරණ මධ්‍යස්තානයන් පිහිටුවල ලද අතර මෙම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන හරහා විපතට පත් වූ ජනතාව සහ දිස්ත්‍රික් මට්ටමින් සිදුවූ ආපදා තත්වය පිලිබඳව නිරතුරුව යාවත්කාලීන විය. මෙම යාන්ත්‍රණය තුලින් සහනාධාර අවැසි ස්ථානයන් සහ පුද්ගලයින්ට වඩාත් ඉක්මනින් සහනාධාර යෑවීමට සහ කිසිදු සාමාජිකයකු අතනොහැරීමට වගබලා ගැනේ.

මේ වන විට ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය විසින් රජය සමග සක්‍රීය සන්නිවේදනයක් පවත්වාගෙන යමින් මෙම සිදුවීමෙන් විපතට පත් වූ ඒහෙත් ලඟා වීමට අපහසු ස්තානයන්හි සේවය කල සේවකයින්ගේ යාවත්කාලීන වූ තොරතුරු සහන සැලසීමේ ජාතික වැඩසටහනට ලබා දීමට කටයුතු කර ඇත.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය වැඩිදුරටත් සඳහන් කලේ “ අපේ ක්ෂේත්‍රයේ ඔරොත්තුදීමේ හැකියාව පැමිණෙන්නේ අපේ ජනතාවගෙන්. මෙම අපදා තත්වයෙන් විපතට පත් වූ සියලු සාමාජිකයින් වෙනුවෙන් අපි ක්සේත්‍රයක් ලෙස පෙනී සිටින අතර ඔවුන්ට මෙම අපාදා තත්වයෙන් ගොඩ ඒ්ම සඳහා කෙටිකාලීන සහ දිගුකාලීනව ලබා දිය හැකි සියලු සහන ලබා දීමට රජය සමග කටයුතු කරමින් සිටිනවා” යනුවෙන් පැවසීය.

IASL launches revamped website to...
YOLO by Prime Lands நிர்மாணமானது...
Power World සහ Kings Hospital...
Atlas Makes Learning the Perfect...
මහනුවර සහ කුරුණෑගල නව ශාඛා...
සැම්සුන් හි Hospitality TV නිෂ්පාදන...
Texo සහ Noyon පහසුකම් එක්කර...
HNB 16 වැනි වරටත් ශ්‍රී...
සැම්සුන් හි Hospitality TV නිෂ්පාදන...
Texo සහ Noyon පහසුකම් එක්කර...
HNB 16 වැනි වරටත් ශ්‍රී...
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන්...