1870 ආරම්භ වූ ලබුකැලේ වතුයාය ශ්‍රී ලංකාවේ තේ වතුයායන් අතර සුවිශේෂ වන්නේ සම්ප්‍රදාය, අනාගත දැක්මක් සහිත නවෝතපාදනය මෙන්ම ඔවුන්ටම අනන්‍යවූ ප්‍රජා සත්කාරක සේවා නිසාය. දම්රෝ සමූහ ව්‍යාාරයේ නායකත්වය තුල ක්‍රියාත්මක වන ලබුකැලේ වතුයාය මෙරට ආර් ථිකයට හා සමාජයට ඉමහත් දායකත්වයක් දක්වනු ලබන්නේය.
යටත් විජිත සමයේ සිට නූතනත්වය දක්වා
1870 දී යටත්විජිත පාලන සමයේදී ලබුකැලේ වතුයාය පලමු වරට පිහිටුවනු ලබන්නේ රම්බොඩ ප්‍රදේශයේය. මෙහි මුල් අයිතිකරු සිලෝන් කම්පනි ලිමිටඩ් වූ අතර පසුව ඊස්ටන් ප්‍රඩියුසර් ඇන්ඩ් ඒස්ටේට ලිමිටඩ් වූ අතර මෙහි ඇති සුවිශේෂී පිහිටිම නිසාම ලබුකැලේ තේ වල ගුණාත්මක බව සඳහා සුවිශේෂී තත්වයක් හිමිවිය. 19 ශතවර්ෂයේ අග භාගය වන විට මෙම වතුයායෙන් ලැබෙන හරිත තේ දළු සඳහා ඉහල වටිනාකමක් හිමි වූ අතර ඊට හේතු වූයේ ඊට අනන්‍ය වූ රසය, අලෝක තත්වය, මෙන්ම මීටර් 1500කට අධික උසකින් වැවෙන තේ වලට අනන්‍ය වූ සජීවී ශාක ලක්ෂණයන් ද මෙහි වැවෙන තේ සඳහා හිමි වීම නිසාය.
මධ්‍ය කඳුකරය තේ වැවීම සඳහා සුදුසුබවට පරීක්සා කිරීම සඳහා ආරම්භ කල වතුයායන් අතර ඒක් වතුයායක් වන ලබු කැලේ වතුයය මෙරට තේ වෙන්දේසිය සහ අපනයනය සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වා ඇත. මෙම වතුයායේ පිහිටි කොන්ඩගල්ල කොටසට අයත් තේ පඳුරු මුල්වරට වගා කරනු ලැබුවේ 1867 සසරේ වන අතර මෙම තේ පැල චීනයේ සිට ගෙන ඒනු ලැබුවේ සොලමන් සහ ගාබ්‍රියල් ඩි වෝම් යන දෙදෙනා විසින් වන අතර මෙම තේ පැල වලින් පැන නැගුනු තේ පඳුරු මෙරට තේ වැවිලි ක්ෂේත්‍රයේ පැරණිතම තේ පඳුරුවන අතරම අද දක්වා මෙම පඳුරුවලින් අස්වැව්ව ලබා ගනු ලැබේ. මෙම කාලවකවානුවට සමාන්තරව ජේම්ස් ටේලර් විසින් ලූල්කඳුර වතුයායෙහි පලමු තේ පැලය සිටවූ අතර විලියම් මැක්වුඩ් සමග කොන්ඩගල්ට පැමිණෙමින් මෙරට තේ කර්මාන්තය සඳහා පදනම දැමීය. ලැබුකැලේට ඒ් නම පටබැඳෙන්නේ තේ වගාවට පෙර මෙහි පැවති ලබු කැලේ නිසාය. පසුකාලීනව මෙම වනාන්තරය හෙලි පෙහෙලි කර තේ පැල සිටවූ අතර මේ ආසන්නයෙන් ගලායන කුඩා ඔය කොත්මලේ ජලාශයට ජලය සපයනු ලබන ප්‍රධාන ජල පෝෂක මූලාශ්‍රයක් වේ. 1970 දී වු ජනසතු කිරීමේදී මෙම වතුයාය ජනතා වතු සංවර්ධන මණ්ඩලයට පැවරූ අතර මින් අනතුරුව දශක දෙදකට ආසන්න කාලයක් මෙම වතුයායේ අයිතිය ජනතා වතු සංවර්ධන මණ්ඩලයට හිමි වු අතර 1992 දී සිදුවූ පුද්ගලීකරණය තුල මෙම වතුයායේ හිමිකාරීත්වය අගලවත්ත වැවිලි සමාගම විසින් අත්පත් කර ගන්නා ලදි.
පසුකාලීනව මෙහි හිමිකාරීත්ව මැක්වුඩ්ස්, ෆ්‍රී ලංකා සහ බ්‍රවුන්ස් ප්ලාන්ටේෂන් විසින් අත්පත් කර ගනිමින් මෙහි උන්නතියට සුවිශේෂී දායකත්වයක් දක්වන ලදි. 2017 වසරේදී මෙහි හිමිකාරීත්වය දම්රෝ සමූහය විසින් අත්පත් කර ගැනීමෙන් අනතුරුව නවෝත්පාදනයට වැඩි අවධානයක් යොමු කරමින් නව්‍යකරණය තුලින් වතුයායේ පාලන කටයුතු සිදු කරමින් සිටී. තාක්ෂණය සහ තිරසාර යහපත් පිලිවෙත්, මෙන්ම ඒදිනෙදා මෙහෙයුම් කටයුතු වලදී සහ ප්‍රජාව සවිබලගැන්වීම අතින් ලබුකැලේ තේ වතුයාය මෙරට තේ වතු ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කර ඇත.
උරුමය ඉදිරියට ගෙන යෑම, ප්‍රජාව සහ තිරසරබව
හෙක්ටයාර 537ක් පුරා පැතිර පවතින මෙම වතුයාය තුල වෙස්ට්වර්ඩ් සහ කොන්ඩගල්ල යන වතුයායන් ද අයත් අතර ලබුකැලේ වතුයායෙහි සමස්ත සේවක ප්‍රජාව 435ක් වේ. මේ අතුරින් 65%ක් කාන්තාවන් වන අතර රම්බොඩ කලාපයේ ජීවත් වන මොවුන්ගේ ප්‍රධානම ජීවනෝපාය ද මෙම වතුයායේ සේවය කිරීම තුලින් ලැබෙයි. ප්‍රජාව සවිබල ගැන්වීම වතුයයේ මෙහෙයුම් කටයුතු වල පදනමයි. මෙහි සේවය කරන සේවක සේවිකාන්ට තම දරුවන් රැතබලා ගැනීම සඳහා ළමා සංවර්ධන මධ්‍යස්ථානයක්, අධ්‍යපානය සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව, සහ සමුපාකාර සංගම් තුලින් මූල්‍ය සේවාවන් සහ අනෙකුත් සහනාධාර හිමිවේ.
සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් මෙහි පිහිටුවා ඇති බෙහෙත් ශාලාව, ජංගම සායන සහ ගිලන් රථ සේවාව මෙන්ම පුහුණුව ලත් වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය මගින් වෛද්‍ය සේවා සඳහා ප්‍රවේශ වීමේ පහසුකම් සලසා ඇත. නිවාස, සනීපාරක්ෂක, ව්‍යාපෘති මගින් ජීවන තත්වය උසස් කරලීමට අවශ්‍ය සහාය ලබා දෙන අතර වාර්ෂික සම්මාන උළෙල හරහා සේවකයින්ගේ කැපවීමට වටිනාකමක් සහ ගෞරවයක් ඒක් කරනු ලබයි.
තිරසාර කෘෂිකර්මාන්තයක් සඳහා ලැබුකැලේ වතුයාය කදිම නිදසුනකි. මේ වෙනුවෙන් ලබුකැලේ වතුයාය ප්‍රමිතිකරණ සහතික සහ තත්ව සහතිකයන් හිමි කරගෙන සිටී. රේන් ෆොරස්ට් ඒලායන්ස්, ISO 22000 ආහාර සුරක්ෂිතතා කළමනාකරණ තත්ව සහතිකය, HACCP සහ ISO 9001-2000 තත්ව සහතික මීට නිදසුන්ය. තිරසාර තෘෂි භාවිතය සඳහා වන සමෝච්ඡ රේථාවන්ට අනුව වගා කිරීම, පස සංරක්ෂණය කිරීම, වැසිජල කළමනාකරණය, සහ ස්වභාවික කෘමි සතුන් පාලනය තුලින් වතුයායේ ස්වභාවික පරිසරය සමතුලිතව පවත්වාගෙන යෑමට මෙහි පාලනඅධිකාරීය කටයුතු කරනු ලබයි. ඩ්‍රෝන් භාවිතය මගින් වල්නාශක සහ දියර පොහොර වගාවට මුහු කිරීම, බලශක්ති කාර්යක්ෂමතා උපකරණ මගින් කාබන් විමෝචනය අවම කර ගැනීම, වැනි ගෝලීය ආචාර ධර්ම සිය ව්‍යාපාරික මෙහෙයුම්කටයුතුවලදී ක්‍රියාත්මක කිරීමට ලබුකැලේ වතුයාය කටයුතු කර ඇත.
නිෂ්පාදනයෙන් ඔබ්බට සලකා බැලීමේදී වතුයාය යනු සංස්කෘතික සන්නාමයකි. යටත් විජිත සමයේ ඉදිකරන ලද වතු අධිකාරී නිවාස, හරිත වර්ණ තේ වතුයාය ශ්‍රී ලංකාවේ තේ සංස්කෘතියෙහි ජීවමාන සාධකයන්ය වන අතර සංචාරකයින්ට සහ ඡායාරූප ශිල්පීන්ට මෙම දසුන් අමරණීය මතකයන් ඒක් කරයි. මෙන්ම කොන්ඩගල්ල කොටසහෙි සංරක්ෂණය කර ඇති වසර 160ක් පැරණි තේ පඳුරුද මෙහි ගාම්භීර බව තවත් තීව්‍ර කරයි.
ලබුකැලේ තේ අලෙවි මධ්‍යස්ථානය
අඩි 5250ක් ඉහලින් පිහිටි මෙම මධ්‍යස්තානය නුවර නුවර ඒලිය ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති අතර මෙම තේ අලෙවි මධ්‍යස්තානය දම්රෝ සමූහයට අයත් අගලවත්ත වැවිලි සමාගම විසින් කළමානාකරය කරනු ලබයි. වාර්ෂිකව මෙම තේ අලෙවි මධ්‍යස්ථානය සඳහා දහස් ගනනක් දෙස් විදෙස් සංචාරකයින් පැමිණෙති. සාරවත්ව වැඩුණු තේ පඳුරු අතර පිහිටි මෙම ස්තානය තුල නැවුම් තේ දල්ලකින් නැමවුනු තේ කොප්පයක මිහිර විඳ ගැනීමට අවස්තාව ලබා දී ඇත.
ලබුකැලේ තේ කර්මාන්තශාලාව අඩි 5250ක් ඉහලින් පිහිටි අතර මෙහි උස්ම කඳු මුදුන අඩි 6900ක් උස්ව පිහිටා ඇත. ඒමෙන්ම මෙම තේ කර්මාන්තශාලාව කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මගින් පිරිනමනු ලබන යහපත් ආහාර නිශ්පාදනය සඳහා පිරිනැමෙන ත්‍රිත්ව තරු සම්මානය හිමිකර ගත් මධ්‍යම පලාතේ පළමු කර්මාන්ත ශාලාව ද වේ. මෙරට විදේශ විනිමය උත්පාදනයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන ලබුකැලේ වතකුයාය ඔවුන් විසින් නිෂ්පාදනය කරන සෑම තේ කිලෝවක් තුලින්ම සිය වතුයායේ සමාප්‍රදායික උරුම හා ශ්‍රී ලාංකීය අභිමානය ලොවට කියා පායි.




