පසුගියදා නිමාව දුටු 2025 Global Telecoms (Glotel) සම්මාන උළෙලේදී සිය හවුල්කාර ආයතන සමඟ Huawei සම්මාන දිනාගන්නා ලදී. එම ආයතනයන්හි හවුල්කාරීත්වය යටතේ නිර්මාණය කරන ලද සුවිශේෂී AI පදනම් කරගත් විසඳුම් වෙනුවෙන් එම සම්මාන දිනා ගැනීමට ඔවුන් සමත් විය.
මේ යටතේ Safaricom Kenya සමඟ එක්ව BSS/OSS Modernization Excellence Award සම්මානය දිනා ගැනීමට සමත් වූ Huawei, Telkomsel සමඟින් වසරේ පාරිභෝගික සම්මානය ද තමන් සතු කරගන්නා ලදී. එසේම මෙම සම්මාන උළෙලේදී ආරක්ෂක විසඳුම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් Huawei සහ China Mobile ඵදඉසකැ ඉහළ ඇගයීමකට ලක් විය.

Telecoms.com විසින් සංවිධානය කරනු ලැබූ Glotel සම්මාන උළෙල තුලින් සන්නිවේදන කර්මාන්තයේ දියුණුව හා පරිවර්තනය වෙනුවෙන් සුවිසල් දායකත්වයක් දක්වන සමාගම් ඇගයීමට ලක් කරනු ලබයි. මෙහිදී සුවිශේෂී සම්මාන රැසකින් පිදුම් ලබමින් සිය නවෝත්පාදන හා ව්‍යාපාරික විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමට Huawei සමාගමට හැකියාව උදා විය.
මෙහිදී සම්මාන හිමිකර ගනු ලැබූ Convergent Billing System (CBS) මත පදනම් වූ AI බලයෙන් ක්‍රියාත්මක Idea-to-Cash (I2C) සේවාව නිර්මාණය කිරීම සඳහා Safaricom සමාගම Huawei සමඟ එක් විය. එහිදී දත්ත සහිත දීමනා නිර්මාණය කිරීම, ක්ෂණික සේවාව සහ පුද්ගලීකරණය කළ අලෙවිකරණ සේවාවන් සඳහා AI ආකෘති සහ telecom ඩොමේන් භාවිත කිරීමට ඔවුන් කටයුතු කර ඇත. සේවාවෙහි කඩිසර බව ඉහළ නංවමින් අවම කාලයක් තුළ පරිපූර්ණ සේවාවක් ලබා දීමට ඊට හැකි මේ තුලින් අතින් සිදු කරනවාට වඩා 90%ක නිවැරදිතාවක්ද ලබා ගත හැකිය. මෙහිදී I2C- විසින් නිර්මාණය කරන ලද ප්‍රතිලාභ ARPU වර්ධනයට හේතු වූ අතර සාම්ප්‍රදායික ව්‍යාපාරයන් අභිබවා යමින් දෙගුණයක පරිවර්තන අනුපාතයක් සනිටුහන් කිරීමට හැකි වීමද විශේෂත්වයකි. සේවාවන් අඩුවෙන් සැලසෙන සේවාලාභීන් හඳුනා ගැනීම තුලින් මෙන්ම complimentary bundles වැනි විසඳුම් ලබා දීම තුලින් ඩිජිටල් මාර්ගයෙන් එය වාර්තා කිරීමටද හැකි වේ.

මීට අමතරව මිලියන 356කට වැඩි ජංගම දුරකතන සම්බන්ධතා ප්‍රමාණයක් සහිත 125%ක පාරදෘශ්‍ය වෙළෙඳපොලකින් සුසැදි ඉන්දුනිීසියාවේ AI සහිත ඩිජිටල් නිවුන් ව්‍යාපෘතියක් සඳහා Huawei සමඟ Telkomsel අත්වැල් බැඳගෙන සිටියි. Spatio-Temporal Digital Twin සහ Large Language Model capabilities තාක්ෂණයන් භාවිත කරනු ලබන මෙම ව්‍යාපෘතිය ඉහළ යන ශුද්ධ ලකුණු ප්‍රමාණයන් නිරීක්ෂණය සඳහා Self-X විශේෂාංගය සමඟ OSS/BSS හැකියාවන් මෙහිදී භාවිත කරනු ලබයි. ජාල, සේවා සහ නිෂ්පාදන අංශයන්හි සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කර්මාන්තයේ පළමු NPS ඩිජිටල් ව්‍යාපෘතිය ලෙසද මෙය සඳහන් කළ හැකිය. NPS ප්‍රතිඵල 15%කින් ඉහළ නැංවීම, අත්දැකීම්වල ගුණාත්මක භාවය ඉහළ නැංවීමට හේතුවෙන් දත්ත භාවිතය 22%කින් ඉහළ ගිය අතර ARPU වර්ධනය 1.5%කින් වැඩි විය.
Huawei සහ China Mobile එක්ව AI+BOSS වෙනුවෙන් සුවිශේෂී මෙහෙයුම් හා පාලන පද්ධතියක් නිර්මාණය කරනු ලැබුවේ පූර්ව සිදුවීම් වැළැක්වීම, සිදුවීම් පාලන යසහ පශ්චාත් සිදුවීම් ගණනය කිරීම අරමුණු කර ගනිමිනි. ජීවන චක්‍රයන්හි ආරක්ෂාව ඉහළ නැංවීම අරමුණු කරගත් “AI + Data Security” විසඳුමක්ද ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති ඔවුන් දත්ත දැකගත හැකි, පාලනය කළ හැකි හා සොයා ගත හැකි ලෙස විස්තර කිරීමටද මෙහිදී කටයුතු කර ඇත. වෙත වාර්තා කරන ලද සංවේදී දත්ත වර්ගීකරණ සහ නිවැරදි බව (පූර්ව සිදුවීම්) 99කට වඩා ඉහළ අගයක් ගන්නා අතර සාමාන්‍ය මෙහෙයුම්හිදී තත්පර 30කින් අවදානම් විශ්ලේෂණයද, තත්පර 12කින් අධි අවධානම් විශ්ලේෂණයද සිදු කරනුයේ විගණන කාර්යක්ෂමතාව 95%කින් ඉහළ නංවමිනි.
AI තාක්ෂණයේ දියුණුවත් සමඟ නිර්මාණකරුවන්ගේ හැකියාවන් සමඟ තාක්ෂණය මනාව යොදා ගැනීමට හැකි වී ඇති අතර මෙම තාක්ෂණයන් අනුමනය කිරීමට ගෝලීය හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීමට Huawei පියවර ගෙන ඇත. ඒ තුලින් ව්‍යාපාර ස්වයංක්‍රීයකරණය මෙන්ම වර්ධනය ඉහළ නැංවීමටම, පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වේ.




